සෞඛ්‍ය

Sex මොළයට ඔසුවකි! Sex නැරඹීමට ඇබ්බැහි වීම විනාසයකි! – නවතම පර්යේෂණ හෙළි කරයි.

මොළය සක්‍රිය කර ගැනීමට එසේත් නැතිනම් මොළයෙන් වැඩිපුර වැඩ ගැනීමට හැකි හොඳම ක්‍රමය මොළය වැඩි වැඩියෙන් වැඩෙහි යෙදවීම බව සැවොම දන්නා කරුණකි. මොළය වඩවාගන්නා ක්‍රීඩාවන් සහ ඒ සඳහා ඇති අභියෝග යනාදී මේ හැම දෙයකදීම මොළය මූලික වශයෙන් සැලකෙන්නේ ‘මාංශපේශියක්‘ ලෙස ය. ඇතැම්විට මේ කාරණය Sex and Brain functions පිළිබඳ සොයාගැනීම්වලින් වඩාත් තහවුරු වීමට ද ඉඩ තිබේ.

Rutgers University හි ආචාර්ය බැරී කොමිසෝරුක් (Dr. Barry Komisauruk) ගේ පර්යේෂණයේ සොයාගැනීම වන්නේ කාන්තාවන්ගේ සුරතාන්තය මගින් මොළයේ එකිනෙකට වෙනස් කොටස් 30කට රුධිර සැපයුම වැඩි වන බව ය. මොළයට සැපයෙන ලේ ප්‍රමාණය වැඩි වන විට සිදුවන්නේ කුමක්ද? ඔක්සිජන් සහ අදාළ පෝෂණ ද්‍රව්‍ය මොළයේ පටකවලට හොඳින් ලැබීම නිසා මොළය හොඳින් වැඩ කරන්නට පටන් ගැනීමයි. වැඩිපුර ඔක්සිජන් සහ වැඩිපුර පෝෂණය යන්නේ අදහස, වඩාත් නිරෝගී මොළයකි!

‘‘මානසික අභ්‍යාස මගින් මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවා. නමුත් එසේ ඉහළ යන්නේ තෝරාගත් කොටස් කිහිපයක පමණයි. එයට සාපේක්ෂව සුරතාන්තය මගින් සමස්ත මොළයේම ක්‍රියාකාරිත්වය ඉහළ නංවනවා‘ යැයි ඇය පවසන්නීය.

ලිංගික කාර්යයන් නිසා මොළයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

Sex ඔබ වඩාත් දක්ෂයෙකු බවට පත් කරවයි.

මේරිලන්ඩ් සරසවිය විසින් සිදුකළ පර්යේෂණයකට අනුව නිතිපතා ලිංගික ක්‍රියාකාරිත්වයේ යෙදීම මගින් ‘නියුරොජෙනෙසිස්‘ (neurogenesis) නමින් හඳුන්වන කාර්යය උත්තේජනය වේ. ජෙනෙසිස් යනු උප්පත්තියයි. එනම් මෙහිදී සිදුවන්නේ නව ස්නායු සෛල හෙවත් නියුරෝන උත්පාදනය කිරීමයි. මෙම පර්යේෂණයේදීම පර්යේෂකයන් තවදුරටත් සොයාගත්තේ නියුරොජෙනෙසිස් ක්‍රියාවලිය උත්තේජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මතක ශක්තිය ද උත්තේජනය වන බවයි. දකුණු කොරියාවේ සෝල් නුවර Konkuk සරසවිය විසින් සිදුකළ තවත් පර්යේෂණයක් මගින් පෙන්වා දෙන පරිදි නිතිපතා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම මගින් නිදන්ගත ආතතිය (chronic stress) නිසා හටගන්නා මතකය අඩු වීමේ බලපෑම් ද ක්‍රමයෙන් අඩු කර දමයි.

“Sexual interaction could be helpful for buffering adult hippocampal neurogenesis and recognition memory function against the suppressive actions of chronic stress.” යනුවෙන් වැඩිහිටි මොළයේ හිපොකැම්සය කෙරෙහි එහි බලපෑම විස්තර වේ.

ස්වයං වින්දනය පවා මෙයට අයත්

එසේ නම් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන ‘ලිංගික ක්‍රියාවන්‘ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? Masturbation ඇතුළු ස්වයං වින්දන උපක්‍රම ද මෙයට අයත් ය. එනම්, තමන් විසින්ම සිදුකරගන්නා ලිංගික ක්‍රියාවන් ද මෙයට අයත් ය.

පමණට වඩා ලිංගික දර්ශන නැරඹීම (excessive porn viewing) මොළයට අහිතකරයි!

ටෙක්සාස් සරසවිය මොළය සහ ලිංගික ක්‍රියාවන් පිළිබඳ සිදුකළ අධ්‍යයනයන් මෙයට සාක්ෂි සපයයි. නමුත් මෙම පර්යේෂණයට අනුව pornography addictions එනම්, නිරුවත් දර්ශන නැරඹීම හෝ කාම දර්ශන නැරඹීමට ඇබ්බැහි වූවන් අතර සිදුවන්නේ මෙයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිත්වයකි. ඕනෑම ඇබ්බැහියක් මෙන්ම excessive porn viewing හෙවත් පමණට වඩා ලිංගික දර්ශන නැරඹීම මගින් මොළයේ ව්‍යූහයේ නිත්‍ය ව්‍යාධිවේදී වෙනස්කම් සිදුවන බව ද ඔවුහු සනාථ කරති.

ජර්මනියේ Duisburg-Essen සරසවියේ cognitive psychology ආයතනයේ ප්‍රධානී මැතියස් බ්‍රෑන්ඩ් ද මේ බව තවදුරටත් සනාථ කරයි. ඔහු පවසන්නේ මෙසේ ය. ‘‘ලිංගික දර්ශන සහ රූපරාමු නැරඹීමට ඇබ්බැහි වූවන්ගේ මතක ශක්තිය ක්‍රමයෙන් පිරිහෙන බව අප සොයාගත්තා…“

ප්‍රොලැක්ටින් හෝමෝනයේ බලපෑම

ලිංගික කාර්යයකින් පසුව මොළය විසින් ප්‍රොලැක්ටින් හෝමෝනය මුදා හරිනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස ‘ඩෝපමින්‘ නමැති ස්නායු සම්ප්‍රේෂකය රුධිර ධාරාවට මුදා හැරීම සිදු වේ. අප ‘රිලැක්ස්‘ වූ බව, ආතතිය අඩු වූ බව එහි අදහසයි. ලිංගික උත්තේජනයකදී ප්‍රොලැක්ටින් හෝමෝනය ඉටු කරන වැදගත්ම කාර්යභාරය වන්නේ එයයි. ලිංගික කටයුත්තකදී මොළයට 400%ක ප්‍රොලැක්ටින් ප්‍රතිශතයක් මුදා හැරීමට හැකියාව තිබේ.

කෙසේ නමුත් පමණ ඉක්මවා ප්‍රොලැක්ටින් හෝමෝනය මුදා හැරීම, නැවත වරක් අන්තරායකාරී ය. පමණ ඉක්මවා ප්‍රොලැක්ටින් සංයුතියක් ඔබේ රුධිරයේ තිබේ නම් එහි අදහස, ඔබ පමණ ඉක්මවා ලිංගික කාර්යයන් හි නිතර වන බව විය හැකිය.

එනිසා මේ සියල්ලේ අදහස, ‘මද පමණ සෙක්ස්‘ මොළයට හිතකර බව ය.

Share

Recent Posts

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

17 mins ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

11 hours ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

13 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

13 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

16 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

23 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

2 days ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 days ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

2 days ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

2 days ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

2 days ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

3 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

3 days ago