ඩෙබ් හාලන්ඩ් (Deb Haaland) මෙවර කොංග්‍රසය වෙත තේරී පත් වී සිටින්නේ නිව් මෙක්සිකෝ ජනපදය නියෝජනය කරමිනි. ඇය එහි ආදිවාසී උරුමයේ පැතිකඩකි. ඇමරිකාව පුරා විසිරී සිටින ස්වදේශික ආදිවාසී ඇමරිකානු ජන කොටස්වල විශාල ප්‍රසාදයක් මේ නාම යෝජනාව නිසා බයිඩන් වෙත හිමිව තිබේ.
ඇගේ නාම යෝජනාව තහවුරු වූ පසුව ඇය ස්වදේශික ගැටළු පිළිබඳව සොයාබැලීම ද භාරව කටයුතු කරනු ඇත.
එසේම බයිඩන්-හැරිස් පාරිසරික ඇජෙන්ඩාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද ඇයට විශාල වැඩ කොටසක් පැවරෙනු ඇත.
60 හැවිරිදි හාලන්ඩ් මෙනෙවිය, කොංග්‍රසය සඳහා එදා මෙදාතුර පත් වී ඇති ආදිවාසී කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් ද වේ. ඇය කොංග්‍රසයට තේරී පත්වූයේ 2018 වසරේදී ය.
කථානායිකා නැන්සි පෙලොසි ඇයව විස්තර කළේ ‘‘කොංග්‍රසයේ වඩාත්ම ගරු කටයුතු සාමාජිකයෙකු‘ ලෙස ය.
ඇය මීට පෙර කොංග්‍රසයේ ස්වභාවික සම්පත් කමිටුවේ ද කටයුතු කර තිබේ.
ඉදිරියේදී ඇමරිකාවේ තිබෙන අක්කර මිලියන 500 ක් වන ෆෙඩරල් ඉඩම් ප්‍රමාණයක්, ජාතික වනෝද්‍යාන 62 ක්, ෆෙඩරල් ආණ්ඩුව විසින් නිල වශයෙන් පිළිගෙන ඇති ආදිවාසී ගෝත්‍ර 574 කට අයත් ස්වදේශික ඉන්දියානුවන් මිලියන 1.9 ක් දෙනා ගේ සුබසාධනය සහ යහපැවැත්ම ඇයට භාරවනු ඇති.
ඇයට මෙම තනතුර ලබාදීම සඳහා ආදිවාසී ගෝත්‍ර නායකයන් 120 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ අත්සන්වලින් යුක්ත පෙත්සමක් ද මේ වන විට භාර දී තිබේ.
Photo: Getty Images
පෙර ලිපිය
නවසීලන්තයේ ප්‍රථම ආදිවාසී විදේශ කටයුතු ඇමතිනිය – නානයියා මහුටා
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.