කාලීන

තෝකියෝ ඔලිම්පික් ගිනි සිළුව නිවී යද්දී ඔලිම්පික් තිඹිරි ගෙය ඇතන්ස් ගිනි දැල්වලින් වෙළී යයි

ග්‍රීකයන්ගේ වීරත්වය ගැන අපමණ වෘත්තාන්තවලින් ඉතිහාසය පිරී ඇත. නමුත් ඇතන්ස් ගිනි ගෙන තිබේ. අන්තර්ජාතික පුවත් සේවාවන් මේ පුවත වාර්තා කරන්නේ ඇතන්ස් නුවර ගිනි ජාලාවලින් වටලා ඇති බවට ය. මුළු අහසම රත්-තැඹිලි පැහැයෙන් ගැවසී ගෙන ඇත්තේ ලෝක විනාසය පිළිබඳ සියලු ආකාරවල මනෝ උපකල්පනයන්ට වඩා සැබෑව බිහිසුණු බව පෙන්වා දෙමිනි.

සති ගණනාවක් මුළුල්ලේ ඇතන්ස් නුවර උෂ්ණත්වය සිතාගත නොහැකි තරම් වේගයෙන් ඉහළ යමින් තිබුණේය. දිනෙන් දින වාර්තා අලුත් වන බව පෙනිණි. සඳුදා දිනයේ තත්වය භයානක නම්, අඟහරුවාදා දිනය වන විට තත්වය වඩාත් භයානක වී තිබුණේය. රටේ ඇතැම් තැනක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47 දක්වා ඉහළ නැංගේය. ඇතන්ස් හි පොළොව මත උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 55 ඉක්මවා යමින් තිබෙන බව පෙන්වා දුන්නේ තාප කැමරා සහ ද්‍රෝන කැමරාවන් ය.

අවසානයේ පසුගිය සතියේ බදාදා දිනය වන විට ඇතන්ස් අගනුවරට උතුරුදිගින් පිහිටි ළඳු කැලෑ ගිනි ගන්නට පටන් ගත්තේය.

මහා ඉතාලි කවි දාන්තේ ලියූ දිව්‍යමය කොමඩියේ පළමු කෙටස – ඉන්ෆර්නෝ (Inferno) මගින් විස්තර කරන්නේ අපායේ පැමිණෙන කවියාගේ ගමන් විස්තරයයි. එවැනි අපායන් කිහිපයක්ම එකවර ඇතන්ස් මත මැවී ඇත්තා සේ ය. අපායේ සිට නැගෙන ගිනි දැල්, උතුරන ලෝදිය සදිසි ව වැගිරෙන උණුසුම.. මේ සියල්ල විසින් සියල්ල උණු කර දමමින් තිබේ. ඇතන්ස් හි මහා මන්දිරවල අළු ගොඩක් බවට සෙමෙන් පත් වේ. ලැව්ගිනි සහ දැඩි උණුසුම මත මැවී ඇත්තේ මිහිපිට අපායයි.

 

ඇතන්ස් ඉතිහාසයේ පළමු වරට ‘ප්‍රධාන තාප නිලධාරියෙකු‘ (chief heat officer) පරිපාලනය සඳහා පත් කර ඇත. දේශගුණික විපර්යාස මැඬ පැවැත්වීම සඳහා කටයුතු කිරීම ඔහුගේ රාජකාරියයි. එලෙනි මිරිවිලි නමැති ඔහු, බ්‍රහස්පතින්දා සවස මෙසේ ඊ මේල් පණිවුඩයක් යවයි.

‘‘… ඇතන්ස්වලට අළු වැස්සක් වහිනවා..‘‘

ඒ අළු, ගිනිගත් ගහකොළ විසින් අහසට විදින විලාපයේ ශේෂයන් ය. ඒ වන විට ගිනි නිවන භටයන්ට සහාය පිණිස හමුදාව ද කැඳවා ඇතත් පලක් වන බවක් පෙනෙන්නට නැත.

තත්වය අතිශයින්ම භයානක බව සහ මොනවා වේදැයි කිව නොහැකි බව පවසන්නේ ග්‍රීසියේ සිවිල් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා ය. රටේ ජනාකීර්ණ පෙදෙස්, විදුලි බලාගාර සහ ඓතිහාසික බිම් රැකගැනීමේ ‘කළ නොහැකි කාර්යය‘ ඔහුගේ උර මත පැටවී තිබේ. ගතවූ සතිය තුළ පමණක් ලැව්ගිනි 154 ක් මේ කලාපවල හටගෙන ඇත. එයින් 60කටත් වඩා මේ ලිපිය ලියන මොහොත වන විටත් ඇවිළෙමින් තිබේ.

ඇතන්ස් නුවරුන්ට දැන් මුහුණු වැසුම් පැළඳීමට සිදුව ඇත්තේ කෝවිඩ් වසංගතයෙන් බේරීමට නොව, විෂ සහිත වාතය ආඝ්‍රාණය කිරීමෙන් බේරීම සඳහා ය. ඇසිඩ් දුම අතිශයින් ගනකම් ය. එය තැඹිලි පැහැති ය. නිවෙස්වල කවුලු නිතරම වසා දමන ලෙස පැවසෙන්නේ විෂ දුම පාලනය සඳහා ය. එක්සත් රාජධානිය ඇතන්ස් වෙත ජල බෝම්බ එල්ල කළ හැකි ගුවන් බලඇණි ද එවා ඇත. නමුත් වියරු ගින්න පසු බැස යන බවක් නොපෙනේ.

සෙල්සියස් අංශක 40 ඉක්මවූ එකළඟ දින 11 කට පසු සිකුරාදා දිනයේ උණුසුම මදක් සමනය විය. නමුත් සුළං වේගය ඒ සමගම වැඩි වුණේ ඇතන්ස් නගරය තුළ අලුත් ගිනි දැල් ජාලා මවමිනි.

ඇතන්ස් නගරයේ ප්‍රධාන ජල සංචිතය වන්නේ මැරතන් විලයි. සෙනසුරාදා දිනයේ මැරතන් විල අවට කැලෑ සහ නිවාස ද ගිනිබත් කරමින් ගිනි රකුසා විල වෙතට ඇදී ගියේය. ඇතන්ස් හි ‘හරිත පෙණහැල්ල‘ ලෙස නම් දරා තිබූ පර්නිතා කන්දේ වනෝද්‍යාන වෙත ද ගින්න පැතිරුණේය.

අගනුවරට නැගෙනහිර පිහිටා ඇති එවියා දූපත ප්‍රචලිත වන්නේ සංචාරක සහ ධීවර කර්මාන්ත නිසා ය. පුරා දින 7 ක් දූපත ගිනි ගත්තේය. ෆෙරි යාත්‍රා, සංචාරක බෝට්ටු ආදිය සහමුලින්ම විනාශ වී ගියේය. මුහුදුබඩ ගම්මාන සහ වෙරළ තීරවලින් 1,000 කට අධික පිරිසක් පළා යාම අරඹා තිබිණි. දරුවන් කිහිල්ලේ ගසාගෙන, වියපත් වූවන් සහ ගිලනුන් පුටු මත තබා ඔසවාගෙන ඔවුහු නැව් නගින්නට තැත් කළහ.

ග්‍රීක අගමැති කිරියාකෝස් මිට්සොටාකිස් අවසානයේ මෙසේ කියයි. ‘‘මේ හදිසි විපතට හේතුව දේශගුණික විපර්යාසයයි..‘‘

ලෝකයේ සෙසු රටවල්, මේ සත්‍යය වටහාගන්නේ කවදාද?

ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව නිවී යද්දී ගිනි සිළුවලට මැදි වූ ඔලිම්පික් උළෙලේ තිඹිරි ගෙයින් සමාප්ති සටහනක් තබන්නට සිදුවීම ඛේදජනක ය.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

6 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

10 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

13 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

15 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

15 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago