මෙම ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ චීනයේ කොරෝනා ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවූ හියුබෙයි පළාතේ රෝහල්වල හෙදියන් හදවතක හැඩයට රැස් වී, හියුබෙයි හි ටොන්ග්ජි රෝහලේ සේවයට වාර්තා කිරීමට පෙර වෘත්තීය දිවුරුමක් ලබාදුන් ආකාරයයි.
Image copyright – EPAImage
කොවිඩ් වසංගතයෙන් බැට කෑ ඉතාලිය, සිය කලාකාමී ප්‍රභාව කිසි විටෙක අතහැර ගත්තේ නැත. මේ, මැයි 12 දාට යෙදී තිබූ අන්තර්ජාතික හෙද දිනය වෙනුවෙන් වයලීන වාද්‍ය ශිල්පිනී ෆියාමා ෆ්ලැවියා විසින් තෝර් වර්ගෙටා රෝහලේ කාංසාව මුසු වා තලය, මියුරු වයලින් වාදනයකින් පුරවා දැමූ ආකාරයයි.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ විදුලි සෝපාව එනතෙක් බලා සිටින, සමාජ දුරස්ථකරණ රීති පිළිපදින ශ්‍රී ලාංකිකයෝ. මෙය රොයිටර්ස් පුවත් සේවයේ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී දිනුක ලියනවත්ත විසින් ගනු ලැබූ ඡායාරූපයකි.
මෝටර් රථ ධාවන ශූරී සොෆියා ෆ්ලොෂ් සිය නිවසේ සිට සිමියුලේටරයක් භාවිතා කරමින් පුහුණු සැසිවල යෙදී සිටින අයුරු. ඇය ජීවත් වන්නේ ජර්මනියේ මියුනික් නුවර ය.
මේ, කොවිඩ් වසංගතය පැමිණීමෙන් අනතුරුව ලන්ඩන් නුවර උමං දුම්රියක සාමාන්‍ය දසුනයි. එක්සත් රාජධානි ආණ්ඩුව ලොක්ඩවුන් තත්වය අවසන් කිරීමෙන් පසුව ජන ජීවිතය සෙමෙන් නමුත් යථා තත්වයට පත් වෙමින් තිබේ. ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය පවසා තිබෙන්නේ මේ වසරේදී වසංගතය හේතුවෙන් පවුම් බිලියන 4 ක පාඩුවක් අපේක්ෂිත බව ය.
මේ, රෝමයේ බැසිලිකා ඩි සැන්ට මරියා, කොරෝනා වෛරසයෙන් තොර කිරීම සඳහා විෂබීජ හරණයට ලක් කළ ආකාරයයි. ඉතාලියේ දෙව්මැදුරු මැයි 18 වැනිදා පටන් නැවත විවෘත ය. නමුත් බැතිමතුන් සඳහා දැඩි නියාමනයන් පනවා තිබේ.
මැයි 14 වැනිදා පිලිපීනයට වොන්ග්ෆොන්ග් ටයිෆූනය හමා ආවේය. මේ, සුළි සුළඟට ගොදුරු වූ නැගෙනහිර සමාර් පළාතයි. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මිනිසුන් දස දහස් ගණනක් මේ ස්වභාවික විපත හේතුවෙන් හදිසියේම ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සිදු විය.
මේ, ඉන්දියාවේ නොයිදා හි ලොක්ඩවුන් සීමාවන් ලිහිල් කළ පසු ජංගම දුරකථන කර්මාන්ත ශාලාවක සේවකයන් ලහි ලහියේ වැඩ කරමින් සිටි ආකාරයයි.
මේ අතරේ, මිහිමත ලොකුම මල, බෙල්ජියමේ මෙයිස් හි උද්‍යානයක පිපී තිබුණේ මෙසේ ය. ටයිටන් ආරුම් (
) වර්ගයේ මේ පුෂ්පය, එහි දැවැන්ත දුර්ගන්ධය නිසා ද ප්‍රකට ය. කිඩාරම් මල් කිහිපයක දුර්ගන්ධය මෙමගින් නිකුත් වන බව කියැවේ. මීටර 3 ක් පමණ උසට මේ මල වැඩේ. මෙසේ පිපෙන්නට නම් මේ මල, වසර ගණනාවක් තිස්සේ පූදිය යුතුය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…