ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි

ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ඊයේ අවලංගු කර ඇති ගුවන් ගමන්වාර ප්‍රමාණය 2500 කට අධිකය.

මින් දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වන්නේ චිකාගෝ ප්‍රාන්තයෙනි.

නත්තල් සහ නව වසර සැමරීම සඳහා සංචාරවල නිරතව සිටි ඇමරිකානුවන් රැසක් මේ නිසා පීඩාවට පත්ව තිබේ.

අද දිනයේදීද ගමන් වාර බොහෝ ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි ඇමරිකානු යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම ඇතුළු ගුවන් සමාගම් පවසන්නේ.

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග මේ වනවිට ඇමරිකානු කලාපයේ සහ යුරෝපා කලාපයේ රටවල් රැසකින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ප්‍රංශයෙන් 120,000 කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙද්දී ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය යන රටවලින්ද ලක්ෂය ඉක්මවන ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

ගුවන් සමාගම්වල සේවකයන් රැසක් ආසාදිතයන් ලෙස වාර්තා වීම මෙන්ම තවත් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන් එම සමාගම්වල දෛනික කටයුතු ඇණහිට තිබෙනවා.

ඇමරිකාව ඇතුළු රටවල් රැසකට අධික හිමපතනයක් වාර්තා වී ඇති අතර මෙයද ගුවන් ගමන් අත්හිටුවීම සඳහා දැඩිලෙස බලපා ඇත.

පසුගිය දෙසැම්බර් 24 වැනිදා සිට මේ දක්වා ඇමරිකා එක්සත් ජනපදය තුළ අත්හිටුවා ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව 12,000 කට අධික බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN for LNW

Share

Recent Posts

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 mins ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

15 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

22 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

23 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

24 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago