කාලීන

සුවඳ විලවුන් බෝතලයක සැඟවූ නොවිචොක් ප්‍රහාරයේ සුලමුල

එංගලන්තයේ සැලිස්බරි ප්‍රදේයෙන් පසුගියදා වාර්තා වූ නොවිචොක් ස්නායු විෂ එල්ල කිරීමේ සිදුවීම සඳහා රුසියානුවන් දෙදෙනෙකු චූදිතයන් වශයෙන් හඳුනාගෙන ඔවුන්ට නඩු පැවරීමට බ්‍රිතාන්‍යයේ කීර්තිමත් MI5 රහස් ඔත්තු සේවය කටයුතු කරමින් සිටියි. MI5 බුද්ධි අංශය විසින්  මෙම පුද්ගලයන් දෙදෙනා GRU හෙවත් ‘‘රුසියානු හමුදා බුද්ධි අංශ සේවයේ‘ නිලධාරීන් බව ද හෙළිකර ගෙන තිබේ.

ඔවුන් වන්නේ ඇලෙක්සැන්ඩර් පෙත්රෝ සහ රුස්ලාන් බොෂිරොව් ය.

independent.co.uk

මේ අනුව මෙම මෙහෙයුම රුසියානු රජයේ අනුදැනුම මත සිදුවන්නට ඇති බවට ද සාධාරණ සැකයක් පහළ වේ. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද ඒ පිළිබඳ යම් ඉඟි කිරීමක් සිදුකළ නමුත්, රුසියානු ජනාධිපති පුටින් එයට වගකිවයුත්තා යැයි සෘජු ලෙස නම් කිරීමට යම් මැලිකමක් දැක්වූවාය.

රුසියානු හමුදා බුද්ධි අංශයේ පළිගැනීම

මෙම සැලිස්බරි ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ සෙර්ගෙයි ස්ක්‍රිපාල් ද GRU හෙවත් රුසියානු හමුදා බුද්ධි අංශ සේවයේ අතීතයේ සේවය කළ අයෙකි. වසර දහයකට වඩා වැඩි කාලයක් එහි සේවය කළ ඔහු, පසුව GRU තරහ කර ගන්නේ එම බුද්ධි අංශ රහස් MI16 වෙත ලබාදීමට පටන් ගත් හෙයිනි. එම තොරතුරු යුරෝපයේ සිටින රුසියානු ඔත්තුකරුවන් සම්බන්ධයෙනි. MI6 යනු බ්‍රිතාන්‍ය හමුදා ඔත්තු සේවයේ අංශයකි. මේ අනුව තමන්ට ද්‍රෝහි වූ සගයා වෙනුවෙන් රුසියානු හමුදා බුද්ධි අංශය අවසානයේ ඔහුට දරුණුම දඬුවම ලබාදීමට තීරණය කර ඇති බව පෙනේ.

සෙර්ගෙයි ස්ක්‍රිපාල් 2006 වසරේදී මේ සඳහා රුසියාවට ගොස් දඬුවම් වින්දේය. 2006 වසරේදී ඔහුට වසර 13 ක සිර දඬුවමක් නියම විය. නමුත් එයින් වසර 4කට පසු රුසියාව විසින්ම ඔහුට නිදහස ලබාදෙයි. ඉහළ මට්ටමේ රහස් ඔත්තු සේවා නිලධාරීන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් යටතේ ඔහුට බ්‍රිතාන්‍යය බලා ඒමට හැකි වේ. එතැන් පටන් ස්ක්‍රිපාල් සිතුවේ තමන් නිදහස් මිනිසෙකි කියා ය. එසේම තමන් විසින් රහස් ලබාදුන් බ්‍රිතාන්‍ය පොළොවේදී තමන් ආරක්ෂිත ය කියා ය. ස්ක්‍රිපාල් සිර දඬුවම නියමිත ආකාරයෙන් වින්දා නම් ඔහු 2019 වසර වන තෙක්ම ගත කළ යුතු වූයේ සිර මැදිරියේ ය. එසේ නොවී වසර 4 කින් ඔහු ව රුසියාව විසින්ම නිදහස් කළේ, ඔහු බ්‍රිතාන්‍යය බලා එන බව දැනගෙන, බ්‍රිතාන්‍ය පොළොවේදීම ඔහුට සහ ඔහුගේ දියණියට අමතක නොවන පාඩමක් උගන්වන්නටද?

බ්‍රිතාන්‍යෙය්දී ස්ක්‍රිපාල් හට නව අනන්‍යතාවයක් සහ රහස් නිවසක් ලබා දෙන්නට යෝජනාවක් තිබී ඇත. නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ස්ක්‍රිපාල් සැලිස්බරි හි තම නිවසේ, තම නියම නමින්ම සාමකාමී ජීවිතයක් ගත කිරීමට තෝරාගෙන තිබිණි.

සෝවියට් සංගමය විසින් නොවිචොක් නමැති ස්නායු විෂ මුලින්ම නිපදවනු ලැබුවේ 1980 දශකයේදී ය. ෆොලියන්ට් නමැති රහස් කේත නාමයෙන් මෙය ඉතා සුළු ප්‍රමාණයෙන් නිපදවා තිබේ. ඔවුන් මෙසේ කටයුතු කරන්නේ රසායනික අවි සම්මුතියට සපුරා පටහැණිව කටයුතු කරමිනි. මේ අතර මේ වසරේ මුල බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලය අනාවරණය කර ගත්තේ සෙර්ගෙයි සහ ඔහුගේ දියණිය යුලියා ස්ක්‍රිපාල් පිළිබඳ රුසියාව, අවම වශයෙන් වසර 5 ක් මුළුල්ලේ ඇස ගසාගෙන සිට ඇති බවයි. අනතුරුව හිටි හැටියේම මේ තාත්තා සහ දුව පසුගිය මාර්තු මාසයේ අනපේක්ෂිත ලෙස මරණාසන්න වූහ. ඔවුන්ට නොවිචොක් ස්නායු විෂ ශරීරගත වූ බව අනාවරණය වූයේ ඉන් පසුව ය.

මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ රුසියාව හැර දමා ආවද ස්ක්‍රිපාල් ව දිගින් දිගටම රුසියාවේ සතුරෙක් වශයෙන් හඳුනාගෙන සිටි බවට ය.

පසුගිය මාර්තු 4 වැනිදා ස්ක්‍රිපාල්ගේ නිවසේ ඉදිරි පස දොරේ නොවිචොක් ගැල්වීමෙන් පැය කිහිපයකට පසු මෙම සැකකරුවන් දෙදෙනා මොස්කව් බලා පිටත්ව ගොස් තිබේ.

සුවඳ විලවුන් බෝතලය සැලිස්බරි සිට අයිල්ස්බරි වෙත යයි!

ස්ක්‍රිපාල්ගේ ඉදිරි පස දොරේ නොවිචොක් ගල්වා තිබෙන්නේ ද විශේෂ ක්‍රමයකට ය. එනම්, විශේෂ අන්දමින් සකස් කළ සුවඳ විලවුන් බෝතලයක නොවිචොක් ස්නායු විෂ බහා තබා ගැනීමෙනි.

අනතුරුව පසුගිය ජූනි මාසයේදී ඩෝන් ස්ට්‍රෘෘගස් සහ චාලි රොව්ලි යන දෙපළ හදිසියේම නොවිචොක් ප්‍රහාරයට නතුවී සැලිස්බරි අවට රෝහලකට ඇතුළත් කළ ආකාරය ඔබට මතකද?

මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ ස්ක්‍රිපාල්ගේ දොරේ තැවරූ නොවිචොක් බහාලූ සුවඳ විලවුන් බෝතලයෙන්ම ඩෝන් සහ චාලි ද විෂ ශරීරගත කරගෙන ඇති බවයි! එයට මාස ගණනකට පසු හමුවූයේ සැලිස්බරි සිට සැතපුම් ගණනාවක් එහා තිබූ අයිල්ස්බරි හි කුණු බක්කියකිනි. මේ දෙපළම දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ය. කුණු බක්කියක් අවුස්සමින් සිටි චාලි රොව්ලි, එම සුවඳ විලවුන් කුප්පිය හමු වූ විට එය ඩෝන් හට දුන් බවත්, ඇය එය ස්ප්‍රේ කරගැනීමෙන් පසු මෙම තත්වයට මුහුණ දුන් බවත් මූලික විමර්ශනවලින් හෙළිවිය. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවන් මෙම සිද්ධි දෙක අතර සම්බන්ධය පිළිබඳ සැක කිරීමට තරම් තීක්ෂණ වූහ.

සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය නොවිචොක් ප්‍රහාරයෙන් යන්තමින් දිවි බේරාගන්නට සමත් වුවද, ඩෝන් සහ චාලි දෙපළ අතරින් ඩෝන් මෙම නොවිචොක් ප්‍රහාරයෙන් දින කිහිපයක් ඇතුළත අවාසනාවන්ත අයුරින් මරණයට පත් වූවාය.

මෙම රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා නීත්‍යානුකූල ගමන් බලපත්‍ර මගින් නිතර නිතර රුසියාවේ සිට එක්සත් රාජධානිය බලා පැමිණි අය ය. මේ වන විට ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව රුසියාව තුළ සිටින බවට සැක පළ කෙරේ.

ඉන්ටපෝල් සහ යුරෝපියානු වරෙන්තු

දැන්, සිය රටට නොවිචොක් ගෙන ආ, මිනිසුන් මරා දමන්නට තැත් කරන රුසියානු රහස් ඒජන්තයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයට කුමක් කළ හැකිද?

Crown Prosecution Service (CPS) හෙවත් බ්‍රිතාන්‍ය අභිචෝදන සේවාවට රුසියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට බලයක් නැත. එනම්, මෙම හඳුනාගත් සැකකරුවන් හෙවත් චූදිතයන් දෙදෙනා රටෙන් පිටමං කරවා (උදර්පණය කර) බ්‍රිතාන්‍යයට ගෙන්වා අපරාධ නඩු පැවරීම සඳහා වරෙන්තු කිරීමට හැකියාවක් නැත. එයට හේතුව, රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රුසියානු ජාතිකයන්ව රටෙන් උදර්පණය කිරීමට අවසර නොදෙන නිසා ය.

ඒ නිසා මේ වන විට ඉන්ටපෝල් සහ යුරෝපියානු වරෙන්තු (European Arrest Warrants) මේ දෙදෙනාට එරෙහිව නිකුත් කර තිබේ. එයින් අදහස් වන්නේ ඔවුන් රුසියාවෙන් කෙදිනක හෝ පිටවුවහොත් එවිට අත්අඩංගුවට ගැනීමට හැකි බව ය.

කෙසේ නමුත් මේ සිදුවීම, බ්‍රිතාන්‍යයේ MI5 බුද්ධි අංශයේ, ලොවටම ආදර්ශයක් දෙන විද්‍යාත්මක විමර්ශන පිළිබඳ කදිම උදාහරණයකි. ඔවුන් විසින් විමර්ශන කටයුතුවලදී පැය එකොළොස්දහසක (පැය 11,000) CCTV දර්ශන නැරඹූහ. අවසානයේ ඇසින් දුටු සාක්ෂි නැතත්, බිඳ හෙළිය නොහැකි පරිවේශනීය සාක්ෂි රැසක් මතුකර ගැනීමට සමත් වූහ.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

11 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

12 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

13 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

13 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago