කාලීන

ඇමරිකාවේ කෝවිඩ් රෝගීන් ගණන මිලියන 8 පසු කරද්දී බාර් වහන්න එපා යැයි ස්පාඤ්ඤය මහ පාරට – OBT Global Report – 2020/10/17

ඇමරිකාවේ රෝගීන් ගණන මිලියන 8 සීමාව පසු කරයි

අද (17) අළුයම වාර්තා වූ පරිදි ඇමරිකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 8 කඩඉම පසු කළේය.

ඒ, නව රෝගීන් 53,000 ක් ගත වූ පැය 24 තුළ වාර්තා වීමත් සමග ය.

ඒ අනුව ‘අතිශය දුෂ්කර ශීත සෘතුවක්‘ අබියස සිටින ඇමරිකාවේ තත්වය ඉදිරියේදී තවත් බරපතළ වීමේ විශාල අවදානමක් තිබේ.

මේ වන විට ඇමරිකාවේ රෝග පරීක්ෂාවට ලක් වන අය අතරින් පොසිටිව් අය වාර්තා වීමේ අවදානම 5% ක සාමාන්‍යයක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අයෝවා සහ අයිඩහෝ වැනි ඇතැම් ජනපදවල එම ප්‍රතිශතය 20%ක් තරම් ඉහළ අගයක් ගනියි.

අද දිනය වන විට රෝගයෙන් මිය ගොස් ඇති ඇමරිකානුවන් සංඛ්‍යාව 218,000 ඉක්මවා ගොස් තිබේ. 2021 පෙබරවාරි 1 දා වන විට මේ සංඛ්‍යාව 389,000 ක් වනු ඇතැයි ගණන් බලා ඇත.

‘‘මට කෝවිඩ් හැදුණෙ ධවල මන්දිරයෙන්‘‘ – ක්‍රිස් ක්‍රිස්ටි

හිටපු නිව්ජර්සි ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි ABC පුවත් සේවයේ “Good Morning America” වැඩසටහනට ඊයේ සහභාගි වූයේ, කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වී දින 7 ක් රෝහල්ගතව සිටීමෙන් පසුව ය.

එහිදී, තමන් මුහුණු වැස්මක් නොපැළඳීම මගින් විශාල වරදක් කළ බව ඔහු පසුතැවිල්ලෙන් යුතුව කියා සිටියේය.

‘‘මේ ලෙඩේ හැදුණාම හරියට බඩු ගෙනියන කෝච්චියක හැප්පුණා වගේ…‘‘ ඔහු එම වැඩසටහනේදී පැවසීය.

‘‘හැමදේම වෙන්නෙ ඉතාම – ඉතාමත්ම ඉක්මනින්.. පැය 24 ක් ඇතුළත ඉතාම හොඳට හිටිය මම නතර වුණේ දැඩි සත්කාර ඒකකයේ..‘‘

ඇදුම රෝගියෙක් ද වන ක්‍රිස් ක්‍රිස්ටි, තමාට රෝගය වැළඳුණේ ධවල මන්දිරයෙන් බව ද සඳහන් කළේ මෙසේ ය.

‘‘මාස 7 ක් මම හොඳට හිටියා.. ධවල මන්දිරයේ හැම කෙනෙක්ම රෝග පරීක්ෂාව කරගෙන කියල මම හිතුවා. ඒත් මම වැරදියි. ධවල මන්දිරයට ගිය වෙලාවෙ මම කිසිම විදිහකින් පරිස්සම් වුණේ නෑ..‘‘

කුමන අපේක්ෂකයාගේ මැතිවරණ රැළියට ගියත්, කුමක් කළත් කොහේ ගියත් හැම විටම මාස්ක් පළඳින ලෙස ද ක්‍රිස් ක්‍රිස්ටි ඉල්ලීමක් කළේය.

ප්‍රංශයට ඇඳිරි නීතිය

ප්‍රංශය දෙවැනි කෝවිඩ් රැල්ලට විශාල වශයෙන් නතු වෙමින් තිබේ.

පෙරේදා දිනයේ එක් දිනක් තුළ නව රෝගීන් 30,000 ක් පමණ වාර්තා වූ අතර ගත වූ පැය 24 තුළ නව රෝගීන් 25,086 ක් වාර්තා විය.

ඒ අනුව පෙරේදා දිනයේ පටන් පැරිසිය ඇතුළු නගර 8කට ඇඳිරි නීතිය බලපැවැත්වේ. රැකියාවට යන අය පවා අදාළ වරලත් ලේඛණ ළඟ තබාගත යුතු බව බලධාරීහු පවසති.

රට පුරාම මංගල උත්සව වැනි සෙනග එක්රැස්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මීට පෙර දිනයේ වාර්තා වූ රෝගීන් 22,000 කට අධික සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් මේ අන්දමින් සිදුවීමත් සමග ප්‍රංශ බලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ කෝවිඩ්-19 වසංගතය පිළිබඳ බරපතළ ලෙස සිතිය යුතු බවට ය.

මේ වන විට ප්‍රංශයේ ජීවත් වන මිලියන 67 ක් ජනතාව අතරින් මිලියන 20 ක් දෙනා කෝවිඩ් හේතුවෙන් බලපෑමට ලක් ව සිටින බව වාර්තා වේ.

එංගලන්තයේ සෑම 160 දෙනෙකුගෙන්ම එක් අයෙක් කොරෝනා වෛරසයට නතු වෙලා

එංගලන්තයේ සෑම 160 දෙනෙකුගෙන් ම එක් අයෙක් වෛරසට නතු වී ඇති බව ස්කිය නිව්ස් පුවත් සේවය පවසයි.

ගතවූ පැය 24 තුළ එංගලන්තයෙන් නව රෝගීන් 27,900 ක් වාර්තා වී තිබේ.

රට පුරා දළ වශයෙන් දහසක් පමණ දෙනා මේ වන විට නව රෝගීන් වශයෙන් රෝහල්ගත වෙමින් සිටින අතර, රෝහල් දැඩි සත්කාර ඒකකවල ඇඳන් වල හිඟයක් ද මතු ව තිබේ.

සිකුරාදා දිනයේ පටන් නව ආරක්ෂණ සීමාවන් ද එක්සත් රාජධානිය සඳහා හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ පටන් ලන්ඩන් නුවර ‘සෙසු ගෘහයන් සමග මිශ්‍රවීම තහනම්‘ බවට ද නීතියක් පනවා තිබේ.

පොසිටිව් වූ රොනාල්ඩෝ ඉතාලි යයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙයට දින 2 කට පෙර කෝවිඩ්-19 පොසිටිව් තත්වයේ පසුවූ බව සොයා ගැනුණු අතර, ඔහු ඉතාලිය බලා ගොස් තිබේ.

පෘතුගාලයේ සිට ඔහු ඉතාලිය බලා ගොස් තිබෙන්නේ පුද්ගලික ‘ඇම්බියුලන්ස්‘ ජෙට් යානයකිනි.

35 හැවිරිදි රොනාල්ඩෝ, ප්‍රංශයට එරෙහිව ජාතික ලීග පාපන්දු තරගයක් පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ දිනයට පසු දිනයේ ඔහු පොසිටිව් බව සොයා ගැනුණි.

ඉතාලිය සැලකෙන්නේ කෝවිඩ් දෙවැනි රැල්ල වඩාත්ම සාර්ථක ලෙස පාලනය කරන යුරෝපියානු රට ලෙස ය.

ඉතාලියෙනුත් රෝගීන් දස දහසක්

නමුත් ඊයේ දිනයේ ඉතාලියෙන් ද නව රෝගීන් 10,000 ක් දෙනා වාර්තා වී තිබේ.

මෙය එදා මෙදාතුර ඉතාලියෙන් දිනකට වාර්තා වූ වැඩිම දෛනික සමස්ත රෝගීන් ගණනයි.

ජර්මනියේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ

වසංගතයට නතු වීමෙන් පසුව ජර්මනියෙන් වාර්තා වූ වැඩිම දෛනික රෝගීන් ගණන ඊයේ දිනයේ වාර්තා විය. එය, නව ආසාදන 7,334 කි. තවද ජර්මනියෙන් දිනකට නව ආසාදනයන් 7,000 කට වඩා වාර්තා වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

වසංගතයේ පළමු රැල්ල ඇති වූ මාර්තු මාසයේ ද එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන (මාර්තු 28) 6,300 ක් පමණක් විය.

ගතවූ පැය 24 තුළ ජර්මනියෙන් මරණ ද 24 ක් වාර්තා වී තිබේ. මේ අනුව සම්පූර්ණ මරණ ගණන 9,734 ක් වන අතර, සමස්ත රෝගීන් ගණන 348,557 කි.

බෙල්ජියමේ බාර්, කැෆේ සහ ආපනශාලා මසකට වැසෙයි

බෙල්ජියමේ බාර්, කැෆේ සහ ආපනශාලා මසක කාලයක් සඳහා වසා දමා තිබෙන්නේ වසංගත පාලනය වෙනුවෙනි.

රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ද ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක ය.

බෙල්ජියම, යුරෝපයේ වැඩිම කෝවිඩ් අවදානමක් ඇති රටක් බවට පත්ව තිබේ. 10,372 ක් දෙනා මිය ගොස් ඇති අතර, 192,000 ක් දෙනා ආසාදිතයන් බවට පත් ව තිබේ.

බෙල්ජියම, නව සීමාකරණ නීති පැනෙව්වේ දෛනික රෝගීන් ගණන හයදහස ඉක්මවා යාමත් සමග ය.

මේ අතර, ස්පාඤ්ඤයට ද මේ හා සමාන තහනමක් පනවා ඇති අතර, එයට විරුද්ධව බාසිලෝනාව සහ විශේෂයෙන්ම කැටලෝනියා කලාපයේ විශාල සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණදැකගන්නට ලැබිණි. (කියවන්න – ‘බාර් වහන්න එපා – ස්පාඤ්ඤය පුරා උද්ඝෝෂණ)

Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

10 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

14 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

16 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

16 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

17 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

21 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

21 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

22 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago