කාලීන

වෙනිසියුලාවේ සිදුවන්නේ කුමක්ද?

වෙනිසියුලාව යනු ඛනිජ තෙල් හා රත්‍රන් නිධි බහුල දකුණු ඇමෙරිකාවේ විශාල රටකි. හියුගෝ චාවේස් ගේ එක්සත් සමාජවාදී පක්ෂය එරට බලයට ඒමට පෙර වෙනිසියුලාව යනු ඇමෙරිකානු ආධිපත්‍යට යටවූ රාජ්‍යයකි. චාවේස් වැනි නිර්භය නායකත්වයක් විසින් එරට ඇමෙරිකානු සමාගම් මත රැඳී තිබුණු ඛනිජ තෙල් ව්‍යාපාරය ජනසතු කළේය. එය වියට්නාමයෙන් පසුව ඇමෙරිකාව රිදවූ අතුල් පහරක් ලෙස සැලකේ. කෙසේ නමුදු චාවේස් ගේ ජනප්‍රියත්වය හමුවේ ඇමෙරිකානුවන් දියත්කල සියලු කුමන්ත්‍රණ අඩපණ වූ අතර, අවසානයේ චාවේස් පිළිකා එන්නතකින් මරා දැමීමට සීඅයිඒ සංවිධානය සමත් විය. චාවේස් ගෙන් ගිලිහුණු ධජය සියතට ගත ඔහු ගේ අනුප්‍රාප්තිකයා වූ නිකොලෙයි මදුරෝ එරට ජනතාව ප්‍රජාතන්ත්‍ර මැතිවරණ දෙකකින් ජයග්‍රහණය කරවා එරට පාලනය භාරදුන්නේය. චාවේස් ගේ මග ගනිමින් එරට පාලනය ගෙන ආ මධුරෝ ඉතිහාසයේ වෙනිසියුලාව මුහුණ දෙන ගැඹුරුම අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටියි.

ඇමෙරිකානු පෙන්ටගනය හා ධවල මන්ධිරය එක්ව වෙනිසියුලාව ආර්ථිකමය වශයෙන් ඔත්පල කිරීමේ කුමන්ත්‍රණයක් දියත්කල අතර, එමගින් ලෝක තෙල් නිෂ්පාධනයේ ඉහලම පංගුවක් නියෝජනය කරන වෙනිසියිලානු තෙල් අපනයට බෙහෙවින් බාධා එල්ල කළේය. තෙල් ආර්ථිකයක් මත යැපුණු වෙනිසියුලාව එතැන් සිට උද්දමනය ඉහල ගිය අතර, ඉන් වාසි ගනිමින් එරට විපක්ෂය නියෝජනය කල පුර්ණ ඇමෙරිකන් රූකඩයක් වූ Juan Guaidó හරහා ජනතාව උසි ගැන්වීමේ බලය වෙනුවෙන් දියත් වූ පටු අවස්ථාවාදී ක්‍රියාදාමය ආරම්භ කළේය. ඔහු පිටුපස ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ පෙනි සිටින්නේ ඇමෙරිකානු දේශපාලන නායකත්වයයි. වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උත්සන්න කිරීමට එරට විපක්ෂය කටයුතු කල අතර, ඇමෙරිකානුවන් ඕනෑම රටක් බිලි ගැනීමට පෙර අර්බුධය මතු කිරීමට මානන දේශීය බලවේගය වශයෙන් එරට ජුවාන් ගයිඩෝ ගේ නායකතත්වයෙන් යුත් විපක්ෂය පිළිකුල් සහගත ලෙස උපයෝගී කරගන්නා ලදී. පසුගිය නත්තල් සමයේදී අති බහුතරයක් වූ කතෝලික ජනයා උසි ගැන්වීම සඳහා එරටට ආනනයන කරන ඌරු මස් වලට පවා සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කළේය.

අද වන විට එරට අගනුවර වන කර්කාස් හි තැනින් තැන රජයට එරෙහිව ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න කල අතර , එරටට එරෙහිව ඇමෙරිකාව පැනවූ ආර්ථික සම්බාධකයන්ද ඒ හා සමාන්තරව උත්සන්න කර ඇත. ආර්ථික සම්බාධක හා තෙල් අපනයනට කල බලපෑම මත එරට ආර්ථිකය කඩා වැටි ඇත. අත්‍යාවශය ද්‍රව්‍ය වල මිල ඉහලගොස් ජන ජීවිතයට මහත් බලපෑමක් එල්ල කර ඇති අතර, සාමාන්‍ය ජනයා මෙම කුමන්ත්‍රණය නිවැරදි ලෙස වටහා ගෙන ඇති බවක් නොපෙනෙන්නේ සියලු ප්‍රතිරෝධය රජයට මුදාහැරිම තුලිනි. මෙම අර්බුධකාරී තත්වය සත්‍යව වශයෙන්ම එරටට නිර්මාණය කරනු ලැබුවේ ඇමෙරිකානු බලලෝභී උවමනාමත ඇමෙරිකානු පාලනය විසිනි. 


ජුවන් ග්වයිදෝ

එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එතෙක් එරට පාලනය කල එක්සත් සමාජවාදී පක්ෂය ගෙන ආ ජනතාවාදී වැඩ පිළිවෙල විනාශ කර දමමින් , එරට ඛනිජ තෙල් හා රත්‍රන් හූරා කෑමට අවශ්‍ය ඇමෙරිකන් ගැති රූකඩයක් බලයට ගෙන ඒමටය. මෙවැනි තත්වයක් අභිමුව සිටින අප වැනි රටකට වෙනිසියුලාවේ සිදුවන ඇමෙරිකානු කූට ප්‍රයත්නය තුලින් බොහෝ පාඩම් උගත හැකිය. රටක් තුල අර්බුදයක් නිර්මාණය කර, එම අර්බුදය රටවැසියාගෙන් තෝරාගත් පිරිසක් හරහා ක්‍රියාත්මක කර අවසානයේ එම රට විනාශ කර දමා සියලු සම්පත් කොල්ලකෑම මේ වන විට ඇමෙරිකානු දේශපාලන හා යුධමය න්‍යාය පත්‍රය වී ඇත. 

වෙනිසියුලානු ජනපති නිකොලෙයි මදුරෝ

මේ වන විට වෙනිසියුලාවේ පාලනයට සහය පළකරමින් චීනය, රුසියාව, තුර්කිය, කියුබාව, ග්‍රීසිය පෙරට පැමිණීම ඇමෙරිකානුවන්ගේ කුමන්ත්‍රණ යම් තරමකට අඩාල කිරීමට සමත්ව ඇත. රුසියානු ජනපති පුටින් එරට හමුදා ඛණ්ඩයක්ද මේ වන විට වෙනිසියුලාවට පිටත් කොට ඇත.

(උපුටා ගැනීමකි)

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

4 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

5 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

6 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

7 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

7 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

21 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago