කාලීන

ඇමරිකාවේ අන්තවාදී ProudBoys කණ්ඩායම, LGBT+ අභිමානයෙන් සමතලා වී ගිය අපූරුව !

මේ ප්‍රවණතාව Proud Boys නම් වූ දැඩි දක්ෂිණාංශික, සංක්‍රමණ විරෝධී කණ්ඩායමේ සමාජ ජාලා පළ කිරීම් ගිල දමන්නට ගත් ප්‍රයත්නයකි.

මීට සහය පළ කර, නළුවන්, කලාකරුවන් මෙන් ම කැනේඩියානු සන්නද්ධ හමුදා සාමාජිකයන් ද තම ඡායාරූප පළ කර තිබේ.

පසුගිය සතියේ සිට, #ProudBoys යන හෑෂ්ටැගය 88,000වාරයකටත් වඩා සංසරණය වී ඇත.

Proud Boys සහ antifa යනු කවුරුද?

ඔවුන් ගේ පළකිරීම් බහුතරය ඔක්තොම්බර් පළමුවන දා සිට පළ වූ ඒවා වේ. එ දින, ස්ටාර් ට්‍රෙක් නළු සහ LGBT අයිතීන් ක්‍රියාකාරික ජෝර්ජ් ටැකී සමරිසි පිරිමින් ද මේ හෑෂ්ටැගය භාවිත කරමින් තමන් ගේ ඡායාරූප පළ කළ යුතු බවට යෝජනා කළේ ය.

ඔහු ගේ ට්විටර් පණිවුඩය කොරියානු ජනප්‍රිය සංගීත ලෝලීන් ගේ මෙවැනි ම ක්‍රියාදාමයක් පිළිබද ද අවධානය යොමු කළේ ය. Black Lives Matter ව්‍යාපාරය සම්බන්ධයෙන් විවේචනාත්මක වූ පුද්ගලයෝ #WhiteLivesMatter සහ #AllLivesMatter යන හෑශ්ටැග් භාවිත කර කොරියානු සංගිත තරුවල ඡායාරූප සමාජ ජාලා ඔස්සේ සංසරණය කළහ.

Proud Boys කණ්ඩායමේ මුල් පුටුව හොබවන එන්රික් ටාරියෝ CNN වෙත කියා සිටියේ මෙතුළින් සමාජ ජාලා භාවිත කරන්නන් කරන්නට සැරැසෙන දේ තමන්ට නොවැටහෙන බව යි.

“මං හිතන්නේ ඒක පිස්සුවක්”, ටාරියෝ කියයි. “මෙය අපට කරන පහර දීමක් නොවේ. අප සමරිසිවිරෝධී නැහැ. කවුරුන් කා සමග යහන් ගත වනවා ද යන්නෙන් අපට පළක් නෑ.”

“මෙයින් ඔවුන්ට කරන්නට අවශ්‍ය දෙයක් නම් අපට සහයෝගය දක්වන්නන් ගේ පළ කිරීම් ගිල දැමීමයි, අපව නිහඬ කිරීම යි,” ඔහු එක් කළේ ය, “අප අන් අය ගේ අදහස් ගිල දමන්න්නට තැනීම එතරම් ප්‍රගතිශීලි දෙයක් ලෙස මට පෙනෙන්නෙ නැහැ.”

‘විසකුරු පිරිමි කම‘ (toxic masculinity)ට සමරිසියන්ගෙන් පාඩමක්

කැනේඩියානු-බ්‍රිතාන්‍ය, දක්ශිණාංශික ක්‍රියාකාරික ගැවින් මැකින්ස් විසින් 2016 දී අරඹනු ලැබූ Proud Boys කණ්ඩායම, දැඩි දක්ෂිණාංශික, සංක්‍රමණ විරෝධී, පිරිමින් ගෙන් පමණක් සැදි කණ්ඩායමකි. ඔවුන් ජීව විද්‍යාත්මකව පිරිමින්ගෙන් සමන්විත වනවා පමණක් නොව, ‘විසකුරු පිරිමි කම‘ (toxic masculinity) සිය අභිමානය සේ සලකන අය බව ද ඔවුන්ගේ ක්‍රියාවෙන් පෙනේ. එනිසා හුදෙක් වචනයෙන් පමණක් ‘තමන් සමරිසි හා සංක්‍රාන්ති විරෝධී කණ්ඩායමක් නොවේ යැයි පැවසීමෙන් පලක් වන්නේ නැත.

සම්පූර්ණයෙන් ම සුදු ජාතිකයන් ගෙන් සමන්විත නොවූවත්, වාමාංශික කණ්ඩායම් සමග දැඩි ගැටුම් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඔවුහු කුප්‍රකට වී සිටිති. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටිවිටර් සහ යූටියුබ් යන සියලු අඩවිවලින් ඔවුන් තහනමට ලක් කර ඇත.

තවද ඔවුන්ගේ අංක එකේ රසිකයා වන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. මේ ලිපිය සමග පළ වන ප්‍රධාන ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමයෝජනා ලැබූ සතුට සමරමින් ඔවුන් එදා පොලු මුගුරු සමග වීදියට බැසි ආකාරයයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද  තමන්ට සහාය දක්වන කණ්ඩායම් ගැන කතා කිරිමේදී මහත් ආඩම්බරයෙන් යුතුව ‘ප්‍රවුඩ් බෝයිස්‘ යන්න භාවිතා කර තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.

ජෝ බයිඩන් සමග විවාදයේ දී, ජනාධිපති ට්‍රම්ප් ද මේ කණ්ඩායම පිළිබද ඔහු ගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් විවේචනයට ලක් විය. සුදු ආධිපත්‍යවාදී කණ්ඩායම් සහ හමුදා කණ්ඩායම්, හෙළා දකින්නේදැයි විමසන ලද විට, ජනාධිපති ට්‍රම්ප් ඔවුන්ට කීවේ “පසුපසට වී සූදානම් ශරීරයෙන් සිටින්න” යි (stand back and stand by) යනුවෙනි.

එනිසා වසරකට වරක් සිය අභිමානය (Pride) සමරන ලෝකයේ සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව අභිමාන මාසයෙන් (Pride Month) පසුවත් සිය අභිමානය සත්‍ය වශයෙන්ම සමරා තිබේ. තවද මෙය, අන්තවාදී කණ්ඩායම්වලට සිවිල් සමාජ ව්‍යාපාරයකින් පිළිතුරු දිය යුත්තේ කෙසේද යන්න ගැන ද ලෝකයට පූර්වාදර්ශයක් සපයයි.

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

9 mins ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

12 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

16 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

18 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

18 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

19 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

22 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

23 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

23 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago