එසැණ පුවත්

කසකස්ථානයේ හදිසි තත්වයක් – කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි – තත්වය පාලනය කිරීමට අසල්වැසි රටවලින් සහාය ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් කසකස්ථානයේ හටගත් අර්බුදකාරී තත්වය මේ වනවිට දරුණු මට්ටමකට උත්සන්න වී තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වන එරට ජනතාව රාජ්‍ය ආයතනවලට ගිනි තබමින්, වාහනවල ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටී.

තත්වය පාලනය කරගත නොහැකිව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් වී ඇති අතර එරට ජනාධිපති ජොමාර්ට් ටකායෙව් රටේ තත්වය පාලනය කරගත නොහැකිව අන්ත අසරණ වී සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

තත්වය පාලනය කර ගැනීම සඳහා කසකස්ථාන් ජනාධිපතිවරයා රුසියාව ඇතුළු අසල්වැසි රටවලින් ආධාර ඉල්ලා තිබෙනවා. පැරණි සෝවිට් රටවල ආරක්ෂක සන්ධානය මගින් කසකස්ථානයට සාම සාධක හමුදා යැවීමට මේ වනවිටත් තීරණය කර ඇති බවයි ආර්මේනියානු අගමැතිවරයා පවසා තිබෙන්නේ.

සීමිත කාලයක් සඳහා එම කණ්ඩායම කසකස්ථානය වෙත යවන බවද අගමැතිවරයා සඳහන් කරනවා.

කසකස්ථාන් ජනතාවගේ ප්‍රබල විරෝධය එල්ල වී තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයාටත් වඩා හිටපු ජනාධිපති නූර්සුල්තාන් නසර්බයෙව්ටයි. දශක තුනකට ආසන්න පාලනයකින් පසුව ඔහු 2019 වසරේදී බලය අත්හළ අතර කෙසේ නමුත් ඔහු වත්මන් පාලනයේද සැළකිය යුතු මැදිහත්කරුවෙකු වේ.

විරෝධතාකරුවන් පවසන්නේ දශක තුනකට ආසන්න නසර්බයෙව්ගේ ක්‍රියාකලාපය වත්මන් සියලු ගැටලුවලට හේතු වී ඇති බවයි. විරෝධතාකරුවන් විසින් මේ වනවිට අල්මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපල ඇතුළු ස්ථාන කිහිපයක බලය අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

UN for LNW

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

29 mins ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 hour ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

18 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago