මෙම සමාගමේ හිමිකරු, ඉන්දියාවේ ලොකුම ධනවතා වන මුකේෂ් අම්බානි ය.
මේ අනුව අම්බානිගේ Reliance Industries හි විශාලතම සුළු කොටස් හිමියා බවට ෆේස්බුක් සමාගම පවත්වනු ඇත. ඉහත කී මුදල ආයෝජනය කළ විට කොටස් හිමිකාරිත්වයෙන් 9.9%ක් ෆේස්බුක් සතු වේ.
මෙය, ෆේස්බුක් සමාගම ඉන්දියාව තුළ සිය අණසක පතුරුවාගැනීමට සිදුකරන යෝධ පියවරක් වනු ඇත. මන්ද යත් ෆේස්බුක් සමාගමටම අයත් වට්ස්ඇප් යෙදවුම පාවිච්චි කරන මිලියන 400 ක් දෙනා ඉන්දියාව තුළ සිටින අතර, ඉදිරියේදී ගෙවුම් සේවයක් (payments service) දියත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වන නිසා ය. ඉදියේදී රියලන්ස් සමාගමටම අයත් ජියොමාර්ට් (JioMart) සමග එක්ව ව්‍යාපාර, කඩසාප්පු සහ භාණ්ඩ විකිණීම් ඒකාබද්ධ කරමින් අන්තර්ජාල සේවාවක් ආරම්භ කිරීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.
ප්‍රකාශයක් නිකුත් කරමින් අම්බානිගේ රිලයන්ස් ජියෝ සමාගම් ජාලය ප්‍රකාශ කරන්නේ මෙවැනි හවුල්කාරිත්වයක් දෙපාර්ශවයටම වාසිදායක වනු ඇති බවයි.
ඉන්දියාවේ ටෙලිකොම් වෙළඳපොළෙහි විශාලතම බලපෑමක් ඇති කරන සාධකය බවට මේ වන විට පත්ව තිබෙන්නේ ද අම්බානිගේ Reliance Industries සමාගමයි.
නව ෆේස්බුක් හවුල්කාරිත්වය මගින් අම්බානිගේ සමාගම්වල දැනට පවතින ශුද්ධ වගකීම් (ණය ද ඇතුළුව) 2021 මාර්තු මාසය වන විට ශුන්‍ය කර ගැනීමට හැකි බව ද ඔහු කියා තිබේ. ඉදිරියේදී නියත වශයෙන්ම Jio Mart සහ Whatsapp ඒකාබද්ධ වී දැවැන්ත වැඩක් කරන බව ද ඔහු කියා තිබේ. 2016 වසරේ ආරම්භ කළ Jio ජාලය තුළ දැනටමත් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 370 ක් සිටිති.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.