සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 16 සිට දකුණු චීනයේ ගුවැන්ඩොං කලාපයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිව ඇති මාරාන්තික ගංවතුර තත්වය මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අවධානමට ලක්කර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ගංවතුර හේතුවෙන් ගුවැන්ඩොං හි අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 110,000 කට වැඩි පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබේ.
මිලියන 127 ක ජනතාවක් වෙසෙන ගුවැන්ඩොං පළාතේ පුලුල්ව පැතිරී ඇති ගංවතුර හේතුවෙන් සහන සේවා සපයන්නන් ඉහළ යන ජලයෙන් සිරවී සිටින නිවැසියන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
චීනයේ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය සහ රටේ වඩාත්ම ජනාකීර්ණ කලාපයක් වන පර්ල් ගංගා ඩෙල්ටා අවට ප්‍රදේශය මෑත වසරවලදී කලාපය වඩාත් තීව්‍ර වැසි සහ දරුණු ගංවතුරකට මුහුණ දී ඇති අතර පර්ල් ගංගා ද්‍රෝණියේ අවම වශයෙන් ගංගා 44 ක් ඉවුරු පුපුරා යාමේ තර්ජනයට ලක්ව තිබේ.
පළාතේ කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව මේ සතියේ තවදුරටත් අධික වර්ෂාපතනයක් ගුවැන්ඩොං වෙත එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන අතර බොහෝ නගර පාසල් අත්හිටුවා ඇති අතර Guangzhou සහ Shenzhen යන නගරවල ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…