එමෙන්ම කාන්තා මාධ්‍යවේදිනියන්ට සහ ඉදිරිපත් කරන්නන්ට තිරය මත හිස් වැසුම් පැළඳිය යුතු බවට නියෝග කර ඇතත්, කුමන ආකාරයේ ආවරණයක් භාවිතා කළ යුතු දැයි එකී මාර්ගෝපදේශවල සඳහන් නොවේ.
ප්‍රවෘත්ති වාර්තාකරුවන් පවසන්නේ සමහර නීති අපැහැදිලි සහ අර්ථ නිරූපණය සිදු නොවන බවයි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය පසුගිය අගෝස්තු මැද භාගයේදී අත්පත් කර ගත් අතර බොහෝ පුරවැසියන් බිය වන්නේ ඔවුන් ක්‍රමයෙන් දැඩි සීමාවන් පැනවීම පිළිබඳවයි.
එක්සත් ජනපදයේ සහ මිත්‍ර හමුදාවන්ගේ නික්ම යාමෙන් පසු පාලනය සියතට ගත් සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම වහාම ගැහැණු ළමයින්ට සහ තරුණියන්ට පාසලෙන් බැහැරව නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේය. 1990 ගණන්වල ඔවුන්ගේ පෙර පාලන සමයේදී කාන්තාවන්ට අධ්‍යාපනය සහ රැකියා ස්ථානය තහනම් විය.
ඇෆ්ගන් රූපවාහිනී නාලිකා වෙත නිකුත් කර ඇති මෙම නවතම තලේබාන් මාර්ගෝපදේශ මාලාවේ නව නීති අටක් ඇතුළත් වේ.
ෂරියා , හෝ ඉස්ලාමීය නීතිය සහ ඇෆ්ගනිස්ථාන සාරධර්මවල මූලධර්මවලට පටහැනිව සලකනු ලබන චිත්‍රපට තහනම් කිරීම ඒවාට ඇතුළත් වන අතර, පිරිමින් ශරීරයේ සමීප කොටස් නිරාවරණය කරන දර්ශනද තහනම් කර ඇත. ආගමට අපහාස කිරීම හෝ ඇෆ්ගන් ජාතිකයින්ට පිළිකුල් සහගත ලෙස සැලකිය හැකි ප්‍රහසන සහ විනෝදාස්වාද සංදර්ශන ද තහනම් වේ. එමෙන්ම විදේශීය සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කරන විදේශීය චිත්‍රපට විකාශනය නොකළ යුතු බව තලේබාන් සංවිධානය අවධාරණය කර ඇත.
ඇෆ්ගනිස්ථාන රූපවාහිනී නාලිකා ප්‍රධාන කාන්තා චරිත සහිත විදේශීය නාට්‍ය වැඩි වශයෙන් පෙන්වයි. ගැහැණු ළමයින්ට සහ තරුණියන්ට පාසලෙන් පිට වී යන ලෙසට තලේබාන් සංවිධානය කලින් ගත් තීරණය නිසා එහි ජනගහනයෙන් අඩකට අධ්‍යාපනය ලැබීම තහනම් කළ ලොව එකම රට ඇෆ්ගනිස්ථානය බවට පත් විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…