කාලීන

ප්‍රජාතන්ත්‍රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!

ඇලෙක්සි යනු රුසියාවේ ජනපති ව්ලැදිමිර් පුටින් ඇතුළු රුසියානු රජය වැඩි වශයෙන්ම විවේචනය කළ පුද්ගලයා යි. රජයේ අක්‍රමිකතා හා මානව විරෝධී ක්‍රියා ගණනාවක් පිළිබඳවම ඔහු නිතර වාචික වූ පුද්ගලයෙක්. 2014 වර්ෂයේ මුදල් විශුද්ධිකරණ චෝදනාවකට සිරගත කළ ඇලෙක්සි සිය පරිවාස කාලය උල්ලංඝනය කළේය යන චෝදනාව මත ඉකුත් වසරේ යළි සිරගත කිරීමට රජය කටයුතු කළා.

ඒ අනුව වසර දෙක හමාරක සිරදඬුවමක් විඳිමින් සිටි ඇලෙක්සි යළි වසර 13 කට සිරගත කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ වංචා හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.

ඇලෙක්සි ගේ නඩුකරය පවත්වා තිබෙන්නේ ඔහු දැනටමත් සිරගත කර තිබෙන රුසියාවේ මොස්කව් නගරයෙන් පිටත පවතින සිරකඳවුරකයි.

ඇලෙක්සි ගේ නවතම සිරදඬුවම අනුව, වසර 13 ක සිරගත කිරීමකුත්, තවත් වසර දෙකක පරිවාස කාලයකුත් ඔහුට ලබා දී තිබෙනවා. එමෙන්ම, රූබල් මිලියන 1.2 ක දඩයක් ගෙවීමට ද ඔහුට නියම කර තිබෙනවා. ඇලෙක්සිව දැඩි පාලන තන්ත්‍රයක් යටතේ සිරගත කරන ලෙස අදාළ දඬුවම නියම කළ අභිචෝදකයා ඉල්ලා තිබෙන අතර, එමඟින් ඔහු නැවත නැවතත් වැරදි කිරීම මත දැඩි දඬුවම් වලට ලක්වූ පුද්ගලයන් අතර තබනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අප සිරකර තැබුවත්, අප බියකිරීමට ඔබට බැහැ!

අදාළ සිරදඬුවම නියම කරන විට ඇලෙක්සි අධිකරණ පරිශ්‍රයේදී පවසා තිබෙන්නේ මෙවැන්නක්.

“ඔබලාට සෑම දෙනෙකුම හිරේ දමන්න බැහැ. ඔබ වසර 113 කට මා දැමුවත්, මා හෝ මා වන් අනෙකුත් අය බියවැද්දීමට ඔබට බැහැ.”

ඇලෙක්සි අධිකරණ පරිශ්‍රයේදී කියූ දෑ වීඩියෝ පටිගත කර මුදා හැරීමට මාධ්‍යවේදීන් කටයුතු කර තිබුනත්, එය සියලු මාධ්‍ය වලින් මකා දැමීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

පුටින්ගේ දරදඬු ක්‍රෙම්ලින් පාලනයට තිබෙන ප්‍රධානම බාධාව ඇලෙක්සිගේ බලවේගය බවත්, පුටින් බලයේ ඉන්නා තුරාවට ඇලෙක්සි සිරදඬුවම් විඳිනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

රුසියාව තුළ පමණක් නොව ලොබ බොහෝ රටවල් මේ වන විට පුටින් ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ යුක්රේන ආක්‍රමණයත් සමඟ. උද්ඝෝෂණ පැවැත්වීම පවා නීතියෙන් තහනම් රුසියාවේ පුටින්ට එරෙහි විවිධ ව්‍යාපාර ආරම්භ වී තිබුණු අතර, ඒවාට මූලිකත්වය දුන් කැපී පෙනෙන චරිතයක් ඇලෙක්සි.

ඇලෙක්සි ගේ මාධ්‍යප්‍රකාශක කිරා යාර්මිෂ් පවසන්නේ, ඇලෙක්සි කිසිඳු වැරැද්දක් ඔහුගේ ජීවිත කාලය තුළ කර නොමැති බවත්, ඔහු මෙසේ මර්දනයට ලක්කිරීමට රජය කටයුතු කරන්නේ ඇලෙක්සි සෑම විටම පුටින් ප්‍රමුඛ දරදඬු පාලනයට විරුද්ධව හඬ නැඟි නිසා බවත් ය.

ඇලෙක්සි ට එරෙහිව විමර්ශන දියත් කරන පුද්ගලයන් පවසන්නේ ඔහුගේ දේශපාලන ව්‍යාපාර සඳහා ලබා දුන් ඩොලර් මිලියන ගණනින් ඔහු පෞද්ගලික භාවිතය සඳහා සොරකම් කළ බවයි. කෙසේවෙතත්, ඇලෙක්සි යනු ඔහු සිරගත කිරීමට පෙර රුසියානු ප්‍රභූවරුන් සතු ධනස්කන්ධයන් පිළිබඳ තොරතුරු නිතර එළියට දැමූ වංචා දූෂණ වලට එරෙහිව සටන් කළ පුද්ගලයෙක්. ඇලෙක්සි ගේ දූෂණ විරෝධී ව්‍යාපාරය නිසා ඔහුගේ යූටියුබ් චැනලය පවා මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් විසින් නරඹා තිබෙනවා.

ඇලෙක්සි ඝාතනය කිරීමට සැලසුමක් දියත් වුනා ද?

මීට වසර දෙකකට ඉහත දී රුසියාවේ ටොම්ස් කි සිට මොස්කව් බලා පියාසර කරමින් සිටි ඇලෙක්සි හදිසියේ ම රෝගාතුර වී ගුවන් යානය හදිසි ගොඩබෑමක් කළ අයුරු ඔබට මතක ඇති. රෝහල් ගත කළ ඇලෙක්සි ගේ තත්ත්වය බරපතල වූ අතර, එය සිදුව තිබෙන්නේ විෂ ශරීරගත වීමකින් බවට පසුව නිගමනය වූවා. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීම් වලදී හා එම අවස්ථාවේ ඇලෙක්සි ගත් ආහාර පාන මත බොහෝ දෙනෙකු උපකල්පනය කළේ මෙය සිතා මතා ඇලෙක්සිගේ ජීවිතය තුරන් කිරීමට ගත් සූක්ෂම උත්සාහයක් බව.

එතැන් පටන් ජර්මනියේ වසරක කාලයක් පුනරුත්ථාපනයට ලක්වී නැවත පැමිණෙන ඇලෙක්සි රුසියානු රජය විසින් අත්අඩංගුවට ගැනෙන්නේ තම පරිවාස කාලය උල්ලංඝනය කළ බව පවසමින්. එතැනින් ද නොනැවතී ඇලෙක්සි ගේ දේශපාලන ව්‍යාපාර සියල්ල ත්‍රස්තවාදී ව්‍යාපාර බවට ප්‍රකාශයට පත්වීමක් ද සිදුවනවා. ඇලෙක්සි ට මූල්‍යාධාර ලබා දුන් බොහෝ පිරිසක් රුසියාවෙන් පිටව ගොස් ඇති බව ද පසුව වාර්තා වනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හිරේ දමා හුරේ දමන්නට අපිත් හුරුවෙමුද?

යුක්රේනය ආක්‍රමණය කිරීමට විරුද්ධව ඇලෙක්සි ගේ කණ්ඩායම නිතර සමාජ මාධ්‍ය ජාල වල කතා කළ අතර, රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ මෙම යුද්ධයට විරෝධය පළ කරන ලෙසයි. එය සෑම පුද්ගලයකුගේ ම යුතුකම බව ද ඇලෙක්සි අවධාරණය කර සිටියා.

මේ වන විට රුසියාවේ ස්වාධීන මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සියල්ලම පාහේ වසා දැමීමට රුසියානු රජය කටයුතු කර තිබෙනවා. රුසියානු රජය විවේචනය කරන සෑම දෙනෙකුටම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට මෙන්ම, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට අදාළව පුවත් වාර්තා කිරීමේදී රුසියාවට අවාසිදායක අන්දමට පුවත් වාර්තා කරන්නේ නම්, එවන් මාධ්‍ය ආයතන වසර 15 ක් දක්වා සිරගත කිරීමේ නව නීතියක් ද සම්මත කර තිබෙනවා.

ඒ අතරම සමාජ මාධ්‍ය වාරණය කරමින්, ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් හා විවිධ ස්වාධීන පුවත් වෙබ්අඩවි වලට සීමා පැනවීමට හෝ තහනම් කිරීමට ද රුසියාව කටයුතු කර තිබෙනවා. OVD-Info නම් ස්වාධීන නිරීක්ෂක අඩවියට අනුව, ගතවූ සති දෙක තුළ පමණක් රුසියාව පුරා යුක්රේන ආක්‍රමණයට විරුද්ධව ගොඩනැඟුනු පෙළපාලි වල ගමන්කළ පුද්ගලයන් 15,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇලෙක්සි නවල්නි ජාත්‍යන්තර අවධානය දිනාගනු ලැබුවේ දූෂණයට එරෙහිව හා රුසියානු ජනපති පුටින් සහ ඔහුගේ රජයට එරෙහිව ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම සඳහා රාජ්‍ය විරෝධී ව්‍යාපාර වලට මූලිකත්වය ලබා දීමෙන්. ඇලෙක්සි රුසියානු විපක්ෂ සම්බන්ධීකරණ කවුන්සිලයේ සාමාජිකයකු වන අතර, රුසියාවේ දූෂණ විරෝධී පදනමේ (FBK) නිර්මාතෘවරයා ද වනවා. ඔහුගේ දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට රුසියානු රජය විවිධ අවස්ථාවන්හී දී ක්‍රියාකර තිබෙනවා.

ප්‍රමෝද් චින්තක පීරිස්

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

11 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

14 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

15 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

1 day ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 day ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 day ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

3 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

3 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

3 days ago