ඒ හැටි ලකයක් නැති දුහුවිලි වැකුණු පංජාබයේ කටු මැටි බිත්තියකට පිටු පා කොලුවා සිටිගෙන සිටියි. ඉදිරිපසින් බලන විට නම් දුල්හා සිං නමැති මේ 8 හැවිරිදි කොලුවාගේ කිසිම අමුත්තක් නැත. ඔහු උසැති ය. හීන්දෑරි ය. දත් අතර ලොකු හිඩැසකි. නමුත් ඔහුට හැබෑම වලිගයක් තිබේ. එය අඟල් කිහිපයක් දිග ය. වලිගය පටන් ගන්නා තැන ඝනැති රෝම ගුලියකි. “පොඩි කාලෙ ඉඳන්ම කොල්ල මේ වගේ… කොල්ල ලොකු වෙන්න ලොකු වෙන්න වලිගෙත් දික් වුණා.. දැන් ඉතින් රට පුරාම මිනිස්සු කොල්ලව බලන්න එනවා..” යැයි දුල්හාගේ මාමා වන සහීබ් කියයි.
ඔහුගේ මව කුඩා කාලයේදීම මෙලොව හැර ගිය බැවින් ඔහුව රැකබලා ගන්නේ ඥාතීන් ය. ඔහුගේ කුඩා වලිගය, ගැහැනු ළමයෙකුගේ කොණ්ඩයක් ගොතනවාක් මෙන් මහත් ආදරයෙන් ගොතා තබන්නේ ද ඔවුන් විසින්ම ය. දුල්හාට වැඳුම් පිදුම්වලින් අඩුවක් නැත. හනුමා දෙවියන් ඉපදී ඇත යන ආරංචියක් අසල ගම් දනව්වල පමණක් නොව රට පුරාම මේ වන විට පැතිර ගොස් තිබේ. ඒ ආරංචිය අසා හනුමාන් බැතිමතුන් මේ ගමට පැමිණි විට ඔවුන්ට මේ කොලුවා දැගනන්නට ලැබේ. තම කොලුවා හනුමාන් දෙවියන්ගේ පුනර්ජන්මයක් ලෙස සලකනවාට ඔහුගේ ඥාතීන් කොහෙත්ම කැමති නැත. එනිසා එසේ පැමිණෙන අමුත්තන්ට ඔවුන් හොඳ හිතින් සලකන්නේ නැත.
නමුත් එය එසේ වූවා කියා එසේ පැමිණෙන සෙනඟේ අඩුවක් ද නැත. දඟකාර වයසේ පසුවන නිසා දුල්හා ගස් නගින්නට ඉතාම ප්‍රිය කරයි. එවිට ඔහු දිස්වන්නේ නියම වානර දරුවෙක් ලෙස ය. නමුත් කිසිවෙක් ඔහුට සිනා නොවෙති. ඒ වෙනුවට භක්තියෙන් සහ ගෞරවයෙන් සලකති. මේ නිසා ‘ගම්බද සෙලිබ්‍රිටි’ කෙනෙකු සේ ද සැලකිය හැකි මේ දරුවා, සංචාරක ආකර්ෂණයක් යැයි ද කිව හැකිය. දුල්හා සාමාන්‍ය දරුවෙක් සේ පාසල් යයි. ඔහු පාසලේ ඉතාම ජනප්‍රිය ය. මිතුරන්ගෙන් ද හිඟයක් ඔහුට නැත. “මගෙ යාලුවො කවුරුවත් මට හිනාවෙන්නෙ නෑ… එයාල මට හරිම ආදරෙයි..” යැයි ඔහු කියයි.
දුල්හාට වැඳුම් පිදුම්වලින් අඩුවක් නැත. හනුමා දෙවියන් ඉපදී ඇත යන ආරංචියක් අසල ගම් දනව්වල පමණක් නොව රට පුරාම මේ වන විට පැතිර ගොස් තිබේ. ඒ ආරංචිය අසා හනුමාන් බැතිමතුන් මේ ගමට පැමිණි විට ඔවුන්ට මේ කොලුවා දැගනන්නට ලැබේ.
ඉන්දියාවේ චන්දිගාර් ප්‍රදේශයෙන් මෙයට වසර දෙකකට පමණ පෙර වාර්තා වූයේ අඟල් 7 ක් දිගට වැඩුණු වලිගයක් සහිත දරුවෙක් සැත්කමකට ලක් කර සාමාන්‍ය තත්වයට පත් කළ බවයි. මෙම සැත්කම සඳහා පැය 8 ක කාලයක් ගත වී තිබූ අතර, කශේරුකාවලට හානියක් නොවී එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු සැත්කමකි.
පංජාබයේ වෙසෙන දුල්හාගේ පවුලේ අය හනුමන්තා බැතිමතුන් නොවේ. නමුත් ඔවුන් පවා සලකන්නේ මේ වලිග පොඩිය කපා දැමීම අසුබ දෙයක් ලෙස ය. එනිසා දුල්හා මේ අසාමාන්‍ය ශරීර වර්ධනය සමගම වැඩෙනු ඇත. අනෙක් අතට පුංචි දුල්හා සිං ද සිතන්නේ මේ වලිග පොඩිය දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් කියා ය.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…