කාලීන

අඩුම කාලයක් බලයේ සිටි නායකයා ලෙස වාර්තාවක් තබමින් මැලේසියානු අගමැති ඉල්ලා අස්වෙයි

ඒ, පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට අසමත් වීමත් සමග ය.

74 හැවිරිදි ඔහු බලයේ රැඳී සිටීමට සමත් වූයේ මාස 18කටත් වඩා අඩු කාලයකි.

ඒ අනුව මැලේසියානු ඉතිහාසයේ අඩුම කාලයක් බලයේ රැඳී සිටි පාලකයා බවට ඔහු පත් වේ.

තමන්ගෙන් සිදුවූ අඩුපාඩුවලට සමාව ඉල්ලා සිටි අගමැතිවරයා, ‘බලයේ කෑදරකමින් සිටිනවුන්‘ වෙත මේ පිළිබඳ දෝෂාරෝපණය එල්ල කළේය.

මැලේසියානු රජු විසින් ඔහුගේ ඉල්ලා අස්වීම භාරගෙන ඇත්තේ, අලුත් මහමැතිවරණයක් වෙත රට ගෙන යමිනි.

පක්ෂයේ අන්තර්වාර නායකයා වශයෙන් තවදුරටත් කටයුතු කරන ඔහු, මීළඟ අගමැතිවරයා පත් කර ගන්නා තෙක් භාරකාර නායකයා ලෙස ද කටයුතු කරනු ඇත.

කෙසේ නමුත්, ඉල්ලා අස්වෙමින් මැලේසියානු අගමැතිවරයා කළ ප්‍රකාශය, ආසියාවේ බොහෝ රටවල නායකයන්ට සිය බලකාමය ගැන ලැජ්ජාවක් ඇති කරනු ඇත.

‘‘මම කිසිමදාක රටේ සම්පත් හොරකම් කරන්න බලය පාවිච්චි කරන්නෙ නෑ. අධිකරණයේ ස්වාධීනත්වයට අත තියන්නෙ නෑ. ඒ වගේම ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටුපාන්නෙ නෑ..මම බලයෙ තවදුරටත් හිටියොත් සිද්ධ වෙන්නෙ ඒව කරන්න…‘‘ යැයි වෙනත් කරුණු අතර ඔහු අවධාරණය කළේය.

 

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

10 mins ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

7 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

8 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

9 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

10 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

10 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

24 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago