විශේෂාංග

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරි ෂෙමාරා වික්‍රමනායක

2018/19 මූල්‍ය වර්ෂය තුළ ඩොලර් මිලියන 18 ක් ලබා ගනිමින් මැකවරි සමූහයේ ප්‍රධාන විධායක ෂෙමාරා වික්‍රමනයක ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස එම ස්ථානයට පත්වූ පළමු කාන්තාව බවට පත්විය.

ඇය ලංකාවේ උපත ලද්දියක්. ඇය සහ ඇගේ පවුල ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූයේ ඇගේ වයස අවුරුදු 14 දී, ඒ වන විට ඔවුන් සතුව ඉතිරි වී තිබුණේ ඩොලර් 200 ක් පමණි. 57 හැවිරිදි ඇය සහ ඇගේ සහෝදර සහෝදරියන් දෙදෙනා යෞවනයන් ලෙස මෙරටට පැමිණි දා සිට මේ දක්වා ඉතා විශාල සාර්ථකත්වයකට ළගා වී තිබේ.

ෂෙමාරාගේ වැඩිමහල් සොහොයුරිය රොෂානා NSW නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් ලෙස සේවයකරන අතර ඇගේ බාල සොහොයුරා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස බෝරල් හි සදර්න් හයිලන්ඩ්ස් පෞද්ගලික රෝහලේ සේවය කරයි.

ඇගේ පියා රංජි මීට පෙර ඕස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනයට පවසා සිටියේ පවුල ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු සමයේදී ඉහළ වරප්‍රසාද භුක්ති විඳ ඇති නමුත් 1975 දී ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පෙර ඔවුන් දුෂ්කර කාලයක් ගෙවූ බවයි. වික්‍රමානායකවරුන්ගේ ඉතා උගත් නීතිඥයින් සහ බලවත් පුද්ගලයන්ගෙන් පැවත ආ පවුලක් බව ඔහු හියා සිටියේය. රංජි 1958 දී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර එම වසරේම වැඩිදුර පුහුණුව සඳහා ඔහුගේ බිරිඳ අමරා සමඟ ලන්ඩනයට ගියේය.

තරුණ යුවළ එංගලන්තයේ පදිංචි වී පවුලක් ආරම්භ කළහ. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් වූහ. 1960 දී රොෂානා ද සහ ඊළඟ වසරේ ෂෙමාරා ද උපත ලැබීය.

1962 දී, ෂෙමාරා ට වසරක් පිරුණු විට, ඔවුන් ශ්‍රී ලංකාවේ ලංකාවේ පිහිටි සිය නිවසට ආපසු පැමිණියහ.

රංජි කොළඹ මහ රෝහලේ උපදේශක වෛද්‍යවරයෙකු ලෙස බඳවාගෙන ඇත්තේ වයස අවුරුදු 32 දී ය. ඔහුගේ තරුණ කාලයේදීම, ඔහු රටේ හොඳම වෛද්‍යවරුන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස ප්‍රචලිත විය.

මෙම කාලය තුළ ඔහු දියවැඩියාව පිළිබඳ පර්යේෂණ කිරීමට උනන්දුවක් ඇති කළේය. එය පසුකාලීනව ඕස්ට්‍රේලියාවේ දීද භාවිතා කිරීමට ඔහු සමත් විය.

රංජි-අමරා යුවළ ඔවුන්ගේ තෙවැනි දරුවා වන ප්‍රියාන් නම් පිරිමි දරුවෙකු බිහි කළ අතර ඔවුන් ටික කලකට පසු නැවත එංගලන්තයට පදිංචියට ගියහ. ඒ සාර්ථක නීතිඥයෙකු වන රංජිගේ පියාට එරෙහි දේශපාලන නොසන්සුන්තාව සහ පදනම් විරහිත චෝදනා නිසා ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නැවත ලන්ඩනයට යාමට පවුලට බල කෙරුණු නිසාවෙනි.

ෂෙමාරාගේ මාමා මීට පෙර ඒඑෆ්ආර් වෙත පැවසුවේ මුළු පවුලම වරක් ‘ඉතා වරප්‍රසාදිත ජීවිතයක් ගත කර ඇති බවයි … අපට කිසිවක් අවශ්‍ය නොවීය’. නමුත් ඔවුන් එංගලන්තයට පැමිණෙන විට පැමිණියේ කිසිවක් නැති පවුලක් වශයෙනි.

රංජිට ලන්ඩනයට පැමිණි දෙවන වර වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවක් සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. ඔහු වෙනත් වෛද්‍යවරුන්ගේ කාරයභාර්‍ය වලට සහය ලබා දීමට සති කීපයක් බර්මින්හැම් වෙත පැමිණියේය. එහිදී ඔහු සඳුදා සිට සිකුරාදා දක්වා රෝහල් නිල නිවාසවල නිදාගත්තේය.

ඉතින් 1975 දී රංජි තම පවුලේ අනාගතය ගැන තීරණයක් ගන්නට විය. ඒ අනුව ඔවුන් සිඩ්නි නුවරට සංක්‍රමණය වූ අතර එහිදී ඔහුට රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේ අර්ධකාලීන රැකියාවක් ලබා දෙන ලදී. ඔවුන් පැමිණෙන විට ඔවුන් සන්තකයේ තිබුණේ ඩොලර් 200 ක මුදලකි. “1970 දී අපට සියල්ල අහිමි වූ අතර අපි නැවත ජීවිතය ආරම්භ කළෙමු,” රංජි මීට පෙර AFR වෙත පැවසීය. ‘අපි සිඩ්නිවලට පදිංචියට යන විට අපි සියල්ල නැවත ආරම්භ කළා.’

රෝස් බේ වරායේ උපනගරයේ පිහිටි ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීම සඳහා මුදල් එකතු කරනු වස් ඔවුන් ඒ නිවස මාස හයකට කුලියට ගත්තේය. එතැනින් ආරම්භ කළ ඔවුන්ට සිඩ්නි වරායට ඉහළින් පිහිටි වෝක්ලූස් හි තවත් නිවසක් මිලදී ගැනීමට හැකි විය.

ෂෙමාරා සහ ඇගේ සහෝදරිය වසරකට ඩොලර් 34,000 ක් ගෙවිය යුතු පාසලට ඇතුළත් කරන ලදී.

ෂෙමාරා මෙතෙක් පැමිණි මාවතී සුවිශේෂීම සාංධිස්ථානය වූයේ පසුගිය අඟහරුවාදා දින ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසට නිල වශයෙන් නම් කිරීමයි.

ඕස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනය සඳහා වන ඕපන් ඩිරෙක්ටර් හි වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරී වැටුප් වාර්තාවට අනුව ඇගේ ඩොලර් මිලියන 18 ක වැටුප ඊළඟ ආයතනයේ ප්‍රධානියාට වඩා ඩොලර් මිලියන 5 කි.

ඇය සතියකට ඩොලර් 346,000 කට වඩා උපයයි. එය සාමාන්‍ය ඕස්ට්‍රේලියානු පූර්ණ කාලීන සේවකයකුගේ ඩොලර් 85,000 ක වැටුප 211 ගුණයකටත් වඩා වැඩිය. ඇය පසුගිය වසරේ ඉංග්‍රීසි ජාතික බැංකු ප්‍රවීණයෙකු වන මැකවරි සමූහයේ ප්‍රථම කාන්තා කළමණාකාර අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත්විය.

ඇය මීට පෙර ලොව පුරා නගර නවයක සමාගමෙහි සේවය කර ඇති අතර ප්‍රථම වරට බඳවා ගනු ලැබුවේ 1987 දී ය.

දේශගුණික විපර්යාසයන් මැඩපැවැත්වීම සහ ලෝක බැංකුවේ අනුවර්තනය පිළිබඳ ගෝලීය කොමිසම සමඟ ඇයගේ අනෙක් කාර්යභාරය වෙනුවෙන් 2019 දී ඇය ඇමරිකානු ෆෝචූන් සඟරාවේ ‘බලවත්ම කාන්තාවන්’ ලෙස නම් කරන ලදී.

සමාගමේ ප්‍රතිපත්තිය මෙන් තම දියණියද තම පෞද්ගලික ජීවිතය පොදු ක්ෂේත්‍රය තුළ සාකච්ඡා නොකරන බව රංජි පැවසීය. නමුත් ඔහු පවසා සිටියේ ඔවුන් පුදුමාකාර පවුලක් බවයි. “අපි ඉතා පෞද්ගලික පුද්ගලයන් … කළ නොහැක්කක් යටතේ, අප සියල්ලන්ම සාර්ථක වී ඇත. “

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

11 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

12 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

12 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

13 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago