කාලීන

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට වෙර දැරූ මිනිසා

මිනිසුන් 250 කට වඩා මරණයට පත් කරමින් පාස්කු ඉරිදා දින පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවෙද්දී, ශ්‍රී ලංකාව තුල ඉස්ලාමීය අන්තවාදය ගැටළුවක් බවට පත්ව ඇති බව තේරුම් ගෙන සිටියේ අතලොස්සක් පමණි. BBC වාර්තා කරන අන්දමට, මොහොමඩ් රසාක් තස්ලීම් යනු ඉන් එක් අයෙකි.

රෝහල් ඇඳක් මත වේදනාවෙන් පසුවන මොහොමඩ් රසාක් තස්ලීම්ගේ ශරීරයේ වම් පස සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇත. ඔහුගේ හිස්කබලේ එක් පැත්තක් ඇතුලට එබී ගොස් ඇත, ඒ, පසුගිය මාර්තු මස ඔහුට වෙඩි වැදුණු ස්ථානයයි. එදින සිට, ඔහුට කතා කිරීමට හෝ ඇවිදීමට නොහැක.

පොලිසිය විශ්වාස කරන අන්දමට, තස්ලීම් යනු, පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අන්තවාදී කණ්ඩායමේ මුල්ම ගොදුරක් බවට පත්වූ අයෙකි.

බලධාරීන්ට අනුව, අන්තවාදී කල්ලි නායක සහරාන් හෂීම් ගේ නියෝගයක් මත ඔහුට වෙඩි තබා ඇත.

තස්ලීම් යනු මුස්ලිම් ජනතාව වැඩිපුර වෙසෙන නගරයක සිටි 37 හැවිරිදි ප්‍රාදේශීය දේශපාලකයකු වන අතර, බෝම්බ ප්‍රහාරයට මාස ගණනාවකට පෙර සිට ඉහත සඳහන් කල අන්තවාදී කල්ලිය පිලිබඳ සොයා බැලීමේ ප්‍රයත්නවල ඉදිරියෙන්ම සිටි අයෙකි.

තස්ලීම් ගේ කතාවෙන් පැහැදිලි වන්නේ රට තුල ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව ඔවුන් අතුරින් මතුවෙමින් තිබූ අන්තවාදය වැලක්වීමට ක්‍රියාකාරීව උත්සාහ කල අන්දම පමණක් නොව, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර නැවත නැවතත් මතුවූ අනතුරු ඇඟවීම් නිසි ලෙස හඳුනා ගැනීමට බලධාරීන් අසමත් වූ ආකාරයයි.

මාවනැල්ල යනු අගනගරය වන කොළඹට නැගෙනහිර දෙසින් පිහිටි නගරයකි. එය බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් ජීවත් වන ප්‍රදේශයකි.

පසුගිය දෙසැම්බර් මස නගරය වටා පිහිටි බුදු පිළිම ගණනාවකට හානි කර තිබුණු අතර, බලධාරීන් දැන් විශ්වාස කරන අන්දමට එය ජාතීන් අතර නොසන්සුන්තාවයක් සහ ගැටුම් ඇති කිරීමට දරු උත්සාහයකි.

මාවනැල්ල නගර සභාවේ සාමාජිකයකු වූ තස්ලීම්, කැබිනට් අමැතිවරකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙසද කටයුතු කළේය.

තස්ලීම් ගේ බිරිඳ පවසන ආකාරයට, තස්ලීම් යනු තමා ජීවත්වූ ප්‍රජාවේ අන් අයට උදව් උපකාර කිරීමට නිරන්තරයෙන් ඉදිරිපත් වූ අයෙකි. එපමණක් නොව, ඔහු පසුගිය වසර කිහිපය තුළදී ගංවතුර සහ නායයෑම් වලින් බලපෑමට ලක්වූ ප්‍රදේශවාසීන් ට සහාය දීමේ කටයුතු වලදීද මුල් තැනක් ගත් පුද්ගලයෙකි. බුදු පිළිම වලට හානි සිදුකළ අවස්ථාවේදී, ඔහු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඉදිරිපත් විය.

“විවිධ ජාතීන් සහ ආගම්වලට අයත් පුද්ගලයින් සමගියෙන් ජීවත් විය යුතු බව ඔහු නිතරම පැවසීය.”

“ඔවුන් සිදුකර ඇත්තේ වැරදි ක්‍රියාවක්” බවත්, “අපගේ ආගම එවැනි ක්‍රියා අනුමත නොකරන” බවත්, “එනිසා ඊට වගකිවයුතු පුද්ගලයින් අල්ලාගත යුතු බවත්”, ඔහු පැවසීය. 

පොලිසිය පුද්ගලයින් කිහිප දෙනෙක් කොටුකරගත් නමුත්, ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ ෂහීඩ් අබ්දුල්-හක් අතුරුදන් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔවුන් දෙදෙනාව වඩාත් අවශ්‍ය කර ඇති සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුලත් කළ අතර, ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ද ගන්නා ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ භූමිකාව අපැහැදිලි මට්ටමක පවතින අතර, ඔවුන්ට විරුද්ධ නඩු කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. කෙසේ නමුත්, පරීක්ෂණ මෙහෙයවන්නන් විශ්වාස කරන්නේ 2014 වසරේදී සාදික් අබ්දුල්-හක් සිරියාවට ගොස් ‘ඉස්ලාමීය රාජ්‍යය’ කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයින්ව මුණ ගැසී ඇති බවයි.

මාවනැල්ල ප්‍රදේශයට ආසන්න ගම්මානයක ජීවත් වන, මෙම සහෝදරයන් දෙදෙනා සමග සම්බන්ධතා තිබු අයෙක් පැවසුවේ – ඔවුන් දෙදෙනා “ශ්‍රී ලංකාව අල්ලාහ්ගේ දේශය” බවත්, “එනිසා වෙනත් කිසිවෙකුව ඇදහිය නොහැකි” බවත්, “මුස්ලිම් නොවන පිරිස් ඉස්ලාමය වැළඳගැනීම හෝ ජිස්යා (ඉස්ලාමීය බද්දකි) ගෙවිය යුතු” බවත්, උගන්වා ඇත.

මෙම සහෝදරයින් දෙදෙනා පැවත එන්නේ දැඩි ආගමික පවුලකින් වන අතර, ඉහත සඳහන් කළ ඔවුන්ගේ මිතුරා පැවසූ පරිදි, ජිහාඩය වෙනුවෙන් ඔවුන් සිදු කල යුතු ආධ්‍යාත්මික සහ යුධමය කාර්යයභාර්ය ගැන ඔවුන් නිතරම කතා කොට ඇත. 

මෙම සහෝදරයන් දෙදෙනාගේ ඥාති සහෝදරයෙක් වන අෆ්වාන් අබ්දුල් හලීම් මුස්ලිම් ශිශ්‍ය සංගමයක ප්‍රධාන තනතුරක් දැරූ අයෙකි. මෙම සියලු දෙනාම එම සංගමයට සම්බන්ධව කටයුතු කළ අතර, අෆ්වාන් ඔවුන් සමග නිරන්තරයෙන් වාද කර ඇත්තේ “ඉස්ලාමය තුල ප්‍රචණ්ඩ සහ කලහකාරී හැසිරීම්වලට ඉඩක් නැති බව” පවසමිනි. 2015 වසරේදී එම සංගමය මෙම සහෝදරයින් දෙදෙනාව ඉන් නෙරපා ඇත.

ඔවුන්ගේ ඥාති සහෝදරයා වැඩිදුරටත් පැවසුවේ 2018 වසරේ මහනුවර නගරයේ බෞද්ධයින් විසින් මුස්ලිම් ජනයාට අයත් ව්‍යාපාර සහ මුස්ලිම් ප්‍රදේශවාසීන් එල්ල කර ගනිමින් ගැටුම් ඇති කළ අවස්ථාවේදී මෙම සහෝදරයින් ඉන් දැඩි ලෙස බලපෑමට පත්වුණ බවයි.

“ඔවුන් අපේ ජීවිත සහ දේපල අපෙන් උදුරා ගන්නවා. අපි යමක් කළ යුතුයි.” යනුවෙන් සාදික් අබ්දුල්-හක් පැවසූ බවද ඔහුගේ ඥාති සහෝදරයා පැවසුවේය. 

අබ්දුල්-හක් සහෝදරයින් පැන යාමෙන් පසු, තස්ලීම් ඔවුන්ව සොයා ගැනීමට දැරූ ප්‍රයත්නවලට සම්බන්ධ වූ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කල පොලිස් කණ්ඩායම් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගියේය. වරක් මෙම සහෝදරයින් දෙදෙනා සැඟව සිටියා යැයි සැකකළ වනාන්තරයක් තුලටද ඔහු ගියේය.

පසුගිය ජනවාරි මස රහස් පරීක්ෂකයින් ඔහුට පැවසුවේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීමේදී සැතපුම් සියයක් පමණ දුරක පිහිටි වගා ඉඩමක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පිලිබඳ තොරතුරු ලැබුණු බවයි.

රහස් පරීක්ෂකයින් සමග තස්ලීම් එම ස්ථානයට ගිය අතර එය ශ්‍රී ලංකාවේ වයඹ දෙස පිහිටි පොල් ඉඩමකි. පොලිසිය විසින් කිලෝග්‍රෑම් සියයකට ආසන්න පුපුරන ද්‍රව්‍ය, පිපිරවීමේ උපකරණ, කුඩාරම් සහ කැමරාවක් සොයා ගන්නා ලදී.

තස්ලීම්ගේ බිරිඳ පැවසූ ආකාරයට, ඔහු නැවත ගෙදර පැමිණීමෙන් පසූ දුක් වී ඇත. තවත් පුපුරන ද්‍රව්‍ය තිබිය හැකි බවත්, ප්‍රජාවක් ලෙස එකමුතුව ඊට වගකිව යුතු අයවලුන් සොයා ගත යුතු බවත්, ඔහු පවසා ඇත.

සොයාගත් පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය තුලින් බලධාරීන් ජිහාඩ් ප්‍රහාරයක අවදානම තේරුම් ගත යුතුව තිබිණ. පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත්, දෙමළ බෙදුම්වාදීන් කෙරෙන් එල්ලවූ තර්ජන පිලිබඳ දීර්ඝ කාලයක් අවධානය යොමු කළ රටක් තුල, ඉස්ලාමීය අන්තවාදීන් කෙරෙන් එල්ලවීමට හැකි තර්ජනවලට ප්‍රමුඛත්වයක් නොදුන් බව පෙනී යයි.

පොල් ඉඩමේදී සොයා ගත් පුපුරන ද්‍රව්‍ය සහරාන් හෂීම් ඇතුළු සියදිවි නසාගැනීමේ ප්‍රහාරයන් එල්ලකිරීමට සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයින්ට සම්බන්ධ බවට දැන් අනාවරණය වී ඇත.

හෂීම් යනු  ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය මුල් කරගත් දේශකයෙකි. ප්‍රහාර සිදුවීමට බොහෝ කලකට පෙර ඔහුවද අන්තවාදියකු ලෙස හඳුනාගෙන තිබිණ.

ඔහු වසර ගණනාවක් පුරා සිය ප්‍රදේශය තුළත් ඔහු සංචාරය කල වෙනත් ප්‍රදේශවලත් මුස්ලිම් ජනතාව සමග නිරන්තරයෙන් වාදවල පැටලී ඇත.

සමාජ මාධ්‍ය තුළ මතබේදාත්මක වීඩියෝ පල කිරීම පිලිබඳ ඔහු ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු නිකුත් කල එක් වීඩියෝවක ඇමරිකාවේ සිදුවූ 9/11 ප්‍රහාරයේ දර්ශනද පසුබිමින් දර්ශනය විය. 

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් පැවසුවේ එම වීඩියෝවල අන්තර්ගතව තිබූ වෛරීය සහගතබව හේතුවෙන් කවුන්සිලයේ සාමාජිකයින් කම්පනයට පත්වූ බවත්, ඒ පිළිබඳ බුද්ධි අංශවල අවධානය යොමු කල බවත් ය.

නමුත් හෂීම්ව සොයාගැනීමට හෝ ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විය. හෂීම් “මුළුමහත් ජාතියටම තර්ජනයක් වනු ඇති බව” තමන් “සිහිනයකින්වත් නොසිතු” බව ද අහමඩ් පවසුවේය.

කෙසේ නමුත්, හෂීම් ශ්‍රී ලංකාව තුල බිහිසුණු ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටි බව දැන් හෙළිවී ඇත. පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමෙන් පසු තස්ලීම් ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම අවහිර කරන බව ඔහු සිතු බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසු පරිදි, “තොරතුරු සපයන්නෙක්” ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් තස්ලීම්ව මරා දැමීමට හෂීම් නියෝගයක් නිකුත් කළ බව හෂීම් ගේ ලඟම සගයකු පාපොච්චාරණය කොට ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මසකට පමණ පෙර තුවක්කුකරුවකු තස්ලීම්ගේ නිවසට අලුයම් කාලයේ ඇතුළු වූ අතර, සිය බිරිඳ සහ බාල පුතු සමග නිදාගෙන සිටි තස්ලීම්ගේ හිසට වෙඩි තැබුවේය.  

“මම මුලින්ම හිතුවේ ෆෝන් චාජරය පුපුරා ගියා කියලා, නමුත් එහෙම දෙයක් වෙලා තිබුනේ නැහැ. මම ඊළඟට උත්සාහ කළා ඔහුව නැගිටවන්න. මට වෙඩි බෙහෙත් ගඳ දැනුනා. ඔහුට සිහිය තිබුනේ නැහැ. මම හිතුවේ ඔහු මිය ගිහින් කියලයි.” යනුවෙන් තස්ලීම්ගේ බිරිඳ පැවසුවාය.

තස්ලීම්ව රෝහලට ගෙන ගිය අතර, ප්‍රහාරයෙන් ඔහු මියෝ නොගිය නමුත්, ඔහු කිසි දිනක සම්පුර්ණයෙන්ම සුව වනු ඇත්ද යන්න සැක සහිතය.

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල මුල් තැනක් ගෙන ක්‍රියා කරයි. බුදු පිළිමවලට හානි සිදුකිරීම, පොල් වත්තක පුපුරන ද්‍රව්‍ය සඟවා තැබීම සහ තස්ලීම්ට වෙඩි තැබීම යන සිද්ධීන්වලට වගකිව යුත්තේ එකම ජාලයක් බව ඔහු පැවසුවේය.

පූර්ව සිදුවීම් තුලින් බලධාරීන් ජිහාඩ් ප්‍රහාරයක් සිදුවීමේ හැකියාව පිළිබඳ සැක සිතිය යුතුව තිබූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ඉන්දීය ආරක්ෂක අංශ විසින් බෝම්බ ප්‍රහාරය පිළිබඳව ලබාදුන් අනතුරු ඇඟවීම් පිලිබඳ නිසි ලෙස අවධානය යොවුනු අතර,  එසේ වූයේ විවිධ දෙපාර්තමේන්තු අතර “බුද්ධි තොරතුරු” නිසි ලෙස බෙදාගැනීම සිදු නොවුණු නිසා බවද යුද හමුදාපතිවරයා පැවසුවේය.

තස්ලීම්ට තුවාල සිදුවී තිබුණත්, තස්ලීම්ගේ පවුලේ අය පවසන දෑ තේරුම් ගැනීමටත්, ඇතැම් අවස්ථාවන්හිදී තම ප්‍රතිචාරය යාන්තම් ලිවීමටත් තස්ලීමට හැකියාවක් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ තස්ලීම් දැනගත් විට ඔහු “මෙවැනි සිදුවීමක් විය හැකි බව තමන් (බිරිඳට) පැවසූ” බව සඳහන් කරමින් ඇයට පණිවිඩයක් ලියු බවත්, හැඩීමට පටන් ගත් බවත් තස්ලීම්ගේ බිරිඳ පැවසුවාය.

බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට එරෙහිව කලහකාරී සිදුවීම් ගණනාවක් සිදු වූ අතර, ඉන් ව්‍යාපාරවලට ප්‍රහාර එල්ල වූ අතර එක් පුද්ගලයකු මිය ගියේය. ත්‍රස්ථවාදීන්ට සහයෝගය දක්වන බවට එල්ලවන චෝදනා බොහොමයක් මුස්ලිම් ජනතාව කුපිත කිරීමට හේතුවී ඇති ඇත්තේ පොලිසියට සහයෝගය දීමට සහ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට ඔවුන් විසින් නිරන්තරයෙන් උත්සාහ ගත් හේතුවෙනි.

තස්ලීම්ගේ පරිත්‍යාගය පිළිබඳ ඔහුගේ බිරිඳ ආඩම්බර වන අතර, “මම ඔබලාට අවශ්‍ය සියල්ලම ලබාදී ඇත, ඉතින් අප උත්සාහ කල යුත්තේ මරණින් පසු පාරාදීසයට ලඟාවීමටයි… අපි අප වටා සිටින අයට උදව් කල යුතුයි, අපේ ආගම අපට උගන්වන්නේ එයයි.” යනුවෙන් තස්ලීම් පවසන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

BBC හි පළවූ ‘The man who might have stopped Sri Lanka’s Easter bombings’ ලිපියේ සිංහල පරිවර්තනයකි.

Share

Recent Posts

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

6 mins ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

48 mins ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

16 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

23 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago