ඔබාමා- ඔබ මහා – විසල් මිනිසෙක් ය!

මේ බරාක් ඔබාමා ය. විසිඑක්වන සියවසේ ලොව පහළ වූ ජනකාන්තම නායකයා ය. අප්‍රිකානු ස්වාහිලි බසින් බරාක් යනු ආශිර්වාද ලද්දා ය. සැබෑවකි, නමුත් ඔහු ආශිර්වාද ලද්දෙක් වූයේ ඔහුට පමණක් නොවේ. මුලු ලෝකයටම ය. ජනවාරි 11 වැනිදා සිය සමුගැන්මේ කතාව පවත්වන්නට ඔහු තෝරාගත් තැන සංකේතීය එකක් විය. ඒ නම් කලු ජාතිකයන්ට සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි ‘සුරැකි දෙව්ලොවක්’ සේ සැලකෙන ඉලිනොයි(ස්) ජනපදයේ චිකාගෝ නුවරයි. ඔහුගේ පණ, මිෂෙල්ගේ පැමිණියේ ද චිකාගෝවේ සවුත් සයිඞ් ප්‍රදේශයෙනි. සැබවින්ම ඔබාමාට අවශ්‍ය වී තිබුණේ පටන් ගත් තැනටම පැමිණ, ඒ ජනතාවටම තුති පුදා ගමන නිම කරන්නට ය. ඔබාමා දැකගන්නට එහි රොදබැඳ සිටි පිරිස දහඅට දහසකි. ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා දුන්නද, අන්තර්ජාලය ඔස්සේ ඒවා ඩොලර් දහසක් බැගින් ගෙවා ලබාගන්නට පවා ජනයා උත්සුක වී සිටියහ. ගබ්සාව නීතිගත කරන ගමන්ම, සමසෙනෙහස් ප්‍රජාවට සැනසුම ගෙන දෙන ගමන්ම, වෛවාහක සමානතාවය නීතියෙන්ම තහවුරු කරන අතරම, ඔහු සිය පවුලට පණ සේ පෙම් බැන්දේය.

දියණියන් දෙදෙනා දකින විට ඔහුට සිහිවන්නේ තමන්ගෙන් සමුගත් මව බව ඔහු සිය චරිතාපදානයේ කියා තිබේ. හැමවිටම ඔහු කතා කළේ තමන්ගේ දියණියන් මෙන් ම වූ සකල ඇමරිකාවේ දරුවන් ගැන ය. දැන් වයස 55ක් වන ඔහු, 2008 වසරේදී, ඇමරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා වශයෙන් ඓතිහාසික ලෙස තේරීපත්වූයේ වෙනසේ බලාපොරොත්තුව සමගිනි. ”තව හතරක් ඉන්න.. තව හතරක් ඉන්න..” ඔබාමාගේ කතාව අතරතුර ජනතාව මුරගෑය. එවිට ඔහු, ”මොකක්ද කිව්වේ, තව හයියෙන් කියාපල්ලා” යැයි පාරම් බා, ගැත්තන් ලවා කොස්ඇට බාවන්නා සේ, ඉන්පසු ජෝ බයිඩන් දෙස හැරී, ”පේනව නේද, මිනිස්සු මාව ඉල්ලන්නෙ.. මිනිස්සු.. මම මේ රට පාවාදෙන්නෙ නෑ..”යනුවෙන් කියමින් කෑදර ලෙස පපුවට ගසාගත්තේ නැත. ඒ වෙනුවට ”නෑ. ඒක කරන්න බෑ” යනුවෙන් මද සිනාවක් පා සරල ලෙස කීවේය.!! ඔහු සිය කාල වර්ණ කුසුම වන මිෂෙල් ඔබාමා ගැන පැවසු වදන්වල අනුවාදය මේ ය.

”මිෂෙල් රොබින්සන්, දකුණු දිගින් පැමිණි යුවතිය.., ගතවූ විසිපස් වසර පුරා ඔබ මගේ බිරිඳ සහ මගේ දරුවන්ගේ අම්මා වූවා පමණක් නොවෙයි, ඔබ මගේ හොඳම මිතුරිය ද වුණා. ඔබට උවමනා වී නැති භූමිකාවක් බාරඅරගෙන එය ඔබේම ක්‍රමයකට අලංකාර ලෙස අධිෂ්ඨානයෙන්, ලාලිත්‍යයෙන් සහ රසවත් ලෙස ඉටු කළා. ධවල මන්දිරය ඔබ හැම කෙනෙකුටම අයිති තැනක් බවට පත් කළා.!!” ඔබාමාට මෙවිට හැඬෙයි. ළදැඩියෙක් නොවේ, ඔහු. මේ හැඟීම්බරවීම හැරුණු විට වෙන යම් දුකක් ඔහුට වී නම්, ඒ දුක සකල ඇමරිකාවම අද පෙළෙන -නමුත් සුදු සුප්‍රිමසියට තවම නොදැනෙන අඳුරු අනාගතයයි. ජනවාරි 20 වැනිදා ඔහුගේ පුටුවට එන්නට කෙළ හළාගෙන සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්, මේ වන විටත් පිළිණ දී තිබෙන්නේ ඔබාමා සිදුකළ හොඳ වෙනස්කම් සියල්ල කණපිට හරවන බවට ය. ආර්ථික අසමානතාවය, වාර්ගික බෙදීම් සහ සමාජයේ එකිනෙකට වෙනස් කොට්ඨාස ‘පොදු කාරණා පදනම්කරනොගෙන’ වෙන් කිරීම වැනි දේ ගැන ඔහු අනතුරු අඟවා සිටියේය. විද්‍යාවට ගරු කරන ලෙසටඔහු කීවේය.

දේශගුණික විපර්යාස ගණන් නොගෙන නොසිටින ලෙසට ඔහු කීවේ ඔහු වෙනුවට එන්නට යන ට්‍රම්පා, කන ළඟට හිම දියවෙන තෙක් මේ ප්‍රශ්නයට අසංවේදී බව සාක්ෂි සහිතව මේ වන විටත් පෙන්වා දී තිබෙන නිසා ය. ”ප්‍රජාතන්ත්‍රවාදයට ඔබ ව අවශ්‍යයි2”යැයි ඔබාමා සිය ජනතාවට කීවේ ඒ නිසාය. ඒ අතරම, පාන්දර දෙකට තුනට ඇහැරී කාට හෝ බැණ වදිමින් ට්වීට්කරන, අන්තර්ජාලයෙන් පිස්සු කෙළින,ලෙහෙසිනේ කෝපයට පත්වන ‘හිස් වීරයා’ට හීනියට කනේ පාරක් දෙන්නටත් ඔහු බුද්ධිමත් ලෙස අමතක කර ගත්තේය. ”අන්තර්ජාලයෙන් ආගන්තුකයොත් එක්ක වාද කරලා ඔබට වෙහෙස නම්, හැබැහින්ම ගිහින් ඔවුන්ව මුණ ගැහෙන්න” යැයි ඔහු කීවේ එනිසා ය. උප ජනාධිපති ජෝ බයිඩන් ගැන ඔහු කීවේ ජනාධිපතිකම නිසා ඔහුට සහෝදරයෙක් ලැබුණු බව ය.

මේ ‘කලු මිනිසා’ වැනි ‘සිත සුදු මිනිසෙක්’ තව සියවසකටවත් ඇමරිකාවට පහළ වන්නේ නැත. ඔහුගේ ඡායා පිටපතක් තබා ඡායානුවාදයක්වත් බිහිවන දිනක් නම් අහලකවත් නැත!.

සිය කතාව අවසන් කරමින් ඔහු කීවේ ජනාධිපතිවරයා වශයෙන් ඇමරිකානුවන්ගෙන් එක් අවසාන ඉල්ලීමක් කරන්නට තිබෙනා බව ය. ”මම ඔබලාට කියනවා, විශ්වාසය නැති කරගන්න එපා… මම වෙනසක් ගේන බවට නෙවෙයි, ඔබ ඒ වෙනස කරන බවට…!!” ඔබාමා සැබවින්ම වෙනසක් කළේය. ඔහු කියුබාව සමග සබඳතා යථා තත්වයට පත්කරගන්නට මුලපිරුවේය. ඉරානය න්‍යෂ්ටික වශයෙන් සමනය කළේය. අල්කයිඩාවේ මහ මොළය වූ ඔසාමා බින් ලාඩන්ගේ ගමන නිමා කළේය. තලෙයිබානය, ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්තේය. ඔහු වැඩ කළේ කොංග්‍රසය විපක්ෂය වශයෙන් සිටියදීය. එහිදී ඔහු කොංග්‍රසය කලින් විසුරවන්ට ගියේ නැත. කොංග්‍රසය කියනා පරිදි රූකඩයක් සේ නැටුවේ ද නැත. නිර්මාණශීලී වෙමින් හැකි හැම දෙයම කරන්නට වෙර දැරුවේය. මිලියන 20ක ජනතාවකට අනර්ඝ සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙන්නට දිවි හිමියෙන් කැප වුණේය. ”ඔව් අපට පුලුවනි. අප එය කළා” යැයි ඔබාමා කියන විට කිසිවෙක් ඔහුට හූ කියන්නේ නැත්තේ එනිසා ය.

තවද මුල් පොරොන්දුවෙන් අට වසක් ගිය තැන පවා, ප්‍රතිවිරුද්ධ රිපබ්ලිකන් පාක්ෂිකයෙක් පවා ඔහුගේ මුහුණට හෝ පිටුපසට, ‘වෙනස සැපද?” කියා අද වෙනතෙක් අසන්නේ නැත්තේ ද ඒ නිසා ය. සිතට ගන්න. මේ ‘කලු මිනිසා’ වැනි ‘සිත සුදු මිනිසෙක්’ තව සියවසකටවත් ඇමරිකාවට පහළ වන්නේ නැත. ඔහුගේ ඡායා පිටපතක් තබා ඡායානුවාදයක්වත් බිහිවන දිනක් නම් අහලකවත් නැත!. ඔබාමා-ඔබ මහා- විසල් මිනිසෙක් ය-සුපසන් සුවඳක් ය. කලෙකින් ලොව නොදුටු – අසමසම මිනිසෙක් ය.!!

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

5 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

7 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

7 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago