ලොව යන අත

ඇන්ඩෘ කුමරු, නිකම්ම ‘ඇන්ඩෘ’ වෙයි – රාජකීය පටි, රැජිනම ගළවයි!

ඒ බ්‍රිතාන්‍ය මහ රැජින විසින් ඇන්ඩෘ කුමරුගේ සියලු රාජකීය නම්බුනාම – තානාන්තර ඉවත් කිරීමත් සමග ය. ඒ අනුව ”his royal highness’ හෙවත් ‘රාජකීය උතුමාණන්’ යන ගරු නාමය තවදුරටත් ඇන්ඩෘ කුමරුට වලංගු නොවේ. ඔහු දැන් නිකම්ම නිකං පුරවැසියෙකි. ඔහුගේ රාජකීය වරප්‍රසාද මෙන්ම හමුදා ගරු නම්බු නාම ද මහ රැජින විසින් ආපසු තමන් වෙත ම පවරාගෙන ඇත.

ඇන්ඩෘ කුමරුට මේ අබග්ගයට මුහුණ දෙන්නට සිදුවූයේ ඊයේ දිනයේ නිව්යෝක් අධිකරණයක් විසින් ඔහුට විරුද්ධව නඩුවක් පැවරීමට නියම කිරීමත් සමග ය. ඒ, වයස අවුරුදු 17 ක දැරියකට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියකට ය. මේ, එප්ස්ටයින් සහ ඔහුගේ මැඩම් වූ ගිස්ලේන් මැක්ස්වෙල් ගේ ‘බාලවයස්කාර දැරියන් ලිංගික වෘත්තිය සඳහා ජාවාරම් කිරීමේ ඉතිහාසගත නඩු තීන්දුවේ ම දිගුවක් ලෙස ය.

ඒ අනුව බැලූ බැල්මට නම් ‘යෝක් හි ආදිපාදවරයා’ගේ පව් පල දීමට පටන් ගෙන තිබේ. මහ රැජින, මේ මහලු වයසට සිය පවුලේ නම්බුව ගැන වද වෙන තත්වයට නැවත වරක් පත්ව තිබේ. ඇගේ මෙම තීරණයට බ්‍රිතාන්‍යයේ ජ්‍යේෂ්ඨයන් රැසක් බලපෑම් කර ඇති බව ද වාර්තා වේ.

මේ අන්දමින් රාජකීය’ වරප්‍රසාද වලින් මුක්ත කරන ලද අප දන්නා රජ පවුලේ අනෙක් සාමාජිකයා ඩයනා කුමරියයි. 1996 වසරේ ඇය ඔටුන්න හිමි චාල්ස් කුමරුගෙන් දික්කසාද වීමත් සමග ඇයට රාජකීය නම්බුනාම සියල්ල අහිමි කෙරිණි. නමුත් ලෝකයට ඇය තවමත් ‘ඩයනා කුමරිය’ම ය.

OTTAWA, CANADA – OCTOBER 29: The Prince And Princess Of Wales During A Visit To Ottawa In Canada (Photo by Tim Graham Photo Library via Getty Images)

මේ අතර, ඇන්ඩෘ කුමරු මේ ඉරණමට මුහුණ දුන් දෙවැන්නා ද නොවේ. වසර 26 ක බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉතිහාසය තුළ රාජකීය නම්බු නාම අහිමි කරනු ලැබූ 5 වැන්නා ඇන්ඩෘ කුමරු ය.

ඇන්ඩෘ කුමරු සමග විවාපත් වී සිටි සේරා ෆර්ගියුසන් නොහොත් යෝක් හි ආදිපාදවරිය ද 1996 වසරේදීම කුමරුගෙන් දික්කසාද වන්නේ සිය රාජකීය ගරු නම්බු නාම අහිමි කර ගනිමිනි.

1996- සේරා ෆර්ගියුසන් නොහොත් යෝක් හි ආදිපාදවරිය

2020 වසරේදී හැරී කුමරු සිය ආදරිය වූ මෙගන් මර්කෙල් වෙනුවෙන් රාජකීය නම්බුනාම පමණක් නොව රජ පවුල ද අතහරිමින් එංගලන්තය ද හැර දා ගියේය.

2000 – හැරී කුමරු සහ මෙගන් මර්කෙල්

ඉතින්, මෙයින් ඇඟවෙන්නේ කුමක්ද? ‘කුමාරකම’ ඉවත් කළ පමණින් ඇන්ඩෘ කුමරු සාමාන්‍ය පුරවැසියෙකු බවට පමණක් පත් වේද? ‌කොහෙත්ම නැත. ඩයනා කුමරියගේ දික්කසාද නඩුව යනු සිවිල් නඩු කටයුත්තකි. එයට වඩා, බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක් කළ ඇන්ඩෘ කුමාරයා ‘අපරාධයක්’ කර ඇති බව පෙනුණත්, නිව්යෝක් විනිසුරුවරයා නියෝග කර තිබෙන්නේ ඔහුට එරෙහිව ‘සිවිල් නඩුවක්’ නොව අපරාධ නඩුවක්ම පවරන්නට ය. ඒ අනුව ඇන්ඩෘ කුමාරයා ඩයනා කුමරියගේ අහලකින්වත් තැබිය නොහැකි තරම් බරපතළ අපරාධයක් කර තිබෙන බව ට චෝදනා ලබා ඇති බව පෙනේ.

කොහොම නමුත් ඇන්ඩෘ කුමාරයා මහ රැජිනගේ දෙවැනි පුතා ය. එය ඉතා ළඟ සම්බන්ධයකි. එනිසා ඔහු තවදුරටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ට හිමි වරප්‍රසාද ගණනාවක් භුක්ති විඳිනු ඇත්ද? මහ රැජිනගේ ප්‍රකාශයත් සමග ඔහුට මේ සියල්ල අහිමි වන බව දැනට කිව හැක.

පහත දැක්වෙන්නේ රජ පවුලේ සාමාජිකයෙකු වශයෙන් ඇන්ඩෘ කුමාරයාට අහිමි වන ප්‍රධාන රාජකීය වරප්‍රසාදයන් කිහිපයක් පිළිබඳ කෙටි විග්‍රහයකි.

රජ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගත නොහැක!

සිවිල් නඩු කටයුතුවලදී රජ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගත නොහැක. තවද මහරැජින සිටින අවස්ථාවකදී අපරාධ වරදක් සඳහා වුවත් රජ පවුලේ සාමාජිකයන් ව අත්අඩංගුවට ගත නොහැක. අදාළ සාමාජිකයා සිටින්නේ රජ මාළිගයක් තුළ නම් එවිට ද අත්අඩංගුවට ගැනීම සිදුකළ නොහැක.

2019 වසරේදී පිලිප් කුමාරයාගේ රිය අනතුර සම්බන්ධ‌ සිද්ධියේදී, අවසානයේ පොලිසියට සිදුවූයේ ‘අවවාද’ කර නික්ම යන්නට ය. පිලිප් කුමරු අධි වේගයෙන් වාහන පදවන්නෙකු ලෙස ප්‍රකට අතර, එම අනතුරෙන් දෙදෙනෙකුට තුවාළ සිදුව තිබිණි. අවසානයේදී ඔහුට විරුද්ධව අපරාධ නඩු නොපැවරුණු අතර, දෙදිනකට පසු ඔහු නැවත වරක් රිය පදවමින් සිටින අන්දම දැක ගන්නට ලැබිණි. එවර ඔහු රිය පදවමින් සිටියේ සීට් බෙල්ට් ද නොමැතිව ය!

රාජකීයයන්ට ‘තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ නීති’ අදාළ නැත!

මෙය බ්‍රිතාන්‍යයේ තොරතුරු නිදහස පිළිබඳ පනතේ ඇති දුර්වලතාවයකි. මෙනිසා, බ්‍රිතාන්‍යයේ මහජන අරමුදල්, මාළිගාවේ විය හියදම් සඳහා වැය කරන්නේ කෙසේද යන්න මහජනතාවට නීත්‍යානුකූල ලෙස දැනගැනීමට මගක් නැති වී තිබේ.

රාජකීයයන් බදු ගෙවීමෙන් මුක්ත වේ

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් බදු ගෙවිය යුතු නැත. ආදායම් බදු, උපයන විට ගෙවීම් බදු, ප්‍රාග්ධන බදු යනාදී කිසිවක් ඔවුන්ට අදාළ නොවේ. මහජනතාව අතරින් මේ පිළිබඳ නැගෙන මැසිවිලි අවම කරගැනීම සඳහා රජ පවුලේ ඇතැම් සාමාජිකයෝ ස්වෙච්ඡාවෙන් බදු මුදල් ගෙවති. කෙසේ නමුත් මෙසේ බදු ගෙවීම, අනිවාර්ය කාරණයක් නොවේ.

මේ අනුව කෙටියෙන් පවසන්නේ නම්, ඇන්ඩෘ කුමාරයා මින් ඉදිරියට මහ රැජින ඉදිරියේ සිටියත්, රජ මාළිගයක සිටියත් අත්අඩංගුවට ගත හැකි අතර, මහජනතාවට ඇන්ඩෘගේ විය හියදම් ගැන තොරතුරු දැනගැනීමට අයිතිය ලැබේ. තවද ඔහු මින් ඉදිරියට ‘ප්‍රයිවෙට් සිටිසන්’ හෙවත් පුද්ගලික පුරවැසියෙකු ලෙස රජයට බදු ද ගෙවිය යුතු වේ.

මේ කාරණා 3 අතරින් බොහෝ දෙනෙකු දැන් විමසිලිමත් වන්නේ ඇමරිකාවේදී පැවරෙන නඩුව වෙනුවෙන් ඇන්ඩෘ කුමාරයාව අත්අඩංගුවට ගන්නේද යන්න ගැන ය.

පෙර ලිපි

Share

Recent Posts

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

5 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

6 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

8 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

10 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

11 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

11 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

18 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

18 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

1 day ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago