කාලීන

මිහිමත දැවැන්තම මිනිස් එක්රැස් වීම – ‘කුම්භමේලා‘ අද ඇරඹේ.

උතුරු ඉන්දියාවේ අලහබාද් නුවර වැසියෝ ලෝකයේ විශාලතම ආගමික එක්රැස් වීම ලෙස සැලකෙන කුම්භමේලාව ( Kumbh Mela) සැමරීමට යුහුසුළුව සූදානම් වෙති.

එහිදී අවම වශයෙන් මිලියන 15 ක් ජනතාව ගංගා, යමුනා සහ සරස්වතී ගංගාවන්ගේ ගිලී නැහැවීමට නියමිත ය. ඔවුන් විසින් මේ ගංගාවන් හඳුන්වන්නේ ‘ශුද්ධ වූ නදී‘ යනුවෙනි.

අදින් ආරම්භ වන, පුරා දින 49 ක් පැවැත්වෙන මේ උත්සවයේදී මිලියන 120 ක ජනතාවක් අපේක්ෂා කරයි.

මිහිමත මිනිසුන් වැඩිම පිරිසක් ආගමික කටයුත්තක් සඳහා එක්රැස් වන අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙයයි. මේ මිනිස් රැස්වීම, අජටාකාශයට පවා දිස් වේ.

හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මේ ජලයේ ගිලී නෑම මගින් ඔවුන්ගේ පව් සෝදා හැරෙන බවත්, ඔවුන්ට ගැළවීම ළඟා කර ගත හැකි බවත් ය. එක්රැස්වීම යන අරුත දෙන ‘සංගම්‘ යනුවෙන් මේ අවස්ථාව හැඳින්වේ.

එහිදී වර්ණවත් පෙරහැර ඔස්සේ් වැඩම කරන්නේ ‘නාග සාධු‘ ලෙස හැඳින්වෙන පිරිස් ය. ඔවුන් අධ්‍යාත්මික ලෝකයේ ජීවත් වන්නන් බවට විශ්වාස කරයි. ශ්‍රමණයන් හෝ සන්‍යාසියන් වැනි නම්නවලින්ද ඉන්දියානු සමාජයේ ඔවුන් හැඳින්වේ.

මීට පෙර 2013 වසර දක්වා, ඉන්දියානු ජන සමාජයේ කැපී පෙනෙන පිරිසක් බවට පත්ව සිටින සංක්‍රාන්ති ලිංගිකයන් හට කුම්භ මේලා සඳහා සහභාගි වන්නට ඉඩ ලබාදුන්නේ නැත. නමුත් 2013 වසරේ පටන් ඔවුන්ට ද සංගම් සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබේ.

මේ කාලයේදී ඉන්දියාවට ඇදී එන මිලියනකට අධික සංචාරකයන් ද කුම්භ මේලා සඳහා සහභාගි වන ආකාරය දැකගත හැක.

මිහිමත දැවැන්තම මිනිස් එක්රැස් වීම – කුම්භ මේලා සංවිධානය වන්නේ කෙසේද?

කුම්භ මේලා උත්සවය සංවිධානය කිරීම මිහිමත ඇති දුෂ්කරම ‘ඉවෙන්ට් ඕගනයිසිං‘ වැඩය බව කිව හැකිය. වසරකටත් පෙර කාලයක පටන් මෙහි සංවිධාන කටයුතු ආරම්භ වේ.

කුම්භමේලා උත්සවය සෑම වර්ෂයකම පැවැත්වෙන්නේ නැත. මීට පෙර අවසන් වරට එය පැවැත්වුණේ 2016 වර්ෂයේදී ය.

කුම්භමේලා උත්සව භූමියට පැමිණිය හැක්කේ පදිකයන්ට පමණක් නිසා මේ කාලයට මෙම නගර ආශ්‍රිතව අති විශේෂ රථ වාහන සැලසුමක් ද ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ කුම්භ මේලා උත්සවය පවත්වන්නේ අලහබාද් නගරය කේන්ද්‍ර කරගෙන ය. නමුත් ගතවූ දශක දෙක තුළ එය මහා පරිමාණ උත්සවයක් බවට වර්ධනය වී තිබේ.

සන්ග්ලාස් දමාගත් සන්‍යාසියෙක් | GETTY IMAGES

මේ අතර මේ වසරේ කුම්භ මේලා උත්සවය සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දුත්ව රජයෙන් පූර්ණ අනුග්‍රහය ලැබෙතැයි විශ්වාස කෙරේ. ඒ, ගිම්හානයට නියම වී තිබෙන මහ මැතිවරණය ද හේතුවෙනි. කුම්භමේලා උත්සවය පවත්වන භූමියේ අගමැති මෝදිගේ අති දැවැන්ත බිල්බෝඩ්ස් සවිකර ඇති ආකාරය ද මේ අතර දැකගත හැක.

මහජනයාට නවාතැන් ගැනීම පිණිස කුම්භමේලා භූමියේ වර්ග කිලෝමීටර 32 ක් තරම් (වර්ග සැතපුම් 12ක්) විශාල තාවකාලික කූඩාරම් ඉදිකර තිබේ අලහබාද් නුවර කිලෝමීටර සිය ගණන් විහිදෙන අලුත් මහා මාර්ග ද ඉදිකර ඇත. රෝහල්, බැංකු සහ ගිනි නිවන සේවාවන් ද අලුතනේ ස්ථාපිත කර තිබේ. නව වැසිකිළි 120,000 ක් ද ඉදිකරනු ලැබීය.

මේ අතර නව දුම්රිය සේවාවන් ද කිහිපයක් ස්ථාපිත කර ඇති අතර, 30,000 ක පොලිස් සහ පැරා මිලිටරි භට පිරිසක් ද සේවයේ යොදවා ඇත්තේ පිරිස් පාලනය සඳහා ය.

තාවකාලික කූඩාරම් | BBC

විවිධ පෙරහැර ද කුම්භමේලාවේදී වීිදි සංචාරය කිරීමට නියමිත ය. ඒ අතර ඇතුන්, ඔටුවන් සහ අශ්වයන් සඳහා වෙන් වූ පෙරහැර ද වේ. TD

අද දිනයේ ආරම්භ වන මෙම උත්සවය සහභාගි වීමට පැමිණ සිටි බැතිමතුන් දහස් ගණන් දෙනා ඊයේ දින පටන්ම ඒ සඳහා ශුද්ධ වූ නදී දියේ ගිලී නැහැවෙති. සිය ගණනක් වූ මැටි පහන් දල්වා ඒවා ගංගා නදිය මත පා කිරීම ද ඒ හා සමගාමී ව සිදු වේ.

BBC
කුම්භමේලා භූමියේ අගමැති මෝදිගේ දැවැන්ත බිල්බෝඩ්ස් | BBC

බොහෝ වන්දනාකරුවන් පවසන්නේ තමන් මෙහි පැමිණියේ ‘ගංගානම් මෑණියගේ අඬගැසීමට පිළිතුරු වශයෙන්‘‘ බවයි. මෙම ශුද්ධ වූ නදී දියේ ගිලී නෑමෙන් තමන්ගේ පව් සෝදාහැරෙන බව ඔවුහු විශ්වාස කරති.


කුම්භමේලා සැකෙවින්….

  • ගංගා, යමුනා සහ පුරාවෘත්තවල සඳහන් වන සරස්වතී නදියේ හින්දු භක්තිකයන් ගිලී නෑම වෙනුවෙන් පවත්වනු ලබන ආගමික පූජා උත්සවයකි.
  • මේ වසරේ සති 7 ක් තුළ මෙම උත්සවය සඳහා මිලියන 120 ක් දෙනා සහභාගි වෙතැයි විශ්වාස කෙරේ. මේ අනුව, මිලියන 2.4 ක් දෙනා සහභාගි වන හජ්ජි උත්සවය මෙන් මෙය කිහිප ගුණයකින් දැවැන්ත ය.
  • කුම්භමේලා පවත්වන දිනය, වේලාව හා ස්ථානය තෝරාගනු ලබන්නේ නක්ෂත්‍ර ශාස්ත්‍රෙයනි.
  • පූර්ණ/මහා කුම්භ මේලා උත්සවයක් ද මේ අතර පැවැත්වේ. 2013 වසරේදී මෙය අවසන් වරට පැවැත්විණි. මෙය පැවැත්වෙන්නේ වසර 144කට එක් වතාවකි. ඒ වසෙර් මිලියන 100කට අධික පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.
  • කුම්භමේලා උත්සවයට පැමිණෙන පවුල්වල සාමාජිකයන් අතරමං වීම හා නැතිවීම සාමාන්‍ය දෙයක් වී තිබේ ඒ නිසා 1946 වසරේ පටන් එවැනි අය වෙනුවෙන්ම කඳවුරක් ආරම්භ කර තිබේ.
  • මේ වසරේ එවැනි නැති වූ අය මුණ ගස්වන කඳවුරු 15 ක් සංවිධානය කර ඇති බව වාර්තා වේ. මේවා පරිගණක තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර, මේලා භූමිය පුරාම ඔවුන් විසින් නිවේදන කටයුතු කරයි. ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ එවැනි අතරමං වූ හෝ නැතිවුණු අය පිළිබඳ අප්ඩේට්ස් ද දෙනු ලැබේ.
Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 mins ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

7 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

8 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

9 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

10 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

10 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

24 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago