විශේෂාංග

සතියක මතක කාච ඇසින්

පොලිස් පලිහ මැද සුරතල්

ඡායාරූපය – AP

එලියස් ලෝපේස්ගෙ වයස අවුරුදු 3යි. හොන්ඩියුරානුවෙක්. මෙක්සිකෝවේ කැරළි මර්දන පොලිසියේ පලිහවලට මුවාවෙමින් සෙල්ලම් කරන ඔහු, තමන් ඉදිරියේ ඇති උවදුර ගැන කිසිවක්ම දන්නේ නැහැ. පුංචි එලියස් අයිති වුණේ මෙක්සිකෝවේ ටිජුවානා ජනපදය සහ ඇමරිකා එක්සත් ජනපදය යා කරන චැපරැල් දේශසීමාවෙන් (Chaparral border) ඇමරිකාවට ඇතුල් වෙන්න සිහින මවපු කණ්ඩායමකට. මේ පුංචි මධ්‍යම ඇමරිකානුවා සිතූ තරම් අවාසනාවන්තයෙක් වුණේ නැහැ. ඔවුන් සාමකාමී ලෙස ඇමරිකාව තුළට ඇවිදගෙන ගියා.

ලෙබනනයට 75 යි

ඡායාරූපය – EPA

1943 නොවැම්බර් 22 වැනිදා ලෙබනනය ප්‍රංශයෙන් නිදහස ලැබුවා. එනිසා ඔවුන් 2018 නොවැම්බර් 22 වැනිදා සැමරුවේ ලෙබනනයේ 75 වැනි නිදහස් දිනයයි. මේ, ලෙබනන් හමුදා සොල්දාදුවන් නිදහස් දින උත්සවයදා සරඹ සන්දර්ශනයක නියැළුණු අයුරු.

මරණයේ අරුණෝදය

ඡායාරූපය – EPA

ග්වාතමාලාවේ එස්කුයින්ට්ලා හි එල් රෝඩියෝ ගිනි කන්ද දුම් දමන හැටි අරුණෝදය මැදින් පෙනුණේ මෙහෙමයි. යමහල පුපුරා යාම නිසා 2000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරන්නට සිදුවුණා. ගම් කිහිපයක් ද එයට අයත්. මේ ගිනිකන්ද ආශ්‍රිත ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ග්වාතමාලා අගනුවර වන ‘ග්වාතමාලා සිටි‘ වලට කිලෝමීටර 50 ක් නුදුරින්.

නවාල්නි ප්‍රංශයේ

ඡායාරූපය – AP

ඇලෙක්සි නවාල්නි යුරෝපීය මානව හිමිකම් අධිකරණයෙන් (European Court of Human Rights) පිටතට එමින්. ජනපති පුටින්ගේ කණ්ඩායම විසින් තමන්ව දේශපාලන හේතු මත නැවත නැවතත් සිරගත කරන බව කියමින් ඔහු යුරෝපීය මානව හිමිකම් අධිකරණයේ පිහිට පැතුවා. නීතීඥවරයෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන නවාල්නි, පුටින්ව දැඩි සේ විවේචනය කරන අයෙක්.

මරාගෙන මැරෙන ආගම් භක්තිය

ඡායාරූපය – Reuters

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට නොවැම්බර් 20 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙකුට වඩා ජීවිතක්ෂයට පත්වුණා. තවත් 20 දෙනෙක් පමණ තුවාල ලැබුවා. බෝම්බකරුගේ ඉලක්කය වී තිබුණේ මුස්ලිම් ආගමික උගතුන්. ඔවුන් සමරමින් සිටියේ ශුද්ධ වූ මහම්මද් නබි තුමාගේ උපන් දිනයයි.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

9 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

10 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

10 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

11 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago