එසැණ පුවත්

පුටින් – ට්‍රම්ප් අද හමු වෙති. පැය එකහමාරක් – දෙදෙනා පමණක්!

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අද දිනයේ පින්ලන්තයේ හෙල්සින්කි හිදී රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මුණ ගැසෙනු ඇත.

බ්‍රිතාන්‍ය සංචාරයේදී දස දහස් ගණන් දෙනාගේ විරෝධතා මැද ආන්ලෝනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ ඩොනල්ඩ් ට්‍රම්ප් සති අන්තය ගත කළේ ස්කොට්ලන්තයේ Turnberry Golf Course හි ගොල්ෆ් සෙල්ලම් කරමිනි.

සති අන්තයේ ස්කොට්ලන්තයේ ගොල්ෆ් සෙල්ලම් කළ ට්‍රම්ප් | PA

යුරෝපා සංගමය වෙළඳ සතුරෙක් බවත්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ යුරෝපා සංගමයට එරෙහිව නඩු දැමිය යුතු බවත් ට්‍රම්ප් මෙම බ්‍රිතාන්‍ය සංචාරයේදී සිදුකළ ඓතිහාසික ප්‍රකාශයන් ය.

පසුව ෆින්ලන්තය බලා ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් ව ෆින්ලන්ත ජනාධිපතිගේ නිල නිවාස තුනෙන් එකක් වන මාන්ටිනියෙමි (Mäntyniemi Residence) වෙත ඊයේ සවස පිළිගනු ලැබිණි.

President Trump with Malania | Reuters

President Trump and first lady Melania Trump | Reuters

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් යන දෙදෙනා පමණක් විනාඩි 90 ක, එනම් පැය 1 1/2 ක් තනිව සාකච්ඡා පැවැත්වීමට නියමිත ව තිබීම මේ වන විට ජාත්‍යන්තර ජනමාධ්‍යවල අවධානය දිනාගෙන තිබේ.

අනතුරුව ඔවුන් දෙදෙනා විසින් අද සවස මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත ය.

කෙසේ නමුත් සිංගප්පූරුවේදී උතුරු කොරියානු නායකයා සමග පැවති හමුවේ මෙන් නොව, ට්‍රම්ප් මෙසේ පුටින් හමුවීම සඳහා කිසිදු නිශ්චිත අරමුණක් නම් කරන්නේ නැත. ඔහු කියා තිබෙන්නේ තමන් ‘වැඩි බලාපොරොත්තු නොමැතිව‘ පුටින් හමුවන බවයි. දෙදෙනා කතා කළ දේවල් ‘මාධ්‍ය හමුවේදීම‘ කියන බවත්, ඒ පිළිබඳ විමසූ මාධ්‍ය වේදීන් සමග ට්‍රම්ප් කියා තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් ට්‍රම්ප් හට අයථා ලෙස උපකාර කර ඇති බව කියන වාතාවරණයක් තුළ සහ ඒ සම්බන්ධ මුලර් විමර්ශනය පැවැත්වෙද්දී ට්‍රම්ප් මෙසේ ෆින්ලන්තෙය්දී පුටින් හමුවීම විසින් ඇතිකර තිබෙන්නේ නොසන්සුන්කාරී තත්වයකි. මේ වන විට ඇමරිකානු අධිකරණය ඉදිරියේ රුසියානුවන් 14 දෙනෙකුට ඩිමොක්‍රටික් ජාතික සම්මේලනය සහ හිලරි ක්ලින්ටන් ගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළ බවට චෝදනා පත්‍ර ගොනු වී තිබේ. ඔවුන්ගෙන් 12 දෙනෙක් පරිගණක හැක් කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද රුසියානු බුද්ධි අංශ නිලධාරීන් ය.

එසේම ඇමරිකාව සහ රුසියාව අතර අපරාධකරුවන් අල්ලා සිය රට භාරදීම හෙවත් උදර්පණය සම්බන්ධයෙන් ගිවිසුමක් ද නැත. මේ අනුව ට්‍රම්ප් උත්සාහ කරන්නේ ඇමරිකානු අධිකරණයෙන් ඉහත කී රුසියානුවන් වරදකරුවන් බව තීරණය වුවහොත් ඔවුන් ව රුසියාවට භාරදීම සඳහා උදර්පණ ගිවිසුමක් අත්සන් කිරීමට ද යන සැකය ද මේ වන විට මතුව තිබේ.

එසේම 2014 වසරේදී ක්‍රිමියාව අල්ලා ගැනීමෙන් පසු රුසියාව පවතින්නේ ඇමරිකානු සහ අන්තර්ජාතික සම්බාධකවලට නතු වී ය. ට්‍රම්ප් විසින් මේවා ලිහිල් කර දීමට උත්සාහ කරන්නේදැයි සැකයක් ද මේ අතරවාරයේ මතු වී තිබේ.

Putin| Reuters

ට්‍රම්ප් සහ පුටින් මීට පෙර පසුගිය ජූලි මාසයේදී ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති G20 සමුළුවේදී එකිනෙකා හමු වී තිබේ. පසුගිය නොවැම්බරයේ වියට්නාමයේ Da Nang හි පැවති ඇපෙක් සමුළුවේදී ද (APEC Summit) ඔවුන්ගේ හමුවීමක් සිදුවිය. කෙසේ නමුත් අද දිනයේ සිදුවන ට්‍රම්ප්-පුටින් හමුව, දෙරට නායකයන් අතර සිදුවන පළමු විධිමත් හමුවීමයි.

මෙම ට්‍රම්ප් -පුටින් හමුවට විරෝධය පළකරමින් මේ වන විටත් හෙල්සින්කි නුවර වෙත විරෝධතාකරුවන් දහස් ගණනක් රොක් වී සිටිති. මහා බ්‍රිතාන්‍යෙය්දී ට්‍රම්ප්ට විරෝධය පෑම සඳහා උද්ඝෝෂකයන් දස දහසක් දෙනා එක්ව සිටි අතර, ස්කොට්ලන්තයේ ද ග්ලාස්ගොව් ඇතුලු නගර කිහිපයක ට්‍රම්ප්ට එරෙහි උද්ඝෝෂණ පැවැත්විණි.

අනතුරුව ට්‍රම්ප් අද සවස නැවත ධවල මන්දිරය බලා නැවත යාමට ද නියමිත ය.

හෙල්සින්කි විශේෂයි.

ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර සැලකෙන්නේ ලෝක නායකයන් එකිනෙකා අතර ඓතිහාසික සමුලු හා හමුවීම් සිදුවන ස්ථානයක් ලෙස ය.

1975 වසරේ කොමියුනිස්ට් ලෝකය සහ බටහිර ලෝකයේ රටවල් අතර සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් ‘හෙල්සින්කි සම්මුති‘ (Helsinki Accords) අත්සන් කෙරුණේ මෙහිදී ය.

1997 මාර්තු මාසයේ එවකට ජනපති බිල් ක්ලින්ටන් සහ රුසියානු ජනපති බොරිස් යෙල්ට්සින්, ආර්ථික සහ ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුණ ගැසුණේ ද හෙල්සින්කි හි දී ය.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

18 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

19 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

20 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

20 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago