ගොසිප්

“Mamma Mia” හි දියණිය සහ මවගේ අහඹු හමුව!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): “Mamma Mia” හි මව සහ දියණියගේ චරිතාංඟ තුළින් Sophie සහ Donna ලෙස කරළියට ආ “Amanda Seyfried සහ Meryl Streep” 2024 ගෝල්ඩන් ග්ලෝබ්ස් හි රතු පලස මත දුටුවන් කාගේත් ඇස ගැටිණි.

Meryl Streep, Only Murders in the Building හි ඇයගේ සහය භූමිකාව සඳහා 2024 ගෝල්ඩන් ග්ලෝබ් නාමයෝජනා අතරට තේරි පත්විය.

81 වැනි වාර්ෂික ගෝල්ඩන් ග්ලෝබ් උළෙලට පෙර රතු පලස මත නැවත එක් වූ 74 හැවිරිදි Meryl Streep, ඡායාරූප සඳහා පෙනී සිටින 38 හැවිරිදි Amanda Seyfried දැක ඇය වෙත පැමිණ ඇයව පුදුම කරමින් ඡායාරූප සඳහා ද පෙනී සිටියාය.

මේ සිඳුවීමත් සමඟ සතුට ඉහවහා ගිය Seyfried, කෑ ගැසූ අතර, Streep විසින් Seyfried ට ඉවතට යාමට පෙර හිස මතට ඉක්මන් හාදුවක් ලබා දීම ද කැමරා කාචයේ සටහන් විය.

Seyfried, 2008 දී මුල් “Mamma Mia” සහ 2018 එහි අනුප්‍රාප්තිකය වූ Mamma Mia! Here We Go Again යන දෙකෙහිම රඟපෑවේය. මෙම නිර්මාණ දෙකම ABBA හි සංගීතයෙන් ආභාෂය ලබා ඇත.

වසර ගණනාවක් තිස්සේ රසිකයන් තුන්වන කොටසක් බලාපොරොත්තුවෙන් කෑගසමින් සිටින අතර, නිළියන් දෙදෙනාම ඒ සඳහා උද්‍යෝගයෙන් සිටින බවක් දක්නට ලැබිණි.

Share

Recent Posts

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

27 mins ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

1 hour ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

1 hour ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

2 hours ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

4 hours ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

5 hours ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

14 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

15 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

17 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

19 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

20 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

21 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

1 day ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

1 day ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

2 days ago