කැරමල් රසයි – චොක්ලට් රසයි – ‘උරුලෑ කෝපි‘ කෝප්පයයි.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සුපිරි අවන්හලකි. පිරිසුදු ඇඳුමින් සැරසුණ සේවකයෙක් රන්හුයෙන් වැඩ දැමූ පීරිසි කෝප්පයකට උණු වතුර ගෙන ආවේය. කෝපි ලුවාක් නමැති ලේබලය සහිත සීල් කළ පැකට්ටුවක් ඔහු ඊළඟට ගෙන ආවේ භක්තියකින් මෙනි. පැකට්ටුවේ ඇති දෙය කෝප්පයට හැලූ ඔහු ප්‍රවේසමෙන් එය කලතා පිළිගැන්වූයේය. විනාඩි දෙකකට පසු අමුත්තාට මේ කෝපි කෝප්පය රස බැලිය හැකිය. ලොව මිලෙන් අධිකම මෙම කෝපි කෝප්පයක මිල ඩොලර් පනහකි. ලංකා මුදලින් නම් රුපියල් පන්දහසකි.

 

“මදෑ…..තනි කෝපි කෝප්පයකට මෙච්චර ගෙවන්න ඕනෙද ?” අමුත්තා කෝපි කෝප්පය රස බලන්නේ නොසතුටකිනි. එහෙත් එය ඉතා මෘදු රසැතිය. චොක්ලට් සහ කැරමල් රසයන්ගේ එකතුවකි. රස බැලූ පසු ඇඹුල් රසයක් මුවෙහි ඉතිරි නොවේ.

මේ සියලු ගුණාංග එයට ලැබී ඇත්තේ ඒවා උරුලෑ කෝපි වන නිසාය.

ඉන්දුනීසියානු උරුලෑවා තල් ගස් අතර වෙසෙන ලොම් සහිත කුඩා සතෙකි. එම සතාගේ මුහුණ බළලෙකු සහ කැලෑ දිවියෙකුගේ මුහුණක් වැනිය. ඌ කෝපි ගස්වලට නැග හොඳින් ඉදුණු මියුරු ඵල සොයයි. ඒවා මහත් කෑදරකමින් යුතුව ගිල දමයි. උන්ගේ මළ පහ සමඟ අඩක් ජීර්ණය වූ කෝපි ඇට ගස් යට වැටේ. ඉන්දුනීසියානුවන් ලොව මිලෙන් අධිකම කෝපි කෝප්පය පිළියෙළ කරන්නේ එසේ ලුවාක් සතුන් මළපහ කළ කෝපි ඇට අහුලාගෙනය.

“අපි ඒවා හොඳීන් සෝදනවා. ඉන් පසු වියළනවා. ඒ නිසා අප්පිරියා නැහැ. “ මේ ලුවාක් කෝපි නිසා කෝටිපතියන් බවටද පත් වී සිටින ඉන්දුනීසියානුවන්ගේ කතාවයි. සැබවින්ම උරුලෑ කෝපිවලට එම ආවේණික රස සහ සුවඳ ලැබෙණුයේ ද ලුවාක් උරුලෑවාගේ අන්ත්‍රය තුළදී එය අර්ධ වශයෙන් ජීර්ණයට ලක්වීම නිසාය.

ලුවාක් උරුලෑවා කෝපි පලය ගිල දමන්නේ එහි තිබෙන මාංසලමය පොත්තට කෑදරකමිනි. ආමාශයේ දී ප්‍රෝටියෝලිටික එන්සයිම කෝපි ඇට ආක්‍රමණය කරන්නේ පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට ඒවා හරවමිනි. අන්ත්‍රය තුළදී කෝපි ඇටය තවදුරටත් ජීර්ණය වුවත් එහි හැඩය නොවෙනස්ව පවතී.

ගම්මුන් මේවා අහුලාගෙන සෝදා, ඉර අව්වේ වේලා කබලේ දමා බැද කුඩු කරන අවස්ථාව වන විටත් ආවේණික රස සහ සුවඳ එයට ලැබී ඇත.

ඉන්දුනීසියානු කොදෙව්වට අයත් දූපත් අතරින් සුමාත්‍රා, ජාවා, බාලි සහ සුලාවෙසි දූපත්වල ද පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවල ද නැගෙනහිර ටිමෝරයේ ද උරුලෑ කෝපි දැක ගත හැකිය. පිලිපීනයේ දී එයට “කෝඩිරෙල්ලා” කියාද නැගෙනහිර ටිමෝරයේ දී “ලාකු” කියාද කියයි. එහෙත් ලොවේ අන් සෑම කෝපි වර්ගයක් සඳහා මෙන්ම උරුලෑ කෝපිවල ද වැඩි ගරුත්වය හිමි වන්නේ ඉන්දුනීසියාවටය.

එය 18 වැනි ශත වර්ෂයේ මුල් භාගයයි. ඕලන්ද ජාතිකයෝ ජාවා සහ සුමාත්‍රා දූපත්වල කෝපි වගාව ඇරඹූහ. යේමනයෙන් හඳුන්වා දුන් අරාබි කෝපි ද ඒ අතර විය.

ඔවුන් කෝපි වතුවල සේවය කළ කිසිදු කම්කරුවෙකුට කෝපි ඇටයකවත් රස බැලීමට ඉඩ තැබුවේ නැත. එය වෙඩි පහර කෑමට තරම් දරුණු අපරාධයක් බවට තරයේ අවවාද කෙරිණි.
තමන්ට තහනම් කෝපි, උරුලෑවන් රිසි සේ රස විඳින ආකාරයත්, ඒවායේ ඇට මළ පහ සමඟ ගස් යට හෙළා ඇති ආකාරයත් ඔවුන් නිරීක්ෂණය කළේ අසරණකම මුසු වූ සෝපහාසයකින් යුතුවය. පසුව ඔවුන් අතර නිර්භීත අය ඒවා සඟවාගෙන සිය නිවෙස්වලට ගොස් ලොව රසවත්ම කෝපි කෝප්පයේ රස රහසේ බැලූහ.

කෙසේ නමුත් මේ වන විට උරුලෑ කෝපිවල අනුකාරකද ලෝකයේ බිහි වෙමින් තිබේ. උරුලෑ කෝපිවල අධික මිල මෙන්ම එය ක්‍රමයෙන් දුර්ලභ වෙමින් යාමද එයට හේතුවකි.
සැබවින්ම දුර්ලභ වෙමින් යන්නේ කෝපි නොව උරුලෑ සතුන්ය. දඩයම් කිරීම එයට හේතුවයි. මේ අභියෝගය නිසාම ඉන්දුනීසියාවේ ගුවොල්ප් සරසවිය වැනි අධ්‍යයන ආයතන දින එකහමාරක් තුළ උරුලෑවාගේ ආමාශය තුළදී කෝපි ඇටයට සිදුවන රසායනික වෙනස ග්‍රහණය කිරීමට පර්යේෂණ මගින් උත්සාහ කරති. එය මේ දක්වා නම් සාර්ථක වී නැත.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

10 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

15 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

18 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

20 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

20 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago