එසැණ පුවත්

ඊශ්‍රායලය, බහරේන් සහ එමීර් රාජ්‍යය අතර ඓතිහාසික සාම ගිවිසුමට අත්සන් තැබේ

ඊශ්‍රායලය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු ද, බහරේන් සහ එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරුන් ද මෙයට එක් වී සිටියහ.

‘‘මැද පෙරදිගට සාමය උදා වෙන්නට නියමිතයි‘‘ යැයි එහිදී ගිවිසුම සඳහා සත්කාරකත්වය දරමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ට්‍රම්ප් මෙම සාම ගිවිසුමට අත්සන් කිරීමට සහාය ලබාදුන්නේ එහි කපුකම කිරීම මගිනි. මෙහිදී ඔහුගේ බෑණා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වන ජරෙඩ් කුෂ්නර්ගේ බලපෑම ද ඉවහල් විය. ඇතැම් විචාරකයෝ මෙය හුදෙක් සාම ගිවිසුමක්  පමණක් නොව ව්‍යාපාරික ගිවිසුමක් ලෙස ද දකිති. කෙසේ වුවත්, මෙම ගිවිසුමට එළඹීමත් සමග ඊශ්‍රායලය, බටහිර ඉවුර සම්බන්ධයෙන් දක්වන ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය හකුළා ගනු ඇත.

2020 ඇමරිකානු ජනාධිපතිවරණයට දින 48 ක් තබා ට්‍රම්ප් විසින් සිදුකළ මෙම කලාපීය මැදිහත්වීම, ඡන්ද ගුණ්ඩුවක් ලෙස පටු ලෙස නොසැලකිය යුතු බවත්, සාධනීය ලෙස දැකිය යුතු බවත් විචාරකයන්ගේ මතයයි.

මෙම ගිවිසුම, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ අතිශය වැදගත් සන්ධිස්ථානයකි.

ඒබ්‍රහම් සම්මුතිය (Abraham Accords)

මෙම ගිවිසුම නම්කර තිබෙන්නේ Abraham Accords යනුවෙනි. එහි අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ විස්තර හෙළිදරව් වී නැතත්, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් සහ බහරේනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍ය තත්වයට හැරවීම මෙහි අරමුණයි.

සම්මුතිය පිළිබඳ කතාබහ ආරම්භ වීමත් සමග ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කළේ දෙරට අතර සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට තමන් තීරණය කළ බව ය.

මේ දක්වා ඊශ්‍රායලය සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගියේ අරාබි රාජ්‍යයන් 2 ක් සමග පමණි. එනම්, ජෝර්දානය සහ ඊජිප්තුව සමග පමණි.

පලස්තීන සාම ගිවිසුම සිහි කැඳවමින්…

ධවල මන්දිරයේදී මෙම ගිවිසුම අත්සන් කෙරුණේ, මෙයට වසර 25කට පෙර එවකට ජනපති බිල් ක්ලින්ටන්, ඊශ්‍රායල් අගමැති යිට්සැක් රාබින් සහ පලස්තීන නායක යසර් අර්ෆත් විසින් පලස්තීන සාම ගිවිසුම අත්සන් කළ ස්ථානයේදීම වීම විශේෂත්වයකි.

Share

Recent Posts

මළ කුණ ඔබ ලග තබා ගන්න, චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

44 mins ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

53 mins ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

15 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

18 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

19 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

19 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

20 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

20 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

20 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

23 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

3 days ago