කාලීන

ලෝකය … මිලියනයක් කොරෝනා ආසාදිතයින් අභියස

කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝගියෙකු පිළිබද මුල්ම ආරංචිය පැමිණෙන්නේ පසුගිය දෙසැම්බර් මස අවසන් දින කිහිපය තුළ චීනයේ වුහාන් නගරයෙනි. එතෙක් පටන් අද වන විට එක් කෙරෝනා ආසාදිතයෙකු හෝ නොමැති රටක් සොයා ගත නොහැකි තරම්ය. චීනයෙන් ආරම්භ වී පසුව යුරෝපය, ආසායාව, මැද පරෙදිග , අප්‍රිකාව , ඕස්ට්‍රේලියාව සියළු මහද්වීපයන් පුරා පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වාර්ථා වන ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 933,000 ලෙස වාර්ථා වෙයි. ඒ අතරින් සුවය ලැබූවන් සිටින්නේ 193000 පමණි. වසංගත තත්ත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 47000කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තවත් එක් දිනක් තුළ සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවනු ඇති බවයි.

මෙකී තත්ත්වයත් සමග පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසා සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් පසු මුළු මහත් මිනිස් සංහතිය මුහුණ දුන් අසීරුතම අභියෝගය මෙය බවයි.

දිළිඳුරටවල් හෝ සංවර්ධිත රටවල් යන බෙදුම් සිමාවන් ඉක්මවා ගොස් සෑම සියළු රටකටම වසංගතයේ බිහිසුණු සත්‍යයට මුහුණ දෙන්නට සිදුව ඇති බව නොරහසකි. විශේෂයෙන්ම මේ මොහොත වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා කරමින් වසංගතයේ පීඩිතයා බවට පත්ව සිටින්නේ ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයයි. පසුගිය පැය 24 තුල ඇමරිකාවෙන් වාර්ථා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීය. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තයන්ට අනුව ආසාදිත සමස්ත ඇමරිකානුවන් සංඛ්‍යාව 213372 ඉක්මවා යමින් තිබේ මිය ගිය සමස්ථ පිරිස 4757ක් වේ. මේ අතර ධවල මන්දිරය පසුගියදා පුරෝකථනය කර තිබුණේ තවත් සති දෙකක කාලයක් තුළ ඇමරිකාවට 240000ඉක්මවූ ඇමරිකානුවන් පිරිසක් කොරෝනා මාරයාට බිලි ‍දෙන්නට සිදුවනු ඇති බවයි. පසුගියදා සති හයක් වයසැති කුඩා ඇමරිකානු දරුවෙක් කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය බව ඇමරිකාව දැනුම් දුන්නේය. වසංගතයේ පීඩනය කෙතරම්දැයි යන්න එමගින් තවද දුරටත් පැහැදිලි විය.

කෙසේ වෙතත් වසංගතය හේතුවෙන් ලොව සමස්ත ජනගහනයෙන් හරි අඩකට වඩා ප්‍රමාණයකගේ ජීවිත වලට කුමන අයුරේ හෝ බලපෑමක් සිදුව ඇත්තේය. දිව 21ක් සදහා වසා දැමුණූ ඉන්දියානුවන්ගේ ජීවිත මෙය හොදම උදාහරණය වේ. රෝගය හේතුවෙන් මිය යන පිරිසට වඩා දිළිදු බව මෙන්ම වෙනත් අපහසුතා හෝතවෙන් මිය යන්නට බහුතරයක් ඉන්දියානුවන්ට මේ වන විට සිදුව ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වය අප්‍රිකානු රටවල් හී පැතිරීමේ සීග්‍රතාවය මත ලෝකයට අහිමිවන මිනිසුන් ගණන තව දුරටත් ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.

රෝගීන් සංඛ්‍යාව දරාගත නොහැකි ලෙස ඉහළ යෑමත් සමගම සෑම රටකටම පවතින සෞඛ්‍ය පහසුකම්, සේවාවන් සහ කාර්ය මණ්ඩලය සීමිත වීම හේතුවෙන් සෑම රටක්ම මුහුණ දෙමාන් සිටින්නේ අති දුෂ්කර අභියෝගයකටය. රෝගය නිසා මුහුණ දෙන්නට සිදුවන පීඩනය ඉහළ යෑමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම හේතුවයි.

සෞඛ්‍ය තත්ත්වයන් අභිබවා ගෝලීය ආර්ථිකයේ සිග්‍ර කඩා වැටීම හේතුවෙන්ද ජන ජීවිත පීඩාවට පත්ව තිබීම අති මහත්ය. ලෝක සෑම රාජ්‍යයකම කොටස් වෙළද පල කඩා වැටෙමින් තිබේ ලෝක කොටස් වෙළදපළ ඉහළම තත්ත්වයන් ව තිබූ FTSE, Dow Jones Industrial Average සහ Nikkei වෙළද පල තත්ත්වයන් හී කඩා වැටීම 1987න් පසු බරපතලම තත්ත්වයක් පෙන්නුම් කරන්නේ මේ වසරේදීය.

සමස්ත ගෝලීය නිෂ්පාදනයම මේ වන විට බිද වැටී ඇත්තේ අසාමාන්‍ය අයුරිනි. ආයෝජකයන් ආයෝජනයන් තුළින් ඈත් වීම. ශ්‍රම හමුදාව අවම වීම, වසගත තත්ත්වය හේතුවෙන් නිෂ්පාදව සහ කාර්මික ආයතන පවත්වා ගත නොහැකිවීම ආදී හේතූන් මීට හේතූ වී ඇත.

මෙම තත්ත්වයන්ට මුහුණ දීම සදහා ඇමරිකාව, එංගලන්තය ඇතුළු බොහෝ රාජ්‍ය්‍යන්ට සිය මධ්‍යම බැංකු පොලී අනුපාතයන් අවම මට්ටමක පවත්වාගෙන යෑමට සිදුව ඇත.

ලෝකය පුරා සංචරණ සීමාවන් දැඩි වීමද මෙම ආර්ථික කඩා වැටීම් වලට ප්‍රධාන හේතුවක් වී ඇති බව පැහැදිලිය. මේ වන විට රටවල් 100කට අධික සංඛ්‍යාවක් සංචාරක සීමාවන් දැඩි කොට ඇති අතර සෑම රටක්ම පාහේ අන් රටවලින් හුදෙකලා වීමට උපරිම උත්සහයක් ගන්නා ලදී, මේත් සමග සෑඹ සියළූ රටක්ම මුහුණ දෙමින් සිටින්නේ බරපතල ආර්ථික පසුබෑමකටය. බ්‍රිටිෂ් එයාවේස් ගුවන් සමාගම පසුගියදා සිය කාර්ය මණ්ඩලය 36000කගේ රැකියා අහිමි කරන ලද්දේ මෙම තත්ත්වය නිසා ඇති වූ ආයතනික කඩා වැටීම හේතුවෙනි.

වසංගතයට එරෙහි සටන් කිරීම සදහා ඖෂධයක් හෝ එන්නතක් නිපදවීමට මේ වන විටත් විශේෂඥයින් සහ ආයතන විසින් කටයුතු කරමින් සිටින අතර මේ වන විට ආයතන 25කට ආසන්න සංඛ්‍යාවක් ඒ සදහා යොමුවී ඇත. නමුත් ඒ සෑම සොයා ගැනීමකම ප්‍රථිපල උදා කර ගත හැක්කේ කවදාද යන්න නිශෟචිතවම පැවසීමට කිසිවෙකුටත් නොහැකි වී ඇත. කෙසේ වෙතත් අදාල එන්නතක් හෝ ඖෂධයක් ගෝලීය වශයෙන් ක්‍රියාවේ යෙදවීමට තවත් වසරකට ආසන්න කාලයක් ගත වනු ඇති බව බොහෝ විශේෂඥ මතය වී ඇත.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ යන්නට තවත් ඇත්තේ ඉතා සුළු කාලයක් වුවත් ලෝකය ඒ හා සටන් කරන්නට දරන උත්සහය අති මහත්ය. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඒ අතර ඉදිරියෙන් සිටී. ඒත් සමග කොරෝනා වසංගතය ලෝකයට උගන්වමින් සිටින පාඩම්ද බොහෝමයකි. වසංගතයට පෙර අප ඉදිරියේ තිබුණේ දේශ ගුණික විපර්යාසයන්ගෙන් ලෝකය ගලවා ගැනීමේ අභියෝගයයි. නමුත් ඊට දායක වූ මිනිස් ක්‍රියාකාරකම් මේ වන විට විශාල ලෙස පාලනය වී ඇති අයුරු දැක ගත හැකිය. නාසා ආයතනය විසින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප විසින් පෙන්වා ඇත්තේ ලෝකයේ බෙහෝ කලාපයන්ගේ කාබන් විමෝචනය අවම මට්ටමක් දක්වා පැමිණ ඇති බවයි.

මිනිස් හා කාර්මික ක්‍රියාකරකම් අවම වීමට සාපේක්ෂව  සිදු වන පාරිසරික හානියද අවම වුවද මිනිසා හමුවට පැමිණෙන පීඩනයන් දරා ගැනීමේ සීමාවද ඔහු පසු කර නොයා යතුය. මේ වෙනුවෙන් සෑම පුද්ගයෙකු මතම වගකීමක් පැටවී ඇති අතර සමස්ත ලෝකයටම මුහුණ දෙන්නට සිදුව ඇති සාමූහික අභියෝගයට ඉක්මන් විසදුමක් ලැබීම අනිවාර්යෙන් සිදුවිය යුත්තක් වන්නේය.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

10 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

10 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

11 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

12 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago