Politics

පුටින්ට මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක්

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 87%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පස්වන වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

පුටින් හා තරඟ වැදී කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයන තිදෙනාගෙන් කිසිවෙකු බරපතල අපේක්ෂකයින් නොවූ අතර නිකොලායි කරිටොනොව් ඡන්ද වලින් 4% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත් අතර ඔහුගේ සෙසු අපේක්ෂකයින් ඊටත් වඩා අඩු විය.

මේ සම්බන්ධයෙන් විචාරකයන් සඳහන් කර තිබුණේ, පුටින්ගේ දැඩි විවේචකයකු වූ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මිය යාමත් සමඟ පුටින්ට විරුද්ධවාදීන් එක්කෝ සිරගත කර ඇත, නැතහොත් පිටුවහල් කර ඇත, නැතහොත් ඔවුන්ගේ ජීවිත අහිමි වී ඇත යනුවෙනි.

දින තුනක් පුරා පැවති ජන්දය සම්බන්ධයෙන් OVD-Info නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ අවම වශයෙන් රුසියානුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඡන්දය නිදහස් හෝ සාධාරණ නොවන බව හෙළා දැකීමට බටහිර රටවල්වන ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය ඇතුළු රටවල් ප්‍රකාශ කර ඇති අතර ජර්මනිය එය හැඳින්වූයේ වාරණය, මර්දනය සහ ප්‍රචණ්ඩත්වය මත යැපෙන ඒකාධිපති පාලකයෙකු යටතේ ව්‍යාජ මැතිවරණයක් වශයෙනි.

කෙසේ නමුත් පුටින්ගේ ජයග්‍රහණය එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාවල වාර්තා වුයේ ව්ලැඩිමීර් පුටින්ගේ චරිතය වටා ඇදහිය නොහැකි මට්ටමේ සහයෝගයක් සහ එකමුතුවක් ගොඩනැගී ඇති බවයි. මෙවර පුටින් ලබා ගත් සය වසරක නව ජනාධිපති ධුර කාලයත් සමඟ ඔහු රුසියාවේ වැඩිම කලක් ජනාධිපතිධුරය හෙබවූ නායකයා ලෙස ජෝසප් ස්ටර්ලින් අභිබවා යනු ඇත.

Share

Recent Posts

IBRAHIM RAISI මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”!

. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…

14 hours ago

ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…

16 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

18 hours ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

19 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

19 hours ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

19 hours ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

21 hours ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

22 hours ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

1 day ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

1 day ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

1 day ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

2 days ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

2 days ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

2 days ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

2 days ago