චරිත

නෙල්සන් මැන්ඩෙලාට සන්නද්ධ අරගලය අතහැර දැමීමට බල කළ යකඩ ආඩම්බරකාරිය – මාග්‍රට් තැචර්

මේ බව හෙළිවන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික ලේඛනාරක්ෂණාගාරයේ තිබෙන අග්‍රාමාත්‍යවරුන්ගේ රහස් ලිපිගොනුවකිනි.

එම දුරකථන ඇමතුමෙන් පසුව තැචර් විසින් මැන්ඩෙලා ‘අතිශය වැසුණු මනසක්‘ (“rather a closed mind”) සහිත අයෙකු ලෙස හඳුන්වා දී ඇති බව ද එයින් හෙළි වේ.

පළමු හැඟීම හොඳම හැඟීම යැයි කීවත් මේ වතාවේ මේ දෙදෙනාගෙන් කාට හෝ වැරදුණේය. එනිසාම, අවසානයේ දෙරට නායකයන් දෙදෙනා 1990 ජූලි මාසය වන තෙක්ම එකිනෙකා හමුවන්නේ නැත. ඒ වන විට මැන්ඩෙලා දකුණු අප්‍රිකානු බන්ධනාගාරයෙන් නිදහස ලබා මාස 5 ක් ගත වී තිබිණි. 1990 අප්‍රේල් මාසයේදී ඔහු ලන්ඩන් නුවරට පැමිණි නමුත් ඔහුගේ උපදේශකයන්ගේ මතය වී තිබෙන්නේ තැචර් හමුවීමට එය සුදුසු වේලාව නොවන බවයි.

එය සිදු වී තිබෙන්නේ මෙසේ ය. ‍

මැන්ඩෙලාගේ වයස ඒ වන විට අවුරුදු 71කි. බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය යැයි විරුදාවලි ලත් මේ කොන්සවේටිව් නායිකාව හමුවීමට ඔහු බලවත් කැමැත්තෙන් පසුවිය. බ්‍රිතාන්‍ය වේලාවෙන් රෑ බෝ වී ඇති බව ද නොසලකා ඔහු, අගමැති කාර්යාලය නොහොත් ඩව්නින් වීදියේ අංක 10 වෙත දුරකථන ඇමතුමක් ලබාදෙන්නේ, පසුදින උදෑසන තමන්ට ඇය හමුවීමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමත් සමග ය. ඒ වන විට ඔහු සිටියේ ලන්ඩනයේය.

මේ නායක දෙපළගේ අපේක්ෂා මුලින් එකිනෙකට බෙහෙවින් වෙනස් සහ නොගැළපෙනසුලු වූ බව කේබල් පණිවුඩවලින් පෙනී යයි.

“Nelson Mandela’s visits to the UK” යැයි නම් කරන ලද මෙම රහස් ලිපිගොනුව සම්බන්ධ පළමු සටහෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැතිනිය මැන්ඩෙලාගේ ඉල්ලීම ගැන එතරම් කැමැත්තක් නොදක්වා මෙසේ කියූ බවයි. ‘‘අ… උදාරත්වයේ සලකුණක් විදිහට… ඔහුට එන්න කියමු.‘‘ මැන්ඩෙලා වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනිය දිවා භෝජනයක් ද ලැහැස්ති කළ නමුත් එය, කථා කරන අතරවාරයේම භුක්ති විඳිය යුතු එකක් විය.

නමුත් අවසානයේ ජූනි 16 වැනිදා, මාග්‍රට් තැචර්ගේ විදේශ කටයුතු උපදේශක චාල්ස් පවෙල් පුදුමයට පත් වුණේ පෙර දින රාත්‍රියම, ‘ටර්න්බ්‍රිජ් වෙල්ස්‘ අවට කිසියම් තැනක නවාතැන් ගෙන සිටි මැන්ඩෙලා, රාත්‍රී 11.45 වන විට ආපසු කැනඩාව බලා යමින් සිටින බව ඇසීමෙනි.

තැචර් පසුදින උදෑසන 8 වන විට පෙර කතා කර ගත් පරිදි මැන්ඩෙලා ව බලාපොරොත්තු වනු ඇතිද? මේ අන්දමින් දේවල් සිදුවේ යැයි පවෙල් බලාපොරොත්තු නොවුණේය. එනිසා, මැන්ඩෙලාව කලින් හමුවීමට යාමට හෝ ඔහුට දුරකථන ඇමතුමක් දිවා කාලයේදී දීමට හෝ ඔහු කරදර වූයේ නැත. ‘‘ඔහු අවධාරණය කළා, කෙළින්ම ඔබතුමියට කතා කරන්න ඕනෙ කියලා..“ යැයි පවෙල් මාග්‍රට් තැචර් සමග කියා තිබුණේ ඔවුන් දෙදෙනාට කතා බස් කිරීමට ඉඩ සලසා දෙමිනි.

ඔවුන් එකිනකො සමග කතා කළේ පසුදින උදෑසන 7.30ට ය. වර්ණභේදවාදී නීතිය (ඇපාතෙයිඩ්) අවසන් කිරීම සඳහා අප්‍රිකානු ජාතික කොංග්‍රසය කෙරෙහි පනවා තිබෙන සම්බාධක අහිතකර වනු ඇති බවට මැන්ඩෙලා එහිදී තැචර් සමග පැවසීය. එවිට තැචර් අවධාරණය කර තිබෙන්නේ අප්‍රිකානු කොංග්‍රසය සන්නද්ධ අරගලය අතහැර දැමිය යුතු බව ය. එක්සත් රාජධානිය අයිආර්ඒ ගරිල්ලන් (උතුරු අයර්ලන්ත විමුක්ති සටන්කාමීන්) නිසා විඳවන බව ද ඇය කියුවාය.

මෙම සංවාදයෙන් පසුව මාග්‍රට් තැචර් ගේ ප්‍රතිචාරය පවෙල්ගේ සටහනක මෙසේ දැක්වෙයි. ‘‘ඉන්පසු අගමැතිතුමිය මට පැවසුවා, වැසුණු මනසක් සහිත බව පෙනෙන මැන්ඩෙලා සම්බන්ධයෙන් තමන් මදක් බලාපොරොත්තු කඩ කරගත් බව!“

‘‘ඔහුගේ පැත්තෙන්, අගමැතිනිය සන්නද්ධ අරගලයට එරෙහිව දක්වන මතය ඔහු එතුමියගේ මුවින්ම දැනගන්න ඇති. මෙය සැකයක් නැතිවම, ජූලි 4 වැනිදා ඇය හමුවීම සඳහා ප්‍රවේශය වශයෙන් ඔහු විසින් යොදාගනු ඇති..“ යැයි ද එහි තවදුරටත් සඳහන් වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ අගමැති කාර්යාලය මාධ්‍ය වෙත කිසිවක් සඳහන් නොකිරීමට ප්‍රවේශම් වූහ.

පසුකලෙක දකුණු අප්‍රිකාව සඳහා පත් කර සිටි එක්සත් රාජධානි තානාපතිවරයා වූ ශ්‍රීමත් රොබින් රෙන්වික්, මැන්ඩෙලා තැචර් ව මුණ ගැසීමට කොතරම් උවමනාවෙන් පසුවී ද යන්න විස්තර කරයි.‘‘දේශපාලන වෙනස්කම් නොතකා ඔහු අන්තර්ජාතික සහයෝගය හා වටහාගැනීම ඇති කර ගන්නට වෙහෙසුණා. සීතල යුද්ධයේ අවසන් සමයේ ගොර්බචොව්ගේ හමුවීම් සමග ඔහු තැචර්ගේ හමුවීම සමාන කළා..“ යැයි රෙන්වික් පවසයි. ‘‘එහි පුදුමයක් නැහැ. කළු ප්‍රජාව මුහුණදෙන අයුක්තීන් ගැන ඔහුට දැවෙනසුලු සංවේදනයක් තිබුණා… මැන්ඩෙලාව සිර කඳවුරේදී බලන්නට ගිය හැම කෙනෙක්ම ඒ බව දැන සිටියා… මගේ අත්දැකීමත් එයමයි. මැන්ඩෙලා ස්වභාවික අභිමානයකින් සහ අධිකාරිමය බලයකින් යුතු කෙනෙක්.“

රෙන්වික්ගේ සටහන්වල තවත් අපූර්ව දෙයක් දැක්වෙයි. ඒ, මැන්ඩෙලා මුගාබේ තරම් බුද්ධිමත් අයෙකු නොවූ බව ය. නමුත් ඔහු කදිම පුද්ගලයෙකු වූ බව රෙන්වික් පවසයි.

Margaret Thatcher eventually met with Nelson Mandela at 10 Downing Street on 4 July 1990 after a long buildup. Photograph: Georges DeKeerle/Getty Images

කෙසේ නමුත් අවසානයේ ජූලි මාසයේදී තැචර් සහ මැන්ඩෙලා හමුවූහ. එම සාකච්ඡාව කදිමට සිදුවූ බව රෙන්වික් සඳහන් කරයි. එය පුරා විනාඩි 50 ක් අඛණ්ඩව සිදුවිය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය සන්නද්ධ අරගලය ඉතා ඉක්මනින් අත්හැර දැමීමට කැප වන බවට මැන්ඩෙලා එහිදී තැචර්ට පිළිණ දුන්නේය. තමන්ව බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීම සඳහා තැචර් දැක්වූ භූමිකාව ගැන ස්තූති කිරීමට ද මැන්ඩෙලා අතපසු කළේ නැත.

තමන් එකිනෙකා අතර කිසිදු වෙනසක් නැති බව තැචර් එහිදී කියා තිබිණි. ඩි ක්ලාක් වැනි ජනපතිවරයෙක් සමග මැන්ඩෙලා වැනි හවුලක් ලැබීමට තරම් දකුණු අප්‍රිකාව වාසනාවන්ත වූ බව ද ඇය එහිදී පැවසුවාය.

ඇතැම්විට, ඒ ප්‍රථම හමුවේදී මැන්ඩෙලා ගැන තැචර් එදා දැරූ අදහස වන්නට ඇත.

මැන්ඩෙලා, එම ප්‍රතිඥාව එපරිදිම ඉෂ්ට කළේය. දකුණු අප්‍රිකානු නිදහස් සටනේ සුවිශේෂී සන්ධිස්ථානය වන්නේ මැන්ඩෙලාලා විසින් සන්නද්ධ අරගලය අතහැර දැමීමයි. යුක්තිය දිනාගත යුත්තේ තියුණු ආයුධවලින් නොවන බව දකුණු අප්‍රිකානු කළු ජාතිකයන්ට පහදා දීමට ඔහු දිවියෙන් වැඩි කොටස ගත කළේය.

කුණු අප්‍රිකාවේ සත්‍යය සෙවීමේ කොමිසම

ඇපාතෙයිඩ් නීතිය යටතේ දස දහස් ගණන් කළු ජාතිකයන් අයුක්තියට ලක්ව සිටි රටක එසේ කිරීම සැබෑම අභියෝගයක් විය. අද පවා, ලංකාව වැනි, සංහිඳියාව තවමත් සිහිනයක් වන රටවල් විසින් දකුණු අප්‍රිකාවේ ‘සත්‍ය සෙවීමේ කොමිසම‘ ගැන අධ්‍යයනය කරනු ලැබේ. මැන්ඩෙලා සත්‍යය සෙවීමේ කොමිසම පිහිටවූයේ, සුද්දන්ට තමන් කළ වරද පිළිබඳ පසුතැවිලි වීමට සහ සත්‍යය පිළිගැනීමට අවස්ථාවක් ලබාදෙමිනි. ‘‘අප වෙත එන්න, ඇත්ත කියන්න‘‘ යන්න ඒ සත්‍ය සෙවීමේ කොමිසමේ තේමාපාඨය විය. හානිපූරණය සිදු කෙරුණේ ඉන් පසුව ය. හානි පූරණය කළ යුත්තේ පළිගැනීමෙන් නොවන බවට මැන්ඩෙලා ලෝකයට ආදර්ශයක් දුන්නේය. ඇතැම්විට, ඔහු මේ මගට පිළිපන්නේ, එදා මාග්‍රට් තැචර් විසින් පුන පුනා කියූ, ‘සන්නද්ධ අරගලය අතහැර දැමිය යුතුය‘ යන බලපෑම නිසා විය හැකිය.

ප්‍රථම හැඟීම, හැමවිටම හොඳම හැඟීම වන්නේ නැත. තැචර්-මැන්ඩෙලා කතාව අපට කියා දෙන පාඩම වන්නේ එයයි.

ප්‍රධාන ඡායාරූපය –
Thatcher, pictured with Mandela in 1990, viewed the ANC as revolutionary socialists ( AFP/Getty Images )

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

14 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

21 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

22 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

23 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

24 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago