කාලීන

අනේ ඔහු මිය ගියා….!

‘‘ලෝකයේ දුක්බරම හිම වලසා – The Saddest Polar Bear‘‘… හැමෝම ඔහුට කතා කළේ එහෙම ය. ඔහු සිටියේ දකුණු කොරියාවේ ය. ආදරය කරන්නට, , ළඟට වී හිම පියල්ලක සුවදායක සීතල බෙදාගන්නට ඔහුට මේ ලෝකයේ කිසිවෙක්ම සිටියේ නැත. අවසානයේ ඔහු පෙර කී දුක්බරම අන්වර්ථ නාමයෙන්ම තනිවම මියැදුණේය.

ඒ මරණය තවත් දින කිහිපයකට පමා වී නම් ඔහුගේ ඉරණම් කතාව වෙනස් වන්නට ඉඩ තිබුණේය. ඔහු බ්‍රිතාන්‍යයේ වනජීවී උද්‍යානයකට ගෙන යාමට කටයුතු සුදානම් කර තිබුණේය. අලුත් හිම පියලි ද ආදරයද එහි ඔහු වෙනුවෙන් බලාගෙන සිටියේය. නමුත් අවසානයේ ඔහුගේ කූඩුව තුළම ඔහුගේ පණසුන් සිරුර වැතිරී තිබුණේය. අවුරුදු 24 ක් තිස්සේ පැතූ දේ නොලබාම ඔහු ජීවිතය හැර ගොස් සිටියේය.

Action for Animals

ඔහුගේ නම ‘ටොංකිටෝ‘ හෙවත් ටොංකි (Tongki) විය. ඔහු ජීවත් වුණේ ‘එවර්ලන්ඩ්‘ නම් වූ දකුණු කොරියානු සත්තුවත්තේය. එවර්ලන්ඩ් – සදාකාලික භූමිය යැයි කීවත් එහි තිබූ සදාකාලික එකම දෙය වූයේ හුදෙකලාවයි. එය කිසිසේත්ම ටොංකිට සැපවත් ජීවිතයක් ගත කළ හැකි තැනක් නොවේය. හිම වලස් භාෂාවට අනුව එය ඔහුට අපායක් වන්නට ඇත. ලොව පුරා සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ටොංකි වෙනුවෙන් කතා කළේ වරක් දෙවරක් නොවේ. 2015 වසරේදී වාර්තා වූයේ ටොංකි ජීවත් වන කූඩුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 ක් දක්වා පවා ඉහළ යන බවයි. සීතල පාලනය කළ හැකි ක්‍රමයක් ටොංකි වෙනුවෙන් සකස් කර දෙන්නට දකුණු කොරියාවට සැබෑ උවමනාවක් තිබුණේ නැත. ටොංකි ව අභය භූමියකට ගෙන යන ලෙස ඉල්ලා අන්තර්ජාලය හරහා දහස් ගණන් අය එකතු වූහ. වායුගෝලීය තෙතමනයේ තිබූ ගැටළු නිසා අසරණ ටොංකිගේ හිම වලස් ලෝමවල ඇල්ගී පවා බැඳී තිබූ කාලයක් විය.

ඔහු ආතතියෙන් පෙළෙමින් සිටින බව පෙනුණි. ඇතැම්විට සිය නොගැඹුරු, පාණ්ඩු පාට තටාකය අසල ටොංකි පැය ගණන් නොසෙල්වී ඔහේ සිටියි. සැබවින්ම ටොංකි සිටියේ ජීවිතයත් මරණයත් අතර ය. ආදරය ඔහුට දුර වැඩි ය.

Action for Animals

ටොංකිටෝ ට මෙසේ විය යුතුව තිබුණිද? ටොංකි ජීවත් වුණේ දකුණු කොරියාවේ ලොවම පිළිගත් ජංගම දුරකථන සන්නාමයක් වන සැම්සුන් සමාගම ට අයත් සත්වෝද්‍යානයක ය. සත්වෝද්‍යාන හුදෙක් ‘ෂෝ බිස්නස්‘ එකක් කරගෙන, අසරණ සතුන්ගේ ජීවන තත්වයන් ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැති දුෂ්ට ලෝකයට අමතක නොවන පාඩමක් කියා දී ටොංකි අවසානයේ සමුගෙන ගියේය.

ඔවුන් ටොංකිව බ්‍රිතාන්‍යය බලා යාමට කටයුතු සූදානම් කරන විට ටොංකි ජීවිතය අතහැර දමා සිටියේය.

ආදරය යනු මේ ලෝකයේ සැමට හිමිවන දෙයක් නොවේ. සමහරුන්ට මියෙන තුරාම ආදරය වෙනුවට ලැබෙන්නේ ආදරයේ සේයාවක් පමණි. විටෙක එහි වරද වෙනකෙකු අතේ ය. නමුත් අවසානයේ මිය යන්නේ ආදරය සහ ජීවිතයයි.

එය හිම වලසුන්ට පමණක් පොදු කතාවක් ද නොවේ.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

5 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

6 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

6 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

7 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

22 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago