එදා

නොවැම්බර් 21 – දවසේ වැදගත්කම

  • ලෝක රූපවාහිනී දිනය අද යි.

1877 – තෝමස් එඩිසන් ෆොනෝග්‍රාෆයේ නිෂ්පාදනය ප්‍රකාශයට පත් කරයි. ඒ හඬ පටිගත කිරීමට සහ වාදනය කිරිමට හැකි යන්ත්‍රයක් ලෙස ය.

1922 – ඇමරිකාවේ ප්‍රථම සෙනෙට් සභිකවරිය

1922 – ජෝර්ජියා ජනපදය නියෝජනය කරමින් රෙබෙකා ලැටීමර් ෆෙල්ටන් එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තා සෙනෙට් සභිකවරිය බවට පත් වෙයි. පුරුෂ මූලික සුදු ජාතිකත්වය විසින් ඇයට ඉතා දැඩි පීඩනයක් එල්ල කළ බව කියැවේ‍. ඇමරිකානු ජාතික කතුවරියක, දේශපාලකවරියක සහ සමාජ ශෝධකවරියක ලෙස කටයුතු කළ ඇය, මේ ධූරයේ කටයුතු කළේ එක් දිනක් පමණි.

1918 – එක්සත් රාජධානිය විසින් Parliament (Qualification of Women) Act පනත සම්මත කරනු ලබයි. මේ හරහා එරට වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට හැකියාව ලැබිණ.

1995 – බොස්නියානු යුද්ධය අවසන් වෙයි

1995 – බොස්නියානු යුද්ධය අවසාන කරමින් ඩේටන් එකඟතාව නම් වන සාම ගිවිසුමකට බොස්නියාව, ක්‍රොඒෂියාව සහ සර්බියාව යන රටවල ජනාධිපතිවරුන් විසින් අත්සන් තබනු ලැබෙයි.

1992 සහ 1995 අතර කාලයේදී බොස්නියාව සහ හර්සගෝවීනාව තුළ සිදුවූ අන්තර්ජාතික සන්නද්ධ අරගලයක් වන බොස්නියානු යුද්ධය යුගෝස්ලෝවියාවේ කොටසක් වෙන්කිරීමේ අරමුණින් ඇතිවූවකි. මෙම සන්නද්ධ අරගලය හේතුවෙන් මිලියන 2.2 ක් දෙනා අවතැන් වූ අතර, යුද අපරාධ අති බහුල ලෙස සිදුවිය. ලක්ෂයක් දෙනා මෙම යුද්ධයේදී ඝාතනයට ලක් වූ බව කියැවෙයි. එසේම ස්ත්‍රීන් 12,000 – 50,000 අතර ප්‍රමාණයක් මෙහිදී දූෂණයට ද ලක්වූහ. වින්දිතයන් බොහෝ විට බොස්නියානු මුස්ලිම්වරුන් වූ අතර, යුධ අපරාධවල නිරතවූ බවට චෝදනා ලබා සිටින්නේ සර්බි හමුදාවයි. වාර්ගික ශෝධනය, වර්ග සංහාරය වැනි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ රැසක් මෙහිදී සිදුවූ අතර, යුගෝස්ලෝවියාව සඳහා පිහිටවූ අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය (නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති) මගින් මේවායේ වැරදිකරුවන් අන්තර්ජාතික නීතිය හමුවට පැමිණවීම ද සිදුවිය.

ඒ අනුව හිටපු නායක රදොවාන් කරාද්සික් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්වලට ලක් විය. රැට්කෝ ම්ලාද්වික් මනුෂ්‍ය සංහාර සඳහා වරදකරු බව තීරණය වී ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක් විය. සර්බියානු ජනපති ස්ලොබොදාන් මිලොසෙවිච් ද බොස්නියාවේදී සිදුවූ යුධ අපරාධ සඳහා චෝදනා ලැබූ අතර, නඩු විභාගය අවසන් වීමට පෙර 2006 වසරේදී මරණයට පත් විය.

2002 – නේටෝ සංවිධානයට නව සාමාජිකයෝ

2002 – නේටෝව බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රොමේනියාව, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාවට එහි සාමාජිකත්වය දරන්නට ආරාධනා කරයි.

NATO හෙවත් උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය යුරෝපියානු රටවල් සහ උතුරු ඇමරිකානු රටවල් 30 ක් විසින් ඇති කර ගන්නා ලද අන්තර් ආණ්ඩු හමුදා සන්ධානයකි. 1049 අප්‍රේල් 4 වැනිදා බිහිවූ නේටෝ සංවිධානය, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රබල සංවිධානයක් ලෙස හඳුනා ගැනේ.

2017 – රොබට් මුගාබේ බලයෙන් ඉවතට

FILE PHOTO: Zimbabwe’s former president Robert Mugabe looks on during a press conference at his private residence nicknamed “Blue Roof” in Harare, Zimbabwe, July 29, 2018. REUTERS/Siphiwe Sibeko/File Photo TPX IMAGES OF THE DAY

2017 – සිම්බාබ්වේ හි නායක ධූරයේ වසර 37කට ආසන්න කාලයක්- මුලින් අගමැති ලෙස සහ අනතුරුව ජනාධිපති ලෙස – සිටීමෙන් අනතුරු ව රොබර්ට් මුගාබේ සිය තනතුරෙන් ඉවත් වෙයි. මේ එරට පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව දෝෂාභියෝග චෝදනා ගෙන ඒමත් සමග ය. රොබට් මුගාබේ ලෝකයේ වැඩිම කාලයක් ධුරයේ සිටි ඒකාධිපතියෙකු ලෙස වාර්තා පොත්වලට එක්ව සිටියි.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

3 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

5 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

10 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

10 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

10 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

10 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

24 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago