කාලීන

හොලිවුඩය කැළඹූ ලිංගික අපචාර පිළිබඳ #MeToo සමාජ ව්‍යාපාරය බොලිවුඩයටත්

මේ වන විට ඉන්දීය මාධ්‍ය ද මේ සඳහා සිය පූර්ණ අනුග්‍රහය දක්වමින් සිටියි.

ඉන්දියාවේ #MeToo හෙවත් ‘‘මමත් එසේමයි‘‘ යන අදහස සහිත මෙම ස්ත්‍රී විමුක්තිකාමී ව්‍යාපාරය හටගෙන තිබෙන්නේ ට්විටර් රැල්ලක් වශයෙනි. ඉන්දියානු කාන්තාවෝ තමන්ට අතීතයේ සිදුවූ ලිංගික අඩන්තේට්ටම්, අපචාර හෝ අනිසි බලපෑම් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රහසන ශිල්පීන්, මාධ්‍යවේදීන්, ලේඛකයන්, නළුවන් සහ චිත්‍රපටකරුවන් වෙත චෝදනා කරමින් සිටින අතර, කැමැත්ත සහ වරදට සහාය වීම (අපසහායකත්වය) යන්න පිළිබඳ නව සමාජ විවාදයක් ද ඇති කරමින් සිටිති.

ගතවූ දින කිහිපය තුළ මතු වූ මෙම සමාජ මාධ්‍ය රැල්ලේ අලුත්ම චූදිතයා බවට පත්ව තිබෙන්නේ ප්‍රවීන නළු ආලෝක් නාත් ය. මෙයට වසර 20කට පෙර සිදුවූ බව කියන ලිංගික අඩන්තේට්ටමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඔහුට චෝදනා කරන්නේ ඔහු පෙනී සිටි රූපවාහිනී වැඩසටහනේ අධ්‍යක්ෂිකාවයි. ඇය විසින් එක්තරා සිදුවීමක් සම්බන්ධයෙන් ඇගේ ෆේස්බුක් හි තබා තිබූ සටහනක් මගින් මේ ගින්න ඇවිළී තිබේ.

‘‘මම ඒක ප්‍රතික්ෂේප කරන්නේවත් එකඟ වන්නේවත් නැහැ. ඒක (ස්ත්‍රී දූෂණය) සිදු වී තිබිය යුතුයි. නමුත් එය කළේ වෙනත් අයෙක් වෙන්න පුළුවන්“ යැයි ආලෝක් නාත් මේ පිළිබඳ සිය ප්‍රතිචාර දක්වා ඇති අතර, ඉන්දියාවේ රූපවාහිනී නළුවන්ගේ සංගමය මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ද පොරොන්දු වී සිටියි.

මෙම #MeToo ඔක්තෝබර් 4 වැනිදා පටන් කැපී පෙනෙන ලෙස හටගත්තේ එක්තරා සිදුවීමක් සමග ය. ළාබාල ප්‍රහසන ශිල්පිනියක් විසින් ප්‍රවීන ප්‍රහසන ශිල්පියෙකු වන 33 හැවිරිදි උත්සව් චක්‍රබෝර්ති විසින් කළ චෝදනාවක් සමග ය. ඇය පැවසුවේ ඔහු විසින් ඔහුගේ ලිංගික අවයවයේ ඡායාරූපයක් තමන්ට එවා ඇති බව ය. ට්විටර් සමාජ ජාලය ඔස්සේ මේ බව පළ වීමත් සමග මේ හා සමාන සිදුවීම්වලට මුහුණ දුන් තවත් කාන්තාවන් එයට ප්‍රතිචාර දැක්වූහ. ඔවුන් පැවසුවේ එම පුද්ගලයා විසින් එබඳු ඡායාරූප තමන් වෙත එවා ඇති බව සහ, එසේ නොමැති නම් තමන්ගේ නිරුවත් ඡායාරූප ඔහු විසින් ඉල්ලා එවා තිබෙන බව ය.

උත්සව් චක්‍රබෝර්ති| gettyimages-526053702

ට්වීට මාලාවක් මගින් මෙම චෝදනාව එල්ල වූ විට උත්සව් වක්‍රෙබෝර්ති පසුදිනම එයට සමාව ඉල්ලා සිටියේය. එතැන් පටන් බොහෝ කාන්තාවෝ විවිධ පුද්ගලයන්ගෙන් සිදුවූ මෙවැනි සිදුවීම් පිළිබඳ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමට පටන් ගත්හ. එ් සඳහා පෙරමුණ ගත් කාන්තාවන්ගෙන් බහුතරය මාධ්‍යවේදිනියන් බව ද කියැවේ.

මීළඟ දින 3 ඇතුළත #MeToo හෑෂ්ටැගය ද භාවිතා කරමින් කාන්තාවෝ සමාජයේ පිළිගත් ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවන්ට, ජනප්‍රිය ලේඛකයන්ට, චිත්‍රපටකරුවන්ට යනාදී වශයෙන් චෝදනා මාලාවක් එල්ල කිරීම ආරම්භ කළහ.

ප්‍රසිද්ධියේ නම් කිරීම සහ ලැජ්ජාකිරීම ඉන්දියාවේ සිදුවූ ප්‍රථම වතාව මෙය නොවේ. 2017 වසරේදී නීති ශිෂ්‍යාවක්, අපයෝජකයන් යැයි චෝදනා නගමින් පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ දිගු ලැයිස්තුවක් ෆේස්බුක් ගිණුමේ පළ කළාය. එයින් 50 දෙනෙකුට අධික පිරිසක් විශ්ව විද්‍යාල මහාචාර්යවරු වූහ. නමුත් මේ වතාවේ එසේ චෝදනා ඉදිරිපත් කරන්නේ නිර්නාමික අය නොවේ. අසාධාරණයට බඳුන් වූ කාන්තාවන්, නොබියව ඉදිරියට පැමිණ, තම අනන්‍යතාවය ද හෙළි කරමින් පරපීඩකයන් ලැජ්ජාවට පත්කිරීමේ නියැළී සිටිති.

ඉන්දියානු ස්ත්‍රීවාදී ව්‍යාපාරය මෙම අවස්ථාව හඳුනා ගන්නේ කාන්තාවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ගැනීමේ මුල් පියවර ලෙස ය.

මේ වන විට ඉන්දියාවේ දිනපතා පළවන ජාතික පුවත්පත්වල මුල් පිටු මෙම කතාන්දර සහ පුවත්වලින් පිරී ගොස් තිබේ. මෙමගින් ඇති වූ සමාජ ආන්දෝලනය කොතරම් ද යත්, මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කාමරවලට මේවා නොදුටු දෑසින් සිටිය නොහැකි තත්වයක් උද්ගත ව ඇත. එක්තරා ප්‍රධාන පෙළේ ඉන්දීය පුවත්පතක ජ්‍යේෂ්ඨ කර්තෘවරයෙකුට කාන්තාවන් හත් දෙනෙක් විසින් චෝදනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මේ වන විට ඔහු පිළිබඳ විමර්ශනයක් පවත්වන බවට එම පුවත්පත පොරොන්දු වී තිබේ. තවත් ජ්‍යේෂ්ඨ පුවත්පත් කතුවරයෙකුට මෙම චෝදනා නිසා ධුරය අහිමි කළ බව ද එක් ඉන්දියානු පුවත්පතක් ප්‍රකාශ කරයි.

සිය ජ්‍යේෂ්ඨ කර්තෘවරුන් දෙදෙනෙකුට එරෙහිව මෙවැනි ලිංගික අපචාර චෝදනා එල්ල කළ මාධ්‍යවේදිනී සන්ධ්‍යා මෙනන් (Sandhya Menon) ඉන් අනතුරුව ඇය වෙත එවා තිබුණු වෙනත් කාන්තාවන්ගේ පුද්ගලික කතාන්දර ද ඔවුන්ගේ පුද්ගලිකත්වය සුරැකෙන අයුරින් ලෝකය වෙත ගෙන ආවාය.

ජනප්‍රිය හින්දි නළු නානා පටේකාර් ද, මෙයට වසර 10කට පෙර සිදුකරන ලද බව කියන ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් #MeToo හරහා මේ වන විට අපවාදයට ලක් ව සිටියි. තනුශ්‍රී දත්තා නමැති නිළිය විසින් නානා පටේකාර්ට එල්ල කරන ලද මෙම චෝදනා ඉන්දීය සමාජයට අලුත් ප්‍රවෘත්තියක් නොවුණද, #MeToo සමාජ ව්‍යාපාරය හරහා එයට දැන් පෙර නොවූ විරූ පිළිගැනීමක් ලැබී තිබේ. නානා පටේකාර් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඇය ‘බොරුකාරියක්‘ බව ය.

නානා පටේකාර් | gettyimages

මේ අතර කංගනා රනවුත්සහ රාජ්කුමාර් රාහෝ වැනි සුපිරි නළු නිළියන්ගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයෙක් වන විකාස් බාල් වැන්නන් ද මේ වන විට #MeToo රැල්ලේ ගොදුරු බවට පත්ව තිබේ.

අධ්‍යක්ෂ විකාශ් බාල්, කංගනා රනවුත් සහ රාජකුමාර් සමග

රාධිකා අප්තේ සහ ඌෂා ජාධව් වැනි නිළියන්ද මේ වන විටත්, ක්ෂේත්‍රයේ තමන්ට සිදුවූ ලිංගික තර්ජන පිළිබඳ හඬ අවදි කර අවසන් ය.

[embedyt] https://www.youtube.com/watch?v=QqQIXA2n0UQ[/embedyt]

 

කෙසේ නමුත් සෝනම් කපූර් වැනි හින්දි සිනමාවේ ජනප්‍රිය චරිත ද මෙයට සමාන්තරව #MeToo සඳහා සහාය දක්වමින් ට්විටර් පණිවුඩ පළ කරන්නට පටන් ගෙන ඇත.

පොදු ආයතනවල යුක්තිය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් මෙය ‘සිවිල් අසහනයක්‘ දක්වා වර්ධනය වී ඇති බවත්, කාන්තාවන් තමන්ගේ ස්මාට්ෆෝනය, ලැප් ටොප් එක හෝ එවැනි තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරමින් එවැනි අයුක්තීන් ගැන හඬගා කතා කරමින් සිටින බවටත් නීතිවේදීහු අදහස් දක්වමින් කියා සිටිති.

ඉන්දියාවේ #MeToo රැල්ල මේ වන විට ගේට්ටු කඩාබිඳගෙන හමයි. එහි අවසන් ප්‍රතිඵලය කුමක් වනු ඇතිද?

හොලිවුඩයේ හාවි වෙයින්ස්ටයින් (Harvey Weinstein)ට සිදුවූ අන්දමට මෙම චූදිතයන් ද නීතිය ඉදිරියට පැමිණවීමක් සිදුවනු ඇතිද?

මේ වන විටත් ඉන්දියාවේ මෙම පියවර තැබූ කාන්තාවන්ට විවිධ නම්වලින් පෙනී සිටින පුද්ගලයන් විසින් අපහාස නඩු පවරන බව ඇතුළුව සියලුම ආකාරවල තර්ජනයන් එල්ල වෙමින් තිබේ. එහි ප්‍රතිඵලක් ලෙසට ඇතැම් කාන්තාවන් විසින් සිය ට්වීට ඉවත් කර ගෙන ද තිබේ.

ගින්නක් නැතිව දුමක් නොනගින බව සත්‍යයකි. නමුත් සමාජ මාධ්‍ය ජාලා තුළ ගිනි නොමැතිව වුවද දුම් දමන දේ බොහෝ ඇත. අනෙක් අතට ලෝකයේ #MeToo සමාජ ව්‍යාපාරයේ යුක්ති සහගත බව තවදුරටත් ප්‍රශ්නකාරී වන්නේ, නිර්දෝෂී පුද්ගලයන් හෝ කැමැත්ත මත අති සමීප සබඳතාවලට යොමු වූ කාන්තාවන් ද පසුව #MeToo ක්‍රියාකාරිනියන් බවට පත්වීමට තිබෙන ඉඩකඩයි. එනිසා මෙය නැවතත්, අනුමැතිය හෙවත් කැමැත්ත සහ, එකී කැමැත්ත පළ නොකළා නම් ඔවුන්ට අපේක්ෂිත ඉලක්කය වෙත වෘත්තීය ලෙස ළඟා විය හැකිව තිබුණාද යන මූලික ප්‍රශ්නය කරා යොමුවන හෙයිනි. කැමැත්ත පළ කිරීම සහ කැමති සේ හිඳීම යන්නෙන් අදහස් වන්නේ එකමද? අනුමැතිය ලබාගැනීම මගින් බලහත්කාරයක් අදහස් වේද? ලිංගික අනුමැතිය හෝ ලිංගික හිතවත්කම් පළ කිරීමකින් තොරව හුදෙක් සිය දක්ෂතාවය මත ස්ත්‍රියට ක්ෂේත්‍රයේ ඉහළට යාම අකැපද?

ඉන්දියාව මේ ප්‍රශ්න සම්භාරය මේ වන විට #MeToo ස්ත්‍රී ව්‍යාපාරය ඔස්සේ විමසා බලමින් සිටියි.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

4 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

5 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

6 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

7 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

7 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

21 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago