සටහන: සශිකලා මධුෂාණි,මැයි 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය ජාතික හදිසි අවස්ථාවක් සේ සලකා ඒ වෙනුවෙන් ප්‍රති-සැලසුම් ක්‍රියාත්මක කිරීමට නව අමාත්‍යාංශය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගීතාව ඉල්ලා සිටින බව එරට ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කර තිබේ.
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි වසර තුන ආර්ථිකය වැඩිදියුණු කිරීමට සහ අඩු දරු උපත් අනුපාතය ඉහල නැවීමට යොදවන බවයි.
මේ වන විට පසුගිය වසර 16 තුළ ජනගහනය ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 200 කට වැඩි මුදලක් වය කර ඇති අතර වැටුප් සහිත පීතෘ නිවාඩු දීර්ඝ කිරීම, නව මාපියන්ට මුල්‍යමය වශයෙන් ත්‍යාග පිරිනැමීම සහ ළමා රැකවරණය සහ ගෙදර දොරේ වැඩ සඳහා දායක වීමට පිරිමින් දිරිමත් කරන සමාජ ව්‍යාපාර දියත් කළද ගැටලුව විසඳා ගැනීමට නොහැකි විය.
දකුණු කොරියාව ලෝකයේ අඩුම සාඵල්‍යතා අනුපාතය ඇති රට වන අතර එය 2023 වසරේ 0.78කි. සංවර්ධිත මෙන්ම විශාල ජනගහනයක් සහිත රටකට ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීම සඳහා රටවලට 2.1 ක සශ්‍රීකත්ව අනුපාතයක් අවශ්‍ය වේ.
දකුණු කොරියාව මෙන්ම ජපානය සහ චීනය වැනි රටවල් විශාල වැඩිහිටි ජනගහනයකට මුහුණ දෙන අතර ප්‍රවීනයන් ප්‍රකාශ කරන්නේ කලාපය පුරා මෙම ජන විකාශන මාරුවීම් සඳහා හේතු වශයෙන් ඒ ඒ රටවල රැකියා සංස්කෘතීන්, එකතැන පල්වෙන වැටුප්, ජීවන වියදම් ඉහළ යාම, විවාහය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ආකල්ප වෙනස් කිරීම සහ තරුණ පරම්පරාවන් අතර ඉහළ යන කලකිරීම ආදිය මේ සඳහා හේතු වන බවයි.
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…