ඒ, ආසියාතික නොවන රටකින් වාර්තාව වන ඉහළම කොරෝනා අවදානම සමගිනි.
ඉතාලියේ සිවිල් ආරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට මේ වන විට ඉතාලිය තුළ සිටින තහවුරු කර ගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1694 කි. ඉරිදා දිනයේ මේ සංඛ්‍යාව වාර්තා වූයේ, සෙනසුරාදා දිනයේ එම අගය 1,128 ක් ලෙස පැවතියදී ය.
ඉතාලිය තුළ 34 දෙනෙකු මේ වන විට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගොස් තිබේ.
ඩෙල්ටා එයා ලයින්ස් විසින් මිලාන් නගරය වෙත පැමිණෙන ඇමරිකානු ගුවන් වාර අවලංගු කරනු ලැබ ඇත. රෝමය වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා තවමත් එබඳු සීමා කිරීමක් සිදු කර නොමැති බව ද දැක්වේ.
මිලාන් නගරයේ සුප්‍රසිද්ධ ලා ස්කාලා (La Scala) ඔපෙරා රඟහල ද කොරෝනා අවදානම හේතුවෙන් මාර්තු 8 වැනිදා වන තෙක් වසා දැමීමට තීරණය කර ඇත.
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් 30,000 – 50,000 අතර ප්‍රමාණයක් වෙසෙති. ඔවුන්ගෙන් බහුතරය දිවි ගෙවන්නේ මිලාන්, නාපොලි, වැනීසිය, රෝමය ඇතුළු නගරවල ය. මිලාන් නගරය මේ වන විට කොරෝනා තර්ජනයට මුහුණ දී සිටින බව ඉහත විස්තරය අනුව පැහැදිලි වේ.
ඉතාලියේ සිට ලංකාවට පැමිණි කිහිප දෙනෙකු සෙම්ප්‍රතිශ්‍යාව (ෆ්ලූ)ට සමාන රෝග ලක්ෂණ දැක්වූ හෙයින් ඔවුන්ව රාගම, ශ්‍රී ජයවර්ධන සහ අංගොඩ උණ රෝහල වෙත යවා නේවාසික ප්‍රතිකාර ලබාදුන් බවට ද මාධ්‍යවල වාර්තා පළ විය.
කෙසේ නමුත් මෙයට දින 3කට පෙර ඉතාලියේ ඇති ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වැළඳී නොමැති බවයි.
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…