ලොව යන අත

KGB පුටින්ට ජර්මානු පොලිසියෙන් හැඳුනුම්පතක්!

එහි ඔහුගේ නම සඳහන් කර තිබෙන්නේ “Maj Vladimir Putin” යනුවෙනි.

සෝවියට් යුගයට අයත් පුද්ගලික ලිපිගොනුවක තිබී මෙය හමු වී ඇත්තේ ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් නගරයෙනි.

පුටින්, 1980 දශකයේදී KGB රහස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කළ බව සැවොම දන්නා කරුණකි. ඔහු ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් නගරයේ ද සේවයට යොදවා තිබිණි.

ජර්මනියේ ‘බිල්ඩ්‘ පුවත්පත විසින් මෙම හැඳුනුම්පතේ ඡායාරූපයක් ද පළ කර ඇති අතර, එහි නිල මුද්‍රාවන් ද තිබෙන බව සඳහන් ය. එය 1989 වසරේ අග භාගය දක්වාම වලංගු ව තිබූ හැඳුනුම්පතක් වේ.

මෙය සොයාගෙන තිබෙන්නේ ‘ස්ටාසි‘ ලේඛනාරක්ෂණාගාරයේ තිබියදී ය. ස්ටාසි යනු, පැරණි නැගනෙහිර ජර්මානු සමූහාණ්ඩුවේ රාජ්‍ය ආරක්ෂක සේවයයි. එය Stasi Records Agency හෝ BStU යනුවෙන් හැඳින්වේ.

ස්ටාසි ලේඛාරක්ෂණාගාරය

මෙම ස්ටාසි ලේඛනාරක්ෂණාගාරයේ ප්‍රධානියා සඳහන් කරන්නේ මෙම කාඩ්පත තිබෙන විට පුටින් ට කිසිදු අවහිරයකින් තොරව ස්ටාසි කාර්යාලවලට පිවිසීමට හැකියාව ලැබුණු බවයි. එසේම රහස් ඒජන්තයන් බඳවා ගැනීමට ද මෙමගින් පහසු වේ. එයට හේතුව වන්නේ, මෙම හැඳුනුම්පත තිබෙන විට තමන්ගේ KGB සම්බන්ධය ඔහු විසින් පැවසිය යුතුව නැති නිසා ය.

පුටින්ට මේ ආකාරයේ ස්ටාසි හැඳුනුම්පතක් තිබූ බව ක්‍රෙම්ලිනය පිළිගෙන නැති අතර, එම පුවත ප්‍රතික්ෂේප කර ද නැත. ‘‘ඒ සෝවියට් යුගයේ කේජීබී සහ ස්ටාසි, සහෝදර සේවාවන් සේ කටයුතුකළා. ඒ නිසා මේ අන්දමින් හැඳුනුම්පත් හුවමාරු කර ගැනීමට නීතියෙන් ඉඩ ලැබෙන්න ඇති“ යැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

රුසියානු නායකයා බවට පසු කලෙක පත්වූ ව්ලැදිමීර් පුටින් ඩ්‍රෙස්ඩෙන් හි ගත කළ රහස් ජීවිතය පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙන්නේ මද වශයෙනි. 1980 දශකයේ මැද භාගයේදී පුටින් ඩ්‍රෙස්ඩෙන් නුවරට පැමිණි බව සඳහන් ය. ඒ, කේජීබී සංවිධානය වෙනුවෙන් සිය ප්‍රථම රාජකාරිය ඉටු කරන්නට ය.

Russia Beyond

Big Think

1989 අගභාගයේ, එනම් දෙසැම්බර් 5 වැනිදා පුටින් රුසියාවට දුරකථනයෙන් කතා කර ඇත. ඒ, KGB මූලස්ථානය වටලෑම සඳහා පිරිසක් පැමිණ සිටි හෙයින් ඔවුන්ට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ උපදෙස් ලබාගැනීමට ය.

නමුත් ඒ අවස්ථාවේදී ‘රුසියාව නිහඬව සිටියා‘ යැයි පුටින් පසුව සිය චරිතාපදානයක සඳහන් කර ඇත.

මෙම පිරිස විසුරුවා හැරීමට පුටින් කටයුතු කර තිබෙන්නේ උපක්‍රමශීලී ලෙස ය. ඔවුන් KGB ද්වාරය පසුකිරීමට සූදානම් වුවහොත් සියලුම දෙනාට වෙඩි කෑමට සිදුවන බවට ඔහු පුරසාරම් කියා තිබේ. මේ වන විට සෝවියට් සංගමය පමණක් නොව නැගෙනහිර හා බටහිර ජර්මනිය ද දෙදරා ගොස් තිබිණි. නැගෙනහිර හා බටහිර ජර්මනිය දෙකඩ කළ බර්ලින් තාප්පය බිඳ දමා ගත වී තිබුණේ මාසයකත් නොඅඩු කාලයකි.

ස්ටාසි ලේඛනාරක්ෂණාගාරයේ වෙනත් ප්‍රකට රුසියානු නිලධාරීන්ගේ හැඳුනුම්පත් ද දැකගන්නට ලැබේ. පුටින් සමග එකට KGB වෙනුවෙන් ඩ්‍රෙස්ඩෙන් නුවර සේවය කළ නිකොලෙයි තොකරෙව් සහ සෙර්ගෙයි කෙමසොව් මේ අතර වේ. මේ දෙදෙනාගෙන් නිකොලෙයි තොකරෙව් මේ වන විට රුසියාවේ ගමනාගමන ඒකාධිපතිත්වය දරන ට්‍රාන්ස්නෙෆ්ට් හි ප්‍රධානියා ය.  සෙර්ගෙයි කෙමසොවව් රුසියාවේ ප්‍රකට ආයුධ නිෂ්පාදකයෙකු වන රොස්ටෙක් හි ප්‍රධානියා ය. ඔවුන් දෙදෙනා කෙරෙහිම පුටින් තවමත් දැඩි විශ්වාසයක් තබන බව ද පෙනී යයි.

KGB හෙවත් Komitet gosudarstvennoy bezopasnosti (Committee for State Security), 1954 වසරේ සිට 1991 වසරේ විසුරුවා හරින තෙක් රුසියාවේ ප්‍රධාන බුද්ධි අංශය වශයෙන් කටයුතු කළේය. පසු කලෙක රුසියාවේ ජනාධිපති වූ පුටින් ‍KGB හි කළේ කුමක්ද? බොහෝ වාර්තාවලට අනුව එය අදට ද රහසකි. විශ්වාස කෙරෙන්නේ වෙනත් රටවල බුද්ධි අංශ මෙහෙයුම් අඩපණ කිරීම සහ, සෝවියට් සංගමයේ දේශපාලන විසම්මුතිකයන් කෙරෙහි ඇස ගසා ගෙන සිටීම කෙරෙහි ඔහු විශේෂඥයෙක් බවයි.

1991 වසරේ වැඩ නිම කළ බව කීවත් KGB සංවිධානය තවමත් ජීවතුන් අතර සිටින බවට සාක්ෂි බොහෝ ය. අතීතයේ KGB නිලධාරීන් වශයෙන් කටයුතු කළ විදේශිකයන් අදට ද රුසියාවේ දැඩි නිරීක්ෂණයට හසු වේ. එංගලන්තයේදී 2018 වසරේ පෝලෝනියම් විකිරණශීලී මූලද්‍රව්‍යය ආසාදනය වීමෙන් දැඩි ලෙස රෝගාතුර වූ ඇලෙක්සැන්ඩර් ලිට්වින්කෝ හිටපු KGB ඔත්තුකරුවෙකි. එපමණක් නොව එංගලන්තයේ සැලිස්බරි හි දී දැඩි ලෙස රෝගාතුර වූ ස්ක්‍රිපාල් ද හිටපු KGB ඔත්තුකරුවෙකි.

Daily Express

මේ ගතවන්නේ රුසියාව තවමත් ලෝකය පුරා සිය චර පුරුෂ සේවය ප්‍රබල ලෙස සිදුකරමින් සිටින බව සනාථ වෙමින් යන සමයකි. රුසියාව යකඩ හස්තයකින් පාලනය කරන පුටින්, තමන් KGB ඔත්තුකාර තරුණයෙකුව සිටි සමයේ බිඳී ගිය සෝවියට් දේශය යළි තමන් යටතට ගැනීමේ න්‍යායපත්‍රයක ද නියැළෙමින් සිටියි. ක්‍රිමියාව යටත් කර ගැනීම එහි එක පියවරකි. එයට අමතරව, චීනය මෙන්ම රුසියාව ද, ලොව පුරා ඇසට නොපෙනෙන තාක්ෂණික යුද්ධයක නිරත වෙමින් අලුත්ම සටන් පෙරමුණු නිර්මාණය කරගෙන තිබේ. රුසියාව අද වන විට චීනයට නොදෙවෙනි චරපුරුෂ රාජ්‍යයකි.

Share

Recent Posts

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

21 mins ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

10 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

10 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

13 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

15 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

16 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

16 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

22 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

23 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

2 days ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago