මීට පෙර තීරණය වී තිබුණේ වයස 65 ට වැඩි අයට, ප්‍රතිශක්තිකරණයේ විවිධ ගැටලු ඇති නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන අයට සහ අධි අවදානම් රැකියාවන්ගේ නිරත වන අයට පමණක් මෙම බූස්ටරය ලබාදෙන්නට ය.
නවතම තත්වය අනුව වයස 18 ට වැඩි අයට ලබාදෙන්නේ ෆයිසර් (Pfizer)සහ මොඩර්නා (Moderna) කෝවිඩ් එන්නත් ය.
ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ ගණන වන 769,000 වන වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදය ශීත සෘතුව වෙත එළඹෙමින් තිබෙන අවස්ථාවක් නිසා මෙසේ බූස්ටරය ද ලබාදීම අනිවාර්ය බව ඇමරිකානු බලධාරීන්ගේ මතයයි.
ඒ අනුව ‘හදිසි භාවිතය සඳහා අනුමැතියක්‘ FDA වෙතින් මෙයට ලබා දී ඇත.
ෆයිසර් සමාගම වයස 16 ට වැඩි 10,000 ක් දෙනා යොදාගෙන බූස්ටරය සම්බන්ධයෙන් වෙනම සායනික පරීක්ෂා සිදුකර තිබේ. එහිදී බූස්ටරය ලබානොගත් අයට වඩා බුස්ටරය ලබාගත් අයගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය 95%කින් ඉහළ යන බව සොයාගැනිණි.
මීට පෙර ද ෆයිසර් සමාගම පෙන්වා දී තිබුණේ ෆයිසර් වැක්සිනයෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් වැක්සින් 3 ක් ලබාගත යුතු බවයි. බූස්ටරය අනුමත කිරීම මගින් මේ කරුණ ද තවදුරටත් සනාථ වීමක් සිදු වේ.
පළමු හා දෙවන වැක්සින් මාත්‍රා දෙක ලබාගෙන මාස 6 ක් ඉක්ම ගිය පසුව බූස්ටරය ලබාදීමට ද නිර්දේශ කර තිබේ.
තවද ෆයිසර් බූස්ටරය ලබාගන්නේ නම් එය ලබාගත යුත්තේ මීට පෙර ලබාගත් මයික්‍රොග්‍රෑම් 30 තීව්‍රතාවයකිනි. මොඩර්නා බූස්ටරය ලබාගන්නේ නම් මොඩර්නා පෙර එන්නත්වල අඩංගුව තිබූ මයික්‍රොග්‍රෑම් 100 කින් අඩක් වන මයික්‍රොග්‍රෑම් 50 ක් ලබාගත යුතුය.
Johnson & Johnson තනි මාත්‍රා එන්නත ලබාගත් අය ට මාස 2 කින් පසුව බූස්ටරය ලබාගත හැක.
කෙසේ නමුත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ දෛනිකව නව ආසාදන 88,000 බැගින් වාර්තා වන්නේත්, දිනකට තවමත් දහසකට වැඩි පිරිසක් මිය යන්නේත් එක් එන්නතක් හෝ ලබානොගත් ජනතාව ය.
ඒ අනුව එන්නත්කරණය සම්පූර්ණ කළ අයට බූස්ටරයක් ද ලබාදීමේ තීරණය ‘බූස්ටර් බොනැන්සා‘වක් ලබාදීමක් ලෙස විවේචනය ට ලක් වේ.
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…