කාලීන

ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර

පසුගියදා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩිමොක්‍රටික් සෙනෙට් නායිකා නැන්සි පෙලොසි (ඇය නොබෝ දිනකින් කථානායිකාව බවට පත්වීමට නියමිතයි) සහ ජ්‍යේෂ්ඨ ඩිමොක්‍රටික් සෙනෙට් සභික සහ සෙනෙට් සභාවේ සුළුතර පක්ෂ නායක චක් ෂූමර් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. මෙහි විශේෂත්වය වුණේ, මීට පෙර මෙවැනි සාකච්ඡා ‘වැසුණු කාමරයක්‘ තුළ සිදුකරන ට්‍රම්ප් මෙවර මාධ්‍යවලට මේ අවස්ථාවට ඇරයුම් කර තිබීමයි. එහිදී නැන්සි පෙලොසි සහ ට්‍රම්ප් කිහිප වරක්ම ඇවිළුණා.. CNN පුවත්සේවය, ඔවුන්ගේ සාකච්ඡාවේ විශේෂ අවස්ථා කාච ඇසට හසුකරගනිමින් කියන්නේ, වසර 2020 දක්වා, එනම් ඉදිරි වසර තුළ ධවල මන්දිරයේ ඇවිළෙන්නට නියමිත ගින්දර ගැන සාක්ෂි රැසක් මේ චරිත තුනේ ශරීර භාෂාවෙන් හඳුනාගන්නට පුළුවන් කියලයි.

පහත දැක්වෙන්නේ ට්‍රම්ප්ගේ ඕවල් කාර්යාලය උණුසුම් කළ ඒ විශේෂ සාකච්ඡාවේ කාච ඇසට හසුවුණු තැන් කිහිපයක්.

ට්‍රම්ප් සහ ඔහුගේ ධවල මන්දිර ආධාරකරුවන් විසින් මේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික දෙපළට ආසන පනවා තිබූ ආකාරයත් වැදගත්. ඔවුන් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් හට ප්‍රබල පෙනුමක් ගෙන එන ආසන පනවා තිබුණා. චක් ෂූමර් සහ නැන්සි පෙලොසි හට, වාඩි වූ විට ඇතුළට එබී යන ආකාරයේ ආසන පනවා තිබුණා. ඒ වගේම ට්‍රම්ප් සහ පෙන්ස් සිටියේ මාධ්‍යවල කැමරාවලට මුහුණට මුහුණලා, ඔවුන්ව හොඳින් කැපී පෙනෙන විදිහටයි. මේ සැකසුම, බලය පෙන්වීමේ ක්‍රමයක් බව පැහැදිලියි.

Jabin Botsford/The Washington Post/Getty Images

මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න. ට්‍රම්ප් තමන්ගේ ආසනයේ අද්දර වාඩි වී, චක් ෂූමර් කියන යමකට බාධා කරමින්, තමන්ගේ මතය අවධාරණය කරමින් සිටිනවා. නැන්සි පෙලොසි සහ ෂූමර් යන දෙදෙනා වෙතම නැඹුරු වී සිටියත් මේ සාකච්ඡාවේදී ඔහු වැඩිපුරම නැඹුරු වී සිටියේ චක් ෂූමර් වෙතයි. නමුත් ට්‍රම්ප් කතා කරන බොහෝ අවස්ථාවලදී චක් බලා සිටින්නේ ට්‍රම්ප් දෙස නොවෙයි, නැන්සි පෙලොසි දෙස. ‘‘මේ මනුස්සයාට කියන දේ තේරෙන්නෙ නෑ..‘‘ වැනි මද සිනාවක් චක් ෂූමර්ගේ මුහුණේ ඇඳී තිබෙනවා.

Michael Reynolds/EPA-EFE

මේ නැන්සි පෙලොසි. එබී යන ආසනයක් පනවා තිබුණත් ඇය විශ්වාසයෙන් යුතුව, අවධාරණාත්මක ලෙස කතා කරනවා. සෘජු කාය විලාසයක් පවත්වා ගන්නවා. තමන්ගේ ශක්තිය නොබියව ට්‍රම්ප් වෙත ප්‍රක්ෂේපණය කරනවා. ‘‘නැන්සි මේ වෙලාවෙ ඉන්නෙ කතා කරන්න ලෙහෙසි තත්වයක නෙවෙයි, මට ඒක තේරෙනවා.“ යැයි ට්‍රම්ප් එක වෙලාවක කිසිම තේරුමක් නැතිව කියනවා. (මෙවැනි හිස්තැන් පිරවීමේ නිරර්ථක වාක්‍ය ට්‍රම්ප්ගේ කතාවේ බොහොමයි) ට්‍රම්ප් එයින් අදහස් කරන්නෙ, ඉදිරියේදී එන නායකත්ව ඡන්දය ගැනයි. නමුත් නැන්සි එසැණින් එයට මේ විදිහට ප්‍රතිචාර දක්වනවා. ‘‘මිස්ටර් ප්‍රසිඩන්ට්, විශාල ජයග්‍රහණයක් ලබාගෙන මෙතැනට පැමිණ සිටින මා විසින් මේ සාකච්ඡාවට ගෙන ආ ජවය විස්තර කරන්න උත්සාහ කරන්න එපා!“

Kevin Lamarque/Reuters

චක් ෂූමර්ගේ ශරීර භාෂාව (body language) හැදෑරීමට වටිනා දෙයක්. මේ සාකච්ඡාවෙන් වැඩි කොටසක ඔහු සිටියේ උරහිස් දෙක එල්ලාගෙන බිමට නැඹුරු වෙලයි. ට්‍රම්ප්ගේ අදහස් සහ මතයන්ට බොහොම අමාරුවෙන් ඇහුම්කන් දෙන විලාසයක් පෙන්නුම් කරමින් ඔහු සිය අතැඟිලි බැඳගෙන සිටිනවා. 2018 මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අත් වූයේ නොසිතූ පරාජයක්. මේ සාකච්ඡාවේදී ඔහු චක් ෂූමර් ට කිව්වේ, තමන්ගේ තාප්පය ඉදිකරන්න අයවැය ලබාගන්නට බැරි නම් ආණ්ඩුව අවසන් කරන්නට වුණත් තමන් ලැහැස්ති බවයි. ‘‘මම දේශසීමා ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව අවසන් කරන්න වුණත් ආඩම්බරයෙන් ලැහැස්තියි, චක්!“

ඉතින් චක් ෂූමර් මේ විදිහෙ ඉරියව්වකින් සිටීම පුදුමයක් නෙවෙයි!

Jabin Botsford/The Washington Post/Getty Images

මේ සිටින්නේ මේ සාකච්ඡාව දෙස බලා සිටින ට්‍රම්ප්ගේ පිරිස. ඔවුන් ධවල මන්දිර සේවකයන්. හිටපු ෆොක්ස් නිව්ස් විධායක බිල් ෂයින් මේ වන විට ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරයායි. ඔහු තමන්ගේ වෘත්තීය පරිචයට ඉඩ දෙමින් බලා සිටින්නේ ට්‍රම්ප් හෝ නැන්සි පෙලොසි දෙස නොව කැමරා දෙසයි. මේ අතරේ, ඉවත් වීමට නියමිත ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී සහ ජනාධිපති උපදේශකයන් වන ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ, ට්‍රම්ප්ගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර් නායකයන් දෙස බලා සිටිනවා.

Mark Wilson/Getty Images

මේ සාකච්ඡාවෙදි සිද්ධ වුණු තවත් වැදගත්ම දෙයක් තමයි, උප ජනාධිපති මයික් පෙන්ස්, වචනයක්වත් කතා නොකිරීම! ඒ වෙනුවට ඔහු වැඩියෙන්ම කළේ ඇස් දෙක මේ විදිහට පියාගෙන, තමන්ගේ නායකයා ට්‍රම්ප්, ඩිමොක්‍රටික් නායකයන් සමග වාග් ප්‍රහාරයේ පැටලෙන ආකාරය අසා සිටීමයි. මේ ඡායාරූපයේදීත් ට්‍රම්ප්, නැන්සි පෙලොසි දෙස නොව චක් ෂූමර් දෙස බලා සිටින ආකාරය හොඳින්ම පැහැදිලියි.

Jabin Botsford/The Washington Post/Getty Images

මේ සිටින්නේ තව නොබෝ දිනකින් ධවල මන්දියෙන් ඉවත් වී යාමට නියමිත ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී. අසන්තෝෂයට පත් ප්‍රධානියෙකු විසින් දොට්ට දැමීමට නියමිත ජෝන් කෙලී මේ කල්පනා කරන්නේ මොනවා ගැනද?

Evan Vucci/AP

ට්‍රම්ප්ට විරුද්ධ මත ඉවසා පුරුද්දක් නැහැ. නැන්සි පෙලොසි හෝ චක් ෂූමර්, ඔහු පැවසූ දේවල් අභියෝගයට ලක් කළ හැමවිටම ඔහු මේ අන්දමින් දෙතොල් ඇද කරගෙන තමන් ඉදිරියේ ඇති හිස් අවකාශය දෙස බලාගෙන සිටිනවා.

අද සහ 2020 ජනාධිපතිවරණය අතර කාලයේදී ට්‍රම්ප් අනිවාර්යෙන්ම ඔහුගේ ‘දේශසීමා තාප්පය‘ ඉදිකිරීමේ යෝජනාව අනාගත කථානායිකා නැන්සි පෙලොසි හරහා සම්මත කර ගන්නට උත්සාහ කරාවි. එහි අයවැය යෝජනාව සම්මත නොවුණහොත් ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් වේවි. එවිට ඔහු හැසිරෙන ආකාරය ගැන දැන්මම ඉඟි පළ වී අවසානයි.

නැන්සි පෙලොසි මේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ ට්‍රම්ප්ට මේ ‘තාප්පය‘ හරියට ඔහුගේ ‘පිරිමිකම‘ ගැන ප්‍රශ්නයක් වගේ කියලයි.

පෙර ලිපි:

‘‘තාප්පය ඕනෑමයි‘ – ට්‍රම්ප් නැවත කියයි.

ට්‍රම්ප් අතිශය බිය විය යුතු ඇමරිකාවේ බලවත්ම ගැහැණිය

ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

8 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

9 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

9 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

10 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago