එදා

නොවැම්බර් 22 – දවසේ වැදගත්කම

1963 – ජෝන් එෆ්. කෙනඩි ඝාතනය

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙන්ඩි ඝාතනයට ලක් වේ.

මෑත ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ම කුප්‍රකට දේශපාලන ඝාතනය ලෙස හැඳන්වෙන්නේ මෙයයි. ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වන ඔහු, විවෘත රියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔහුගේ බිරිඳ වන ජැකලීන් කෙනඩි ඉදිරියේම ය. ඝාතනයට ලක් වන විට කෙනඩි 46 හැවිරිදි වූ අතර ජැකලයින් කෙනඩි 30 හැවිරිදි විය. ජෝන් එෆ් කෙනඩි ගත කරමින් සිටියේ සිය පළමු ධුර කාලයේ තුන්වන වර්ෂයයි. ඩැලාස් නුවරදී මෝටර් රථ පෙළපාලියක ගමන් ගත් ඔහුව ඝාතනය කරනු ලැබුවේ ලී හාවේ ඔස්වර්ල්ඩ් විසිනි. කෙසේ නමුත් ලී හාවේ ඔස්වර්ල්ඩ්, නඩු විභාගයට ලක් කිරීමට පෙර ඝාතනයට ලක් විය.

1943 – ලෙබනනය නිදහස් වෙයි

ලෙබනනය ප්‍රංශයෙන් නිදහස් වීම ප්‍රකාශයට පත් කළේය. එහෙත් 1946 වසර වන තුරු එය සම්පූර්ණ වශයෙන් ම ස්වාධීන රටක් බවට පත්වූයේ නැත. කෙසේ වෙතත් ලෙබනනයේ නිදහස් දිනය අදට යෙදී තිබේ.

1986 – මයික් ටයිසන් කිරුළු පළඳියි

grand opening of Mike Tyson’s one-man show “Mike Tyson: Undisputed Truth – Live on Stage” at the Hollywood Theatre at the MGM Grand Hotel/Casino April 14, 2012 in Las Vegas, Nevada.

ලොව බොක්සිං ඉතිහාසයේ ළාබාලතම හෙවිවේට් සූරයා බවට මයික් ටයිසන් පත්වෙයි. වයස අවුරුදු 13 වන විට 38 වතාවක් අත්අඩංගුවට පත් ව සිටි, විවිධ දාමරික කම්වලින් හෙබි ජීවිතයක් කුඩා කල පටන්ම ගත කළ මයික් ටයිසන්, “Iron Mike” සහ”Kid Dynamite” වැනි අන්වර්ථයන්ගෙන් මුල් කාලයේදී හැඳින්විණි. ඒ, ඔහුගේ අති ප්‍රබල ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය හේතුවෙනි. ඔහුගේ පුද්ගලික ජීවිතය තරමටම ඔහුගේ වෘත්තීය ජීවිතය ද මතභේදාත්මක වූ නමුත් අද වන විටත් ඔහු සැලකෙන්නේ එදා මෙදාතුර බිහිවූ හොඳම හෙවිවේට් බොක්සිං ශූරයා ලෙස ය.

වයස අවුරුදු 20 මාස 4 දී ලෝකයේ ළාබාලතම හෙවිවේට් බොක්සිං ශූරයා බවට ඔහු පත් විය. වෘත්තීය ජීවිතයේ පළමු වර්ෂය ඔහු ගෙවා දැමුවේ තරග 15 කදීම ප්‍රතිවාදියා පහරදී බිම හෙළීම (නොකවුට් කිරීම) මගිනි. 1991 වසරේදී ඇමරිකාවේ කළු රූ රැජිනක දූෂණයට ලක් කිරීම නිසා අත්අඩංගුවට ද ගැනිණි. 1992 වසරේදී ස්ත්‍රී දූෂණය සඳහා වසර 6ක සිර දඬුවමක් ලැබූ නමුත් වසර 3 කින් නිදහස් විය. 1997 ලෝක ශූරතා තරගයේදී සිය ප්‍රතිවාදියා වූ එවැන්ඩර් හොලිෆයිඩ්ගේ කන, තරගය අතරතුරදී සපා කෑම නිසා තරග තහනමකට ද ලක් විය. මෙයට දින 3 කට පෙර ඔහු කියා තිබුණේ, එසේ ඔහුගේ කන සපාකෑමට යළිත් අවස්ථාවක් ලැබුණහොත්, නැවත වරක් එයම කරන බවයි. 2003 වසරේදී බංකොළොත් බවට පත් වූ අතර, 2005 වසරේදී වෘත්තීය බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත්තේ කෙවින් මැක්බ්‍රයිඩ් හට පරාජය වීමෙන් පසුව ය.

[embedyt] https://www.youtube.com/watch?v=zKPMVex-UKk[/embedyt]

1990 – මාග්‍රට් තැචර් ධුරයෙන් සමුගනියි

මාගරට් තැචර් තමා බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත්වන බවට ප්‍රකාශයට පත් කරයි. පක්ෂ නායකත්වය පිළිබඳ ඇති වූ අර්බුදයක් මෙයට හේතු විය. බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ පළමු අගමැතිනිය වූ ඇය, සිය නිල කාලය තුළ ගත් දැඩි තීරණ හේතුවෙන් හැඳින්වුණේ ‘අයන් ලේඩි‘ හෙවත් ‘අයෝමය කාන්තාව‘ යන අන්වර්ථයෙනි.

1994 – පුද්ගලයන් 64ක් මරා දමමින් ජාවා දූපතේ මෙරෙපි ගිනිකන්ද සක්‍රීය වෙයි.

1995 – ‘ද ටෝයි ස්ටෝරි‘ හෙවත් ලොව ප්‍රථම ඇනිමේෂන් වෘත්තාන්ත චිත්‍රපටය

පික්සාර් මගින් නිෂ්පාදනය කළ ‘ටෝයි ස්ටොරි‘ ලොව ප්‍රථම පරිගණක ඇනිමේෂන් භාවිත කළ වෘත්තාන්ත චිත්‍රපටය ලෙස තිරගත වෙයි. මෙය විචාරක පැසසුමට ලක් වූවා මෙන් ම වාණිජ්‍යමය වශයෙන් ද සාර්ථක චිත්‍රපටයක් විය. අද වන විට ‘ද ටෝයි ස්ටෝරි-4‘ වශයෙන් එහි නව සීක්වල්ස් ද නිර්මාණය වී තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=5hl1VQNuVhM[/embedyt]

2005 – ඇන්ජෙලා මර්කෙල් ජර්මානු චාන්සලර්වරිය බවට

ඇන්ජෙලා මර්කෙල් ජර්මන් චාන්සලර්වරිය ලෙස දිවුරුම් දෙයි. ඇය එම ධූරයේ කටයුතු කළ ප්‍රථම කාන්තාව යි.

ලෝක දේපාලනයේ බලවත්ම කාන්තාව ලෙස ට අවිවාදයෙන් සැලකෙන ඇන්ජෙලා මර්කෙල්, සරණාගතයන් පිළිබඳ ජර්මනියේ ප්‍රතිපත්තිය හේතුවෙන් අන්තර්ජාතික මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ ද කීර්තියක් දිනාගත් චරිතයකි. 66 හැවිරිදි ඇන්ජෙලා මර්කෙල් අද දක්වාම ජර්මනියේ චාන්සලර් පදවිය උසුළමින් එක සේ සිය ජනප්‍රියත්වය රැක ගැනීමට ද සමත් වී සිටින්නීය. කෙසේ නමුත් 2021 වසරේදී නැවත වරක් චාන්සලර් පදවිය සඳහා තරග වැදීමට තමන් අදහස් නොකරන බව ඇය කියා තිබේ.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

11 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

18 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

19 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

20 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

21 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

21 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago