කාලීන

තාත්තාගේ පුංචි බිස්නස් එක, ලෝකයේ ලොකුම ව්‍යාපාර අධිරාජ්‍යයක් බවට පත් කළ සැම්සුන් සමාගමේ ප්‍රධානියා සමුගනියි

දකුණු කොරියාවේ සැම්සුන්ග් ව්‍යාපාර අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා වූ ලී කුන්-හී ද එවැන්නකි. ඔහු 78 වැනි වියේදී 2020 ඔක්තෝබර් 26 වැනිදා මෙලොව හැර ගියේය.

තම පියා ගේ කුඩා ව්‍යාපාරය රක්ෂණය, නාවික කටයුතු සහ ඉලෙක්ට්‍රොනික් වැනි අංශ ගණනාවකට පතුරුවා හරිමින් ලී කුන්-හී සැම්සන්ග් ව්‍යාපාරය ලෝකයේ ආර්ථික බල කඳවුරක් බවට පත් කළේ ය.

ඔහු ගේ ජීවිත කාලය තුළ, සැම්සුන්ග් විදුලි උපකරණ (Samsung Electronics) ලොව විශාලතම විදුලි උපකරණ සමාගමක් බවට පත් විණ.

එය දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරික අධිරාජ්‍යය ලෙස සැලකෙන්නේ අවිවාදයෙනි.

ෆෝබ්ස් සගරාවට අනුව ඔහු දකුණු කොරියාවේ ධනවත් ම මිනිසා යි; මිය යන විට ඔහු ගේ ධනය ඇ. ඩො. බිලියන 21ක් පමණ වූවේ ය.

2014 වසරේ හටගත් හෘදයාබාධයකින් හේතුවෙන් ඔහු වසර ගණනක් ඔත්පළ ව සිටියේය.

“සැම්සුන්ග් හි අප සියලු දෙනා ම ඔහු ගේ මතකය සාදරයෙන් තබා ගන්නා අතර ම, අප ඔහු සමග බෙදා ගත් ගමනට ස්තූතිවන්ත වනවා” යැයි සැම්සුන් සමාගම මේ සම්බන්ධයෙන් කළ නිවේදනයේ සඳහන් වේ.

බාල බඩු විකුණූ – තාත්තාගේ පුංචි බිස්නස් එක

1938දී සැම්සුන්ග් සමාගම කුඩා දේශීය ව්‍යාපාරයක් ලෙස පිහිට වූ ලී බ්යුන්ග්-චුල් ගේ තෙවන පුත්‍රයා ලී කුන්-හී විය. ඔහු පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ එයින් වසර 30කට පසුව 1968 වර්ෂයේ දී ය. පියා ගේ අභාවයත් සමග ඔහු 1987 වසරේ දි එහි මුල් පුටුවට පත් වූවේ ය.

එවකට, සැම්සුන්ග් සමාගම ලෝකය දැන සිටියේ අඩු මිල, තත්ත්වයෙන් බාල භාණ්ඩ නිපදවන සමාගමක් ලෙස ය. නමුත් ලී කුන්-හී මේ තත්වය කණපිට හැරවූයේය.

“අපි අපේ ගැහැණු යි දරුවනු යි හැරෙන්නට සියල්ල ම වෙනස් කරමු” මේ ඔහුගේ ජනප්‍රිය කියමනකි.

එසේ කියූ 1993 වර්ෂයේ දී අත් කට්ටල 150,000ක් ද ඇතුළුව සමාගමේ තත්වයෙන් බාල ජංගම දුරකථන තොගයක් විනාශ කර දැමිණි.

තාපස රජු

ලී ඉතා කලාතුරකින් මාධ්‍යයට කතා කරන්නෙකු වූ අතර, නිහඬ දිවිපෙවෙතකට ප්‍රියකරන්නකු විය. කොරියානු මාධ්‍ය ඔහු ව හැඳින්වූයේ “හුදෙකලා/තාපස රජු” (the hermit king) යනුවෙනි.

දකුණු කොරියාවේ චෙඉබෝල් ලෙස හැඳින්වෙන තනි පවුලක් අයිතිය දරමින් එරට ආර්ථිකය පාලනය කරන ව්‍යාපාර අධිරාජ්‍යයන් අතර විශාලතම ව්‍යාපාරය සැම්සන්ග් සමාගම යි.

මෙවැනි තනි පවුල් හිමිකාරත්වය දරන විශාල ව්‍යාපාර දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දකුණු කොරියාවේ ආර්ථිකය නගාලීමට විශාල සේවයක් කළ නමුත්, අඳුරු වූ දේශපාලනික සහ ව්‍යාපාර ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ද ලබති.

ලී දෙවරක් අපරාධ වරදවලට වැරැදිකරු වූයේ ය. හිටපු ජනාධිපති රෝ ටේ-වූට අල්ලස් දීම මින් එක චෝදනාවකි.

ඔත්පළ වීම දක්වා තරුණයෙක් මෙන් වැඩ කරමින්..

ඔහු සැම්සුන්ග් සමාගමේ සභාපති ධූරයෙන් 2008 වසරේ දී ඉවත් වූයේ බදු පැහැර හැරීම සහ මුදල් වංචා කිරිම සම්බන්ධ චෝදනා ලැබීමෙන් අනතුරුව ය. බදු පැහැර හැරීමේ චෝදනාවට ඔහුට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් හිමිවූ අතර 2009 වසරේදී නැවත ජනාධිපති සමාව හිමි විය. ඉන්පසු ව සැම්සන්ග් සමාගම 2018 ශීත ඔලිම්පික් දකුණු කොරියාවේ පවත්වන්නට වූ තරගයේ මූලිකත්වය ද ගත්තේ ය.

ලී නැවතත් සැම්සන්ග් සමාගමේ සභාපති ධූරයට 2010 වසරේ පත් වුව ද 2014 වර්ෂයේ දී ඇති වූ හෘදයාබාධයකින් හේතුවෙන් ඔත්පළ වූවේ ය.

ඔහු ජීවිතයේ නැගීම් බැසීම් රැසක් අත්විඳි අයෙකි. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වූ ලී යේ-යොන්ග් හිටපු ජනපති පාක් ගියුන් හයිට අල්ලස් චුන් බවට එල්ල වූ චෝදනාව නිසා ඔහු මෙන්ම සිරගත විය. පසුගිය මාසයේ ඔහු එම චෝදනාවලින් නිදොස් කරනු ලැබිණි.

ලී කුන්-හී ජීවිතයේ අවසන් මොහොත දක්වාම තරුණයෙකු මෙන් වැඩ කරන්නට සූදානමින් සිටි අයෙකි. අවසානයේ ඔහු බාල බඩු විකුණූ පියාගේ ව්‍යාපාරය, නැව් පවා සාදන සමාගමක් බවට පත් කළේය. ඒ, සැම්සුන් හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමයි. ලංකාවේ බොහෝ දෙනෙකු අත රැඳෙන සැම්සුන් ජංගම දුරකථන පැමිණෙන්නේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමෙනි. එය ලෝකයේ 370,000 දෙනෙකුට සෘජු රැකියා අවස්ථා සපයා දී තිබේ.

ලී කුන්-හීට තිබුණේ එක හීනයකි. ඒ, නවීනතම තාක්ෂණයෙන් යුත් ස්මාට් ෆෝන් එකක් කාටත් දැරිය හැකි මිලකට සාමාන්‍ය ජනතාවට ලබා දීමයි. ඔහු ඒ ඉලක්කය සපුරා ගන්නා විට පියා ඇරඹූ සිල්ලර සමාගම, තාක්ෂණික ඉණිමග දිගේ ඉහළටම තල්ලු වී ගෝලීය ටෙක් දැවැන්තයෙක් බවට පත්ව සිටියේය. එනිසා ලී කුන්-හී යනු, ව්‍යාපාර ලෝකයේ ටයිටන් කෙනෙකි.

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

15 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

18 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

20 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

20 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

21 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago