කාලීන

කොරෝනා ඩයරීස්: ඩෙන්මාර්කයේ මුගටි ගැන ඇත්ත කතාව

ඩෙන්මාර්කය මිලියන 15 ක් මුගටින් එක්වරම මරා දැම්මේ 200 ක් විතර පිරිසකට මුගටින්ගෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේදයක් ආසාදනය වීම නිසා.

කෝවිඩ්19 රෝගය වැළඳිලා මිය යන සිය ඥාතීන් ආදාහනය කරන්න එපා කියල ලංකාවේ මුස්ලිම් ජනතාව කරන ඉල්ලීමට විරෝධය පළ කරන බොහෝ දෙනා කොරෝනා රෝගීන් භූමදානය කිරීමෙන් අනතුරක් වෙනවා කියල පෙන්නන්න මේ සිදුවීමත් උපුටා දක්වනවා. කිහිප දෙනෙක්ම මටත් ඒ ගැන පුවත් එවල තිබුණ.

ඩෙන්මාර්කයේ බලධාරීන් එකවර මරා දමපු මිලියන 15 කට අධික මුගටින් සමහර තැන්වල සමූහ වශයෙන් වල දැම්මේ තට්ටු කිහිපයක් විදියට. සමහර මුගටින් අඩි හයත්, අටත් පමණ ගැඹුරු වලක වලදැම්ම. ඒත් සමහර වලක ගැඹුර මීටරයක් (අඩි තුනක්) විතර ඇති.

බටහිර ඩෙන්මාර්කයේ හමුදා කඳවුරු බහුලව තියෙන ප්‍රදේශයක එහෙම වල දාපු මුගටින්, වලෙන් ගොඩට මතුවෙලා තියෙන්නේ ඒ මළ සිරුරු දිරා යාමේදී සිරුරුවලින් පිටවුණ නයිට්‍රජන් සහ පොස්පරස් වායූන් පස තල්ලු කරගෙන උඩට ඒම නිසා. ඒ පළාතේ තියෙන්නේ වැලි අධික පසක්.

ඒ විදියට මුගටි සිරුරු උඩට මතුවුණ ස්ථාන දෙකක් දැඩි මතභේදයට ලක්වෙලා. එක ස්ථානයක් පිහිටල තියෙන්නේ ජනතාව නිතර ස්නානය කරන විලක් ළඟම. අනෙක ජල මූලාශ්‍රයකට ඉතා සමීපව පිහිටි තැනක්.

මේ තත්වය නිසා මහාචාර්ය මෙත්තිකා විතානගේ පෙන්වා දීල තිබුණ ආකාරයටම ‘භූගත ජලයට අපද්‍රව්‍ය එකතුවීමේ අවදානම’ ගැන ඩෙන්මාර්කයේ බරපතල ආන්දෝලනයක් මතුවුනා.

An aerial view shows thousands of killed mink being buried in a field outside the western town of Holstebro. Photograph: Morten Stricker/Ritzau Scanpix/AFP/Getty Images

කොහොම වුණත් මුගටින්ගේ මළ සිරුරුවලින් භූගත ජලයට කොරෝනා වෛරසය එකතුවෙන්න පුලුවන්ද කියන එක ගැන ඩෙන්මාර්කයේ නම් මෙතෙක් කිසිම පරීක්ෂණයක් පවත්වපු බවක් වාර්තා වෙලා නැහැ. ඒ ගැන බලධාරීන් අවධානය පළ කළ බවකුත් දැනගන්න නැහැ.

එහෙම වලෙන් එලියට පැමිණ තිබුණ මුගටි මළ සිරුරු නිසා ‘භූගත ජලයට අපද්‍රව්‍ය එකතුවීමේ අවදානම’ සලකා බැලූ ඩෙන්මාර්ක ආණ්ඩුව, මිහිදන් කළ මුගටි මිලියන 15 න් මිලියන 4 ක් විතර ගොඩට ගෙන ආදාහනය කරන්න තීරණය කරලා. ඒක කරන්න නියමිත ලබන අවුරුද්දේ – 2021- මැයි මාසයේ.

එහෙම කරන්නේ මළ සිරුරුවලින් ගලන අපද්‍රව්‍ය (ඕජස්) නිසා ජලය අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා මිසක් මුගටි මළ සිරුවලින් ජලයට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට බවක් ඩෙන්මාර්ක බලධාරීන් කියල නැහැ.

ඩෙන්මාර්කයේ පොලිස් ප්‍රකාශක Thomas Kristensen ජාතික ගුවන් විදුලියට කියල තිබුන විදියට මුගටින්ගෙන් කොරෝනා වෛරසරය මිනිසුන්ට ආසාදනය වුණේ මුගටින් ප්‍රශ්වාස කළ වාතය මාර්ගයෙන්. ඒ නිසා disinfect කරලා වල දාපු, දිරා යන මුගටි සිරුරුවලින් මිනිසුන්ට කෝවිඩ් 19 බෝවීමේ අවදානම ඉතාමත් අඩු බව පොලිස් ප්‍රකාශකවරයා කියනවා.

කොහොම වුනත්, මරා දමපු මුගටින්ගේ ලොම්වල බැක්ටීරියා කුඩා ප්‍රමාණයක් තවමත් තියෙන්න පුළුවන් බවත් Thomas Kristensen කියල තිබුණ. ‘මැරිච්ච සතුන්ට ලංවෙන එක කවදාවත් සෞඛ්‍ය සම්පන්න නෑ.’

පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ කිවුවේ, ‘ඒගොල්ලන් වහාම භූමදානය කරනු ලැබූ වෛරස් සහිත මුගටින් මිලියන 15 ම ආපහු ගොඩ අරගෙන ආදාහනයට ලක් කළා’ කියලා. මිලියන 15 ක් නෙමෙයි, මිලියන 4 ක් මුගටින්ගේ සිරුරු ආදාහනය කරන්න නියමිත තව මාස පහකින්.

ඩෙන්මාර්ක බලධාරීන් කියන්නේ, මුගටින්ගේ මළ සිරුරුවල තවදුරටත් කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ගතවුණාට පස්සේ, ලබන අවුරුද්දේ මැයි මාසයේ මළ සිරුරු මිලියන 4 ක් ගොඩ අරගෙන පුළුස්සා දමනව කියල. ඒ සඳහා ඩෙන්මාර්ක ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තුවේ අනුමැතියත් ලබාගෙන තියෙනව.

– සරෝජ් පතිරණ

(ඡායාරූප: අන්තර්ජාලයෙන්)

මූලාශ්‍ර:
බීබීසී
බ්ලූම්බර්ග්
ගාඩියන්

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

10 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

13 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

13 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

14 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

14 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

15 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

15 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

18 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

20 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago