කාලීන

එංගලන්ත මහ බැංකුවට සමු දී දේශගුණික විපර්යාස සටනට උර දෙන උදාර මිනිසා

ඔහු, එදා පටන් දේශගුණික ක්‍රියාකාරකම් සහ මූල්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ලෙස පත්වනු ඇත.

බ්‍රිතාන්‍ය , කැනේඩියානු සහ අයර්ලන්ත පුරවැසිභාවයන් සමග ‘ත්‍රිත්ව පුරවැසි‘ මහබැංකු ප්‍රධානියෙකු වුවද ඔහු, ලංකාවේ සමහර ද්විත්ව පුරවැසි මහබැංකු ප්‍රධානීන් තරමටවත් ආර්ථිකය හිරිවට්ටන දේ කළේ නැත. ඔහු බ්‍රෙක්සිට් කඩා වැටීම තුළ බ්‍රිතාන්‍ය ආර්ථිකයට උපරිම සුරක්ෂණය ලබාදීම පිණිස අනාගතය සඳහා වැඩ කළේය.

ලෝකයේ නියම ලිබරල් පියවරු මේ ය.

BBC Radio 4 Today interview වැඩසටහන සමග එක්ව සිය අනාගත සැලසුම් පිළිබඳ ඔහු දැක්වූ අදහස්, මූල්‍ය ප්‍රධානියෙකු ලෙස, ලෝකයේ පාරිසරික සටන ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න ගැන කදිම කමටහනකි.

මිහිතලය උණුසුම් වීමේ සීමාව සෙල්සියස් අංශක 4 කින් අඩු කර ගැනීමේ සිහිනය අපට දුර වැඩි යැයි එහිදී ඔහු කියයි. සෙල්සියස් අංශක 4 කින් මිහිතලය උණුසුම් වීම යනු, ලොව පුරා ජනතාව මිලියන 760ක් විපතේ හෙළමින් සාගර ජල මට්ටම මීටර 9 කින් ඉහළ යාමකි.

‘‘කළ යුත්තේ කුමක්ද කියා සිතමින් අපි තවත් දශකයක් ගත කරාවි. අංශක 1.5 ක ඉලක්කය අපි හැකිතාක් ඉක්මනින් ළඟා කර ගත යුතුයි.‘‘ යැයි ඔහු කියයි.

මේ වැඩසටහනේදී ඔහු නිතර භාවිතා කරන යෙදුමක් වන්නේ climate crisis හෙවත් දේශගුණික අර්බුදයයි. දේශගුණික අර්බුදය හමුවේ ලෝකය අවදි නොවන්නේ නම්, බොහෝ සමාගම්වල වත්කම්, කිසිදු වටිනාකමකින් තොර වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

‘‘සෑම සමාගමකින්ම, සෑම මූල්‍ය ආයතනයකින්ම, සෑම දේපළ කළමනාකරුවෙකුගෙන්ම, සෑම විශ්‍රාම අරමුදලකින්ම අපි ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඔබේ සැලසුම කුමක්ද? යන්නයි.‘

Sky News

ඔහු එහිදී තරයේ අවධාරණය කරන්නේ ගල් අඟුරු සතුරා ගැන ය. ගල් අඟුරු දහනය වහාම ක්‍රියාත්මක වන පරිදි 80%කින් සහ, වැඩිදියුණු කළ ඛණිජ තෙල් සංචිත දහනය 50%ක් නතර කර නොගන්නේ නම් අනාගත මානවයා නොව, මේ පරම්පරාවේම මානවයා සිය ජීවිත කාලය තුළම අති මහත් උවදුරුවලට මුහුණ පානු ඇත.

‘‘වහාම, මේ දැන්ම ගල් අඟුරු කර්මාන්තය සඳහා තවදුරටත් ආයෝජනය කිරීම නතර කළ යුතුයි..“

එංගලන්ත මහබැංකු ප්‍රධානියා මෙසේ ආමන්ත්‍රණය කරන්නේ ගල්අඟුරු කෑල්ලක් අතින් ගෙන පාර්ලිමේන්තුවට උදාරම් ලීලාවෙන් පැමිණි ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් වැනි නායකයන් සහ ව්‍යාපාරිකයන් සිටින ලෝකයකට ය. (ඔස්ට්‍රේලියානු අගමැතිගේ ගල් අඟුරු ලැදියාව ගැන වෙනම ලිපියක් බලාපොරොත්තු වන්න)

දේශගුණික විපර්යාසය – දිගන්තයේ ඛේදවාචකයයි!

දේශගුණික විපර්යාසය ඔහු විසින් හඳුන්වන්නේ ‘දිගන්තයේ/සිතිජයේ ඛේදවාචකය – “tragedy of the horizon” යනුවෙනි. දේශගුණික විපර්යාසවලින් ලෝකය බේරාගන්නේද, නැතිනම් තමන්ගේ ගේ දොරකඩටම ගං වතුර එනතෙක් සිටින්නේදැයි ආයෝජකයන්ට සහ දේශපාලකයන්ට දැන් ඉතිරිව තිබෙන්නේ වසර 2 ත් 10 ත් අතර ප්‍රමාණයක් පමණි. දැන් අප සිටින්නේ සිතිජය අද්දර ය. එතැනින් ඔබ්බට තිබෙන්නේ මිරිඟුවයි.

එංගලන්ත මහබැංකුවෙන් ව්‍යාපාරිකයන්ට ‘ආතති පරීක්ෂණයක්‘- “stress test”

මහබැංකු ප්‍රධානියා වශයෙන් මාර්ක් කානේ, ව්‍යාපාර සඳහා ආතති පරීක්ෂණයක් නියම කර තිබේ. එමගින් දේශගුණික විපර්යාසයෙන් වැඩිපුරම බලපෑමට ලක්වන ක්ෂේත්‍ර සහ ආයතන/සමාගම් හඳුනා ගැනේ.

ප්‍රශ්නය වන්නේ මූල්‍ය ආයතන මේ අවදානම වටහා ගන්නේ කොතරම් වේගයකින්ද යන්නයි.

අලුත් බැඳුම්කරයක්

මෑතකදී ආක්ටික් මුහුදේ ඛණිජ තෙල් කැණීම සඳහා ගෝල්ඩ්මන් සැක්ස් -Goldman Sachs බැංකුව අනාගත ආයෝජන සැපයීම ප්‍රතික්ෂේප කළේය. ලෝකයේ කිසිදු තැනක නව තාප ගල් අඟුරු පතල් හෝ බලාගාර සඳහා තමන් ආයෝජනය නොකරන බව ද ඔවුන් පවසා තිබේ. ඒ වෙනුවට කාලගුණයට සම්බන්ධිත catastrophe bonds යනුවෙන් නව බැඳුම්කර විශේෂයක් ඔවුන් විසින් හඳුන්වා දී ඇති අතර, ඒවා විකිණීම මගින් දේශගුණික බලපෑම් කළමනාකරණයට උදව් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

රක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන AXA විසින් සියලු ගල් අඟුරු සමාගම් රක්ෂණය කිරීම නවතා දමා ඇත. යුරෝපා සංගමය තුළ දැනට සිදුවන සියලු ගල් අඟුරු කර්මාන්ත ආයෝජන සහ රක්ෂණද ඔවුන් විසින් වසර 2030 වන විට නතර කර දමනු ඇත.

නමුත් ලෝකයේ බොහෝ මූල්‍ය සමාගම් සහ බැංකු, තවම ඒ ගැන සිතාවත් නැත.

2019 ඔක්තෝබරයේදී පර්යේෂණයකින් හෙළි වූ ආකාරයට එක්සත් රාජධෘනිය තුළ වෙසෙන වනජීවී විශේෂවලින් 2/5 ක් (41%) ගතවූ වසර 50 තුළ වඳ වී යාමට ලක්ව ඇත. තවත් 13%ක් වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබේ. වැඩිකල් නොගොස්ම දේශගුණික විපර්යාස සහ දේශගුණික හදිසි තත්වයන් හමුවේ හෝමෝ සේපියන්ස් නාමය ද වඳ වී යාමේ තර්ජනයට ලක්ව රක්ත දත්ත පොතට ඇතුළත් වීමට නියමිත ය.

මේ ගෙවී යන්නේ 21 වන සියවසේ දෙවැනි දශකයේ අවසාන දින කිහිපයයි. අවම වශයෙන් අප දැන්වත් අවදි විය යුතුය. මාර්ක් කානේ වැනි මූල්‍ය ප්‍රධානීන් ලැබෙන තෙක් බලා සිටීමට පවා අපට දැන් කාලයක් නැත.

Cover Photo: Reuters

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

8 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

12 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

13 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

14 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago