පුවත්

ගිණිගෙන දැවෙන ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට

ඊශ්‍රායලය විසින් පලස්තීන ස්ලාම් ජිහාඩ් සංවිධානයට එරෙහිව දියක් කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර කුඩා දරුවන් සය දෙනෙකු ඇතුළුව පලස්තීන ඉස්ලාමීය ජිහාඩ්(PIJ) කණ්ඩායමේ දෙවන ප්‍රධාන සටන්කාමියෙකු ද මිය ගිය බව වාර්තා කෙරේ.

පෙරළා පලස්තීනුවන් 600කට අධික පිරිසක් විසින් රොකට් හා මෝටාර් ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කළ බව ඊශ්‍රායල් රජය විසින් ද නිවේදනය කර ඇත. ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ පලස්තීනුවන්ගේ ක්ෂණික තර්ජනය හේතුවෙන් මෙලෙස ක්‍රියාත්මක වූ බවයි. එමෙන් ම බ්‍රේකින් ඩෝන් යන සංකේත නාමයෙන් හඳුන්වන මෙම නවතම මෙහෙයුම සතියක කාලයක් පැවතිය හැකි බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවයි.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රෆා සරණාගත කඳවුරේ නිවසකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් PIJ නායක Khaled Mansour ඝාතනය කිරීමෙන් පසුව මෙම ප්‍රහාර එල්ල විය. ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පලස්තීනුවන්ගේ මරණවලට අමතරව තුවාල ලැබූ පිරිස 200 කට වැඩි බව නිවේදනය කර ඇත.
මෙතෙක් ප්‍රදේශයේ විශාලතම සටන්කාමී කණ්ඩායම වන හමාස් – ඉස්ලාමීය ජිහාඩය මෙම ගැටුමට සම්බන්ධ වීමක් දක්නට නොලැබේ. එය සටනට සම්බන්ධ වීමට තීරණය කළහොත් එය වඩාත් අනතුරුදායක වනු ඇති බව විශ්වාස ‌කෙරේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තත්වය උග්‍රවීම වළක්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අතර ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය තහවුරු කරමින් සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කනස්සල්ල සටහන් කළ බව රොයිටර් වාර්තා කර තිබේ.

තවදුරටත් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ අපේක්ෂාවෙන් ඊජිප්තුව ද දෙපාර්ශවය අතර මැදිහත්කරුවෙකු ලෙස මැදිහත් වී ඇති අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා නිලධාරීන් දූත පිරිසක් සෙනසුරාදා(06) ඊශ්‍රායලයට යවා ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

7 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

8 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

8 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

9 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago