කාලීන

කොරෝනා.., ලෝකය නිර්ණයන් නැති භූමියක් බවට පත් කරලා – ලෝක සෞඛ්‍ය සංවිධානය

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට කෙයේ රටවල් පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා හේතු‍වෙන් මිය ගිය රා්ගීන් සංඛ්‍යාව අද වන විට 6ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ කොරොනි වෛරසය මෙසේ පැතිරී යාමත් සමග ලෝකය “uncharted territory” හෙවත් සළකුණු නොකළ එනම් සීමා නිර්ණයන් නොමැති භූමියක් බවට වී ඇති බවයි.

සෑම රටක්ම වෛරසයට එරෙහිව වහා ක්‍රියාත්මක වීම සහ ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කිරීම මත පමණක් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව ඔහු පවසා සිටියි.

මේ වන විට චීනයේ පැවති බරපතල තත්ත්වය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් පැවතියද වාර්ථා වූ මරණ සංඛ්‍යාව 3000 ඉක්මවමින් තිබේ.

” අපට මෙම වෛරසය හරවා යවන්න පුළුවන්” මහන්සි වෙමු. ආචාර්ය ටෙඩ්‍රොස් සියළු පාලකයන් වෙත අවධාරණය කර සිටී.

ක්‍රියාත්මක වීම හැරුණු කොට වෙන මාවතක් නැත.. ඔහු පවසයි.

චීනයෙන් පිටත දරුණුතම තත්ත්වය වාර්ථා වූ ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ(සඳුදා) වන විට 34 සිට 52 දක්වා ඉහළ ගොස් ඇත.

ගෝලීය තත්ත්වය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට ලෝකයේ රටවල් 70 ක පමණ මේ වන විට ලොව පුරා රෝගීන් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ථා වී ඇති අතර 90% වාර්ථා වන්නේ චීනයෙනි. චීනයෙන් පිටත රෝගීන් 8800 ට ආසන්න සංඛ්‍යාවක් ඊයේ වන විට වාර්ථා විය. ඉන් 81% වාර්ථා වන්නේ ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය, ජපානය යන රටවල් හතරෙනි.

ඉතාලියේ මරණ සංඛ්‍යාව සඳුදා 18 කින් ඉහළ ගොස් ඇති අතර, රෝගීන් 1,835 ක් තහවුරු වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ ලොම්බාර්ඩි සහ වෙනෙටෝ ප්‍රදේශවල ය.

ඉරානය තවත් මරණ 12 ක් වාර්තා කර ඇති අතර, එම සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් අතර එරට උත්තරීතර නායක අලි කමේනිගේ ඉහළ පෙළේ උපදේශකයෙකු වන මොහොමඩ් මිර්මෝහම්මඩි ද ඇතුළත් වන බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ තත්ත්වය සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එන්නතක් සඳහා අවශ්‍ය කටයුතු වේගවත් කරන ලෙස තමා ඖෂධ සමාගම්වලට පවසා ඇති බවයි. මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ අනතුරු ඇඟවූයේ වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඇමරිකාව තුළ වැඩි වනු ඇති බවයි.

එක්සත් රාජධානියේ තහවුරු වූ රෝගීන් 39 ක් සිටින අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ හදිසි කෝබ්රා කමිටුවේ රැස්වීමක් පැවැත්වීමෙන් පසුව වෛරසය “ඉදිරි දින හා සති කිහිපය තුළ වඩාත් වැදගත් වීමට ඉඩ ඇති” බවයි.

අනෙකුත් වර්ධණීය තත්ත්වයන්

  • රෝග පාලන යුරෝපීය මධ්‍යස්ථානය තහවුරු කළේ යුරෝපා සංගමයේ අවධානම් මට්ටම ඉහළ වර්ධනීය මට්මක දක්වා ඉහළ ගොස් ඇති බවයි.
  • වෛරසයේ පැතිරී යෑම හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය 2009 වසරෙන් පසු වාර්ථා වන අවම මට්ටම වාර්ථා කරනු ඇති බව ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානය අනතුරු අඟවයි.
  • ලෝක කොටස් වෙළඳපළ තත්ත්වය සීග්‍ර පසුබෑමකට ලක් වෙමින් සිටී,
  • ප්‍රංශය විසින් තවත් සිද්ධීන් 61 ක් සඳුදා තහවුරු කරන ලදී. තවත් එක් මරණයක් සමග ප්‍රංශයේ මුළු මරණ සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇත.
  • කටාර්, ඉක්වදෝරය, ලක්සම්බර්ග්, චෙක් ජනරජය සහ අයර්ලන්තය සති අන්තයේ ඔවුන්ගේ පළමු ආසාධිත සිද්ධීන් තහවුරු කළ රටවල් අතර වේ
Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

10 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

16 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

18 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

18 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

19 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

19 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago