කාලීන

උතුරු කොරියාවට දකුණේ හාල් කැවෙයි!

සාගතයෙන් පෙළෙන උතුරු කොරියාවට දකුණෙන් සහල් ටොන් 50,000 යැවීමට සැලසුම් කරයි.

දශක කිහිපයකින් ඇතිවූ දරුණුම නියං සායෙන් උතුරු කොරියාව මේ වන විට පීඩා විඳිමින් සිටියි. මේ ඉඩෝරය හා සාගතය තවදුරටත් තීව්‍ර කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ අදූරදර්ශී මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පනවා තිබෙන සම්බාධක විසිනි.

උතුරු දකුණු සාමය වෙනුවෙන්ම දකුණු කොරියාවේ පිහිටුවා තිබෙන unification ministry හෙවත් ඒකාබද්ධ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ‘හැකි ඉක්මනින්‘ මේ සහල් තොගය උතුරු කොරියාව වෙත යැවීමට සැලසුම් කර ඇති බවයි. එම අමාත්‍ය කිම් යියොන්-චුල් ප්‍රකාශ කළේ, ‘‘උතුරු කොරියානු ජනතාවගේ දුක්ඛිත ඉරණම නොසලකා හැරීමට සිය ආණ්ඩවුට හැකියාවක් නොමැති බව‘‘ ය.

මෙම සහල් පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් අධීක්ෂණය කිරීමට ද නියමිත ය.

දකුණ විසින් උතුරේ කුස පිරවීම

දකුණු කොරියාව විසින් උතුරු කොරියාවේ ජීවත් වන සාගින්නෙන් පෙළෙන මිනිසුන්ගේ කුස පුරවන්නට යන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර, අවසාන වතාවට මෙවැන්නක් සිදුවූයේ 2010 වසරේදී ය. නමුත් එවර දේශසීමා හරහා හුවමාරු කර ගැනුණේ සහල් ටොන් 5000 කි. එනම්, මේ වතාවේ එවන් 10 ගුණයක සහල් තොගයක් දකුණ විසින් උතුරට යවනු ඇත.

මීට අමතරව පසුගිය දිනවල දකුණු කොරියාව, උතුරු කොරියාවේ කාන්තාවන් හා දරුවන්ගේ පෝෂණය හා වෛද්‍යමය ආධාර වෙනුවෙන් ද අති දැවැන්ත පරිත්‍යාගයක් සිදු කළේය. එහිදී සියොල් (සෝල්) පාලනය විසින් පවුම් මිලියන 6.3 ක මුදලක් එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු වැඩසටහන් සඳහා ප්‍රදානය කළේය.

පසුගිය සතියේ පළ කරන ලද ජගත් සංවිධාන වාර්තාවකට අනුව, (UN report ) උතුරු කොරියානුවන් මිලියන 10 ක් මේ වන විට පසුවන්නේ උග්‍ර ආහාර අවශ්‍යතාවයකිනි.

South Korea’s unification minister said he cannot “ignore the plight” of North Koreans –
GETTY IMAGES

උතුරු කොරියානුවන් සාගින්නේ පෙළෙන හැටි

එම ජගත් සංවිධාන වාර්තාවට අනුව

  • මේ වසරේදී උතුරු කොරියානුවෙක් කුස පුරවාගෙන්නේ දවසකට ආහාර ග්‍රෑම් 300 කට නොවැඩි ප්‍රමාණයකිනි. එනම් කෑම අවුන්ස 10.5 කිනි.

උතුරු කොරියාව මේ වන විට වසර 37 කින් ඇතිවූ දරුණුතම නියඟයට මුහුණ පා සිටියි. මේ නිසා අස්වනු හානිය ඉතා අධික වී ඇති අතර, මෙය රට පුරාම පොදු තත්වයක් බවට ද පත්ව තිබේ. 2008 වසරෙන් පසු උතුරු කොරියානු වගාබිම්වලින් අවම අස්වනු ප්‍රමාණය වාර්තා වූයේ ද 2018 වසරේදී ය.

මේ අනුව

  • උතුරු කොරියානුවන්ගෙන් 40%ක් උග්‍ර කෑම හිඟයකින් පීඩා විඳිති.
  • රටේ ජනගහනයෙන් 70%ක් යැපෙන්නේ ආහාර සලාක වලිනි.
  • ජගත් සංවිධාන වාර්තාවට අනුව සෑම උතුරු කොරියානුවන් 5 දෙනෙකුගෙන්ම 2 දෙනෙක් මේ වන විට මන්දපෝෂණයෙන් පෙළෙති.
දිනපතා රූපවාහිනී ප්‍රවෘත්තිවල නම් සශ්‍රීක කෙත්වතුවල රූපරාමු පළ වේ. මේවායේ විශ්වාසනීයත්වය ගැන පවතින්නේ බරපතළ සැකයකි. ජනතාව නොසන්සුන් වීම වළක්වා ගැනීමට මෙවැනි දේ කරන බවට විශ්වාස කෙරේ.

1990 දශකයේදීද උතුරු කොරියාව ඉතාම දරුණු නියඟයකින් පීඩා වින්දේය. රටවැසියන් ලක්ෂ ගණනක් මෙහිදී ජීවිතක්ෂයට පත්වූහ.

උතුරු කොරියාවේ නියඟය හේතුවෙන් කෙත්වතු පාළු වී ඇති අයුරු –
GETTY IMAGES
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් 2017 වසරේදී ගොවිපොළක් නරඹන්නට ගොස් –
GETTY IMAGES

උතුරු කොරියාව මිසයිල පරීක්ෂණවල නිරත වන්නේ ඇමරිකාවට පමණක් නොව දකුණු කොරියාවට ද රිදවන්නට ය. වියට්නාම් සමුළුවේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර අසීරුවෙන් ගොඩ නගාගෙන තිබූ හොඳ හිත ද තවදුරටත් බිඳ වැටුණේය. මේ අතර, ඔහු දැන් නැවතත් දකුණු කොරියානු ජනපති මූ ජේ ඉන් මුණ ගැසීම සඳහා සෝල් නුවර බලා යාමට ඉදිරි දිනවලදී සූදානම් වෙයි.

සියලු දේශපාලන බලපුළුවන්කාරකම් සහ කඹ ඇදිලි අතරවාරයේ දකුණු කොරියාව උතුර සමග සාමයට හා සංහිඳියාවට හැකි අයුරින් කැපවී සිටීම සතුටක් බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති. අවසානයේ මේ මරා ගන්නේ කොරියානු යුද්ධයෙන් දෙකඩ වූ තනි රටකි. දේ දෙරටේම ජීවත් වන්නේ කොරියානුවන් නමැති එකම ජන වර්ගයකි.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

14 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

21 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

22 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

23 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

24 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago