සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ වැඩිහිටි පුතුන් සහ ඔහුගේ නම සඳහන් සමාගම ණය දෙන්නන්ට වංචා සහගත ලෙස තම ශුද්ධ වටිනාකම වැඩිකර පෙන්වීම සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි 16වන දා ඩොලර් මිලියන 354.9ක දඩ මුදලක් ගෙවීමට නියෝග කිරීමෙන් අනතුරුව සිය වත්කම් අත්පත් කරගැනීම වලක්වා ගැනීමට ට්‍රම්ප් ඊයේ(01) පැවති නඩුවේදී ඩොලර් මිලියන 175 ක බැඳුම්කරයක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
නිව් යෝර්ක් නීතිය යටතේ, ගෙවිය යුතු දේ ගෙවීම සහතික කරන බැඳුම්කරයක් තැබුවහොත්, තීන්දුවක් බලාත්මක කිරීම විරාම කළ හැකිම් බැවින් ට්‍රම්ප් ටවර්, ඔහුගේ අක්කර 370 ක නිවාඩු නිකේතනය සහ වෙස්ට්චෙස්ටර් හි ගොල්ෆ් පිටිය සහ ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයාය ඇතුළු ට්‍රම්ප්ගේ දේපළ මේ අනුව තාවකාලිකව ආරක්ෂා වනු ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මඟින් විභාගයට ගැනෙනු ඇත. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ නීතීඥවරිය වන ඇලිනා හබ්බා සඳහන් කර තිබුණේ, පොරොන්දු වූ පරිදි, ජනාධිපති ට්‍රම්ප් බැඳුම්කරයක් පළ කර ඇති බවත්, අභියාචනයකදී ඔහුගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ මෙම අසාධාරණ තීන්දුව අවලංගු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත්ය.
කෙසේ නමුත්, එළඹෙන 2024 ජනාධිපතිවරණයට මුහුණ දීමට සැරසෙන ට්‍රම්ප් මේ වන විට විවිධ අධිකරණ බල ප්‍රදේශ හතරක අපරාධ අධිචෝදනා හතරක් ඇතුළු නීතිමය ගැටලු රාශියකට මුහුණ දී සිටියි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…