පුවත්

න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුව හොත් බිලියන පහකට අධික පිරිසක් මිය යා හැකි බව නව අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් බිලියන පහකට අධික ජනතාවක් කුසගින්නෙන් මිය යනු ඇති බව නිව් ජර්සිහි  Rutgers විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයන් විසින් යුක්රේනයේ යුද්ධයේ සන්දර්භය සම්බන්ධයෙන් කරන ලද සමාලෝචන අධ්‍යයනයකින් තහවුරු කර ඇත.

නේචර් ෆුඩ් සඟරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයට අනුව න්‍යෂ්ටික අවි පුපුරුවා හැරීමෙන් ඇතිවන ගිනි කුණාටු ප්‍රතිඵලයක් ලෙස සූර්යාගේ අවහිර වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය, දේශගුණික විපර්යාසයන් මෙන්ම මානව ජීවන තත්වයන් පිළිබඳ මෙහිදී අධ්‍යනයට බඳුන්ව ඇත.

පූර්ණ පරිමාණ න්‍යෂ්ටික ගැටුමක් ඇතිවුව හොත් වසර තුනත් හතරත් අතර ගෝලීය සාමාන්‍ය කැලරි නිෂ්පාදනය 90% කින් පමණ පහත වැටෙණු ඇත. බෝග අස්වැන්නේ දැවැන්ත පහත වැටීම හේතුවෙන් වසර දෙකක් ඇතුළත බිලියන ගණනක් ජනයා කුසගින්නෙන් මිය යනු ඇත එය සමස්ත ලෝක ජනගහනයෙන් 75% පමණ වේ. පර්යේෂකයන්ට අනුව, ගෝලීය ආහාර වෙළඳපොළවල්වල කුඩාම අවස්ථාවෙන් පවා මේ මඟින් විනාශව යනු ඇත. මිනිසුන්ට ජීවත් වීමට ප්‍රෝටීන සහ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය වන අතර මේවා ද සැලකිය යුතු ලෙස ක්ෂය වීමට හේතුවනු ඇත.

Rutgers හි සහකාර පර්යේෂණ මහාචාර්ය Lili Zia පවසන පරිදි න්‍යෂ්ටික යුද්ධයක් මඟින් දේශගුණික විපර්යාස කෙරෙහි වන බලපෑම එකිනෙකට නොදෙවෙනි බවයි. එනම් ආවර්ත ගෝලය උණුසුම් වීමෙන් ඕසෝන් ස්ථරය විනාශ වී මතුපිටින් වැඩි පාරජම්බුල කිරණ නිපදවීම ආහාර නිෂ්සාදනය කෙරෙහි විශාල බලපෑමක් කරනු ඇත. ආහාර නිෂ්පාදනයට බලපෑම් කළ හැකි පාරජම්බුල කිරණ වැඩි වීම පෙරළා විකිරණශීලී දූෂණයට ද හේතු විය හැක.

න්‍යෂ්ටික යුද්ධයක් කලාපීය වශයෙන් ඇති වුවත් එහි හානිය එම කලාපයට පමණක් බල නොපාන අතර එමඟින්ද ලෝකයේ විශාල ප්‍රදේශයක් සාගතයට ගොදුරු විය හැක.

මෙලෙස අනාවරණය වූ දත්ත මත පදනම්ව මහාචාර්ය ඇලන් රොබෙක් ප්‍රකාශ කර තිබුණේ දත්තයන්ට අනුව න්‍යෂ්ටික යුද්ධය වැළැක්වීම හා සිදු වීමට ඉඩ නොදීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බවයි. න්‍යෂ්ටික අවි තහනම සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ න්‍යෂ්ටික සමූලඝාතනයෙන් යනු එක් වැරදි ගණනය කිරීමක් වශයෙනි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

IBRAHIM RAISI මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”!

. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…

1 day ago

ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…

1 day ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

1 day ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

1 day ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

1 day ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

1 day ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

1 day ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

1 day ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

2 days ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

2 days ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

2 days ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

2 days ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

2 days ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

2 days ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

2 days ago