පුවත්

පුටින් ඉරාන සංචාරයක. ඩොලර් මිලියන 40 සංවර්ධන ගිවිසුමක් අත්සන් කරයි.

යුක්රේන ආක්‍රමණයෙන් පසුව සිය දෙවන විදේශ සංචාරය ලෙස රුසියන් ජනාධිපති විලැමිඩර් පුටින් ඊයේ (19)දින ඉරානයට ගොස් තිබේ.
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිය මැද පෙරදිග සංචාරයේදී ඉරානයේ න්‍යෂ්ටික අවි අතිහදා බැලීම් පිළිබඳ දැඩි වාරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පුටින්ගේ ඉරාන සංචාරය ලෝකයේම අවධානයට ලක්ව තිබේ.

මෙහිදී පුටින් ජනාධිපතිවරයා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් හමුවනු ඇති අතර ධාන්‍ය අපනයනය පිළිබඳවත් සිරියාව සහ යුක්‍රේනය සම්බන්ධයෙනුත් නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කළ අතර සිරියාව, ඊශ්‍රායලය සහ දකුණු කොකේසස් වලට අමතරව ද්විපාර්ශ්වික වෙළඳාමෙන් එක්සත් ජනපද ඩොලරය ක්‍රමයෙන් ඉවත් කර ගත් බව වාර්තා වේ. එමෙන්ම මෙම සංචාරය හරහා දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් තීරණ රැසක් ගනු ලැබූ බව ද වාරතා වේ.

රුසියානු බලශක්ති දැවැන්තයා වන Gazprom ඉරානයේ රාජ්‍ය තෙල් සමාගම සමඟ ඩොලර් මිලියන 40 (පවුම් මිලියන 33) වටිනා නව සංවර්ධන ගිවිසුමක් අත්සන් කර තිබේ. තෙල් හා ගෑස් ක්ෂේත්‍රයන් සංවර්ධනය කිීම හා නගා සිටුවීම මෙහි අපේක්ෂාවන් බව කියැවේ. මෙහිදී දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා වලදී රුසියන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉරානය සහ රුසියාව අතර සබඳතා හොඳ වේගයකින් වර්ධනය වන බවත් ජාත්‍යන්තර ආරක්ෂාව, වෙළඳාම සහ සිරියාවේ අර්බුදය සමථයකට පත් කිරීම වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් වනු ඇති බවත්ය. එමෙන් ම රුසියාවට පසු ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික ගෑස් සංචිතය ඉරානය සතු නමුත් විදේශ ආයෝජන වලක්වා ඇති සම්බාධක හේතුවෙන් එහි යටිතල පහසුකම් පුළුල් කිරීමට පසුගාමී වී ඇත.


කෙසේ නමුත් දෙරට අතර වඩාත් සාර්ථක සාකච්ඡා වටයක් නිමා වී තිබේ. මේ සම්බන්ධයෙන් විචාරකයන් අනතුරු අඟවන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝගා රටවල්වලට එරෙහිව ඔවුන් විසින් විවිධ හේතුමත සම්බාධක පනවා දැඩිව පාලනය කිරීමට උත්සහ ගන්නා රටවල් එකමුතු වීම හොඳ තත්වයක් නොවන බවයි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

7 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

14 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

15 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

16 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

17 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

17 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago