කාලීන

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් – සුසුම් සහ සැමරුම් මැද දේශප්‍රේමී ගීත!

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටා ඇති යුරෝපා සංගම් මූලස්ථානයෙන් මහා බ්‍රිතාන්‍යයේ ජාතික ධජය ඉවත් කර දමන ආකාරයයි.

බ්‍රෙක්සිට් නිසා මහා බ්‍රිතාන්‍යය තුළ සැමරුම් මෙන්ම සෝ සුසුම් ද දැකගත හැකි විය.

ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ උද්ඝෝෂණ

මහා බ්‍රිතාන්‍යය සමන්විත වන්නේ එංගලන්තය (එක්සත් රාජධානිය), ස්කොට්ලන්තය සහ වේල්සයෙනි. මේ අතරින් ස්කොට්ලන්තය සපුරාම බ්‍රෙක්සිට්වලට විරුද්ධව සිය මනාපය පළ කළ දේශභූමීන් ය.

මේ අනුව, බ්‍රෙක්සිට්වලට එකහෙළාම විරුද්ධ වූ, එනම් තමන්ට යුරෝපා සංගමය සමග සිටීමට අවශ්‍ය යැයි එක හඬින් කියා සිටි ස්කොට්ලන්තය පුරා, ශෝකය පළ කරමින් ඊයේ රාත්‍රියේ පහන් එළි විරෝධතා සිදුවිය.

මේ අතර, ස්කොට් ආණ්ඩුවේ ප්‍රධානියා හෙවත් Scotland’s First Minister වන නිකොලා ස්ටර්ජන්, යුරෝපා සංගම් ධජයේ ඡායාරූපයක් සමගින් ට්විටර් පණිවුඩයක් එක් කර තිබුණේ ස්කොට්ලන්තය නැවතත් යුරෝපයේ හදවත වෙතට යනු ඇති බව පවසමිනි. “Scotland will return to the heart of Europe as an independent country – #LeaveALightOnForScotland”

වෙන් වූ මහා බ්‍රිතාන්‍යෙයන් නිදහස ලබාගැනීම සඳහා ස්කොට්ලන්තයට ජනමත විචාරණයක් ලබාදෙන ලෙසට ද ඇය විසින් මේ වන විට ඉල්ලීමක් ඉදිරිපත් කරයි.

යුරෝපයෙන් ඉවත් වූ පසුව වේල්සය යුරෝපියානු රටක්ලු!

වේල්ස් ආණ්ඩුවේ ප්‍රධානී මාක් ඩ්‍රැක්ෆෝල්ඩ් පැවසුවේ වේල්සය තවදුරටත් ‘යුරෝපියානු ජාතියක්‘ ලෙස පවතිනු ඇති බවයි. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය පළ කළ පසුව ඔහු එසේ කියන්නේ කුමන පදනමකින්දැයි විචාරකයෝ ප්‍රශ්න කරති.

නයිජල් ෆෙරාජ්ගෙන් දේශානුරාගී ගී!

මේ අතර ‘බ්‍රෙක්සිටියර්ස්‘ (Brexiteers) හෙවත් බ්‍රෙක්සිට් සඳහා සහාය පළ කළෝ, ලන්ඩනයේ පිහිටි පාර්ලිමේන්තු චතුරස්‍රයේ රැස්ව ප්‍රීති ඝෝෂා සැමරූහ.

බ්‍රෙක්සිට් පක්ෂය විසින් කල් තබාම තැබෑරුම්, අවන්හල් ආදිය මේ අවස්ථාව සඳහා වෙන් කර ගෙන තිබූ අතර, ඒවායේ ඔවුහු සාද පැවැත්වූහ. නයිජල් ෆෙරාජ් ඇතුළු බ්‍රෙක්සිටියර්ස්ලා දේශප්‍රේමී ගීත ගයමින් උද්වේගකර කතා ද පැවැත්වූහ.

‘‘මේක නූතන ඉතිහාසයේ සහ අපේ ශ්‍රේෂ්ඨ ජාතියේ ශ්‍රේෂ්ඨ මොහොතයි‘‘ යැයි බ්‍රෙක්සිට් පක්ෂ නායක නයිජල් ෆෙරාජ් පැවසුවේය.

බොරිස් ජොන්සන්ගේ පණිවුඩය

බ්‍රෙක්සිට් සිදුවීමට හරියටම පැයකට පෙර සමාජ ජාල වෙත පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙසේ කීවේය.

‘‘බොහෝ දෙනෙකුට මෙය බලාපොරොත්තුවේ විස්මයජනක මොහොතයි. කිසිදා උදා නොවේ යැයි සිතූ මොහොතයි…

‘‘ඒ වගේම බොහෝ දෙනෙකුට මෙය කාංසාව සහ අහිමිවීම ගැන හැඟීමක් ගෙනැවිත් තිබෙනවා..

‘‘ඒ වගේම ඇත්ත වශයෙන්ම තුන්වැනි කණ්ඩායමකුත් සිටිනවා. ඒ තමයි, දේශපාලනික වියවුල් කිසිදා අවසන් නොවේවි කියා සිතන අය…‘‘

ඉන්පසු සුපුරුදු පරිදි යුරෝපා සංගමයට සහ එක්ව සිටීමට විරුද්ධව කතා කළ ඔහු පැවසුවේ, යුරෝපා සංගමය පරිණාමය වී තිබෙන්නේ මේ රටට නොගැළපෙන අවුරුදු 50 ක් පැරණි දිශාවකට බවයි.

ඉංග්‍රීසි ඕඩය දිගේ කේවල් කරන අසීරු යුගයක ඇරඹුම සහ දික්කසාද වූ නොගැළපෙන ජෝඩුව

පහත දැක්වෙන්නේ BBC දේශපාලන සංස්කාරක ලෝරා කුවන්ස්බර්ග් විසින් බ්‍රෙක්සිට් පිළිබඳ ඉදිරිපත් කරන දේශපාලන විග්‍රහයේ සාරාංශයකි.

‘‘යුරෝපා සංගමයෙන් ඉවත් වුවද, කිසි කතාවක් නැතිව මේ වසර අග වන තෙක් අප ඔවුන්ගේ රෙගුලාසි පිළිපැදිය යුතුය.

‘‘40 වසරකට අධික කාලයකට පසුව අපි වෙන්වෙන්නෙමු. නමුත් මතක තබා ගන්න, දැන් පවතින්නේත් කලින් තිබූ තත්වය (status quo)ම බව..

‘‘බ්‍රිතාන්‍යය – තවමත් එකම නිවස සහ එකම වියදම් බෙදා ගන්නා – අවසානයේ දික්කසාද වූ නොගැළපෙන ජෝඩුවකි..

‘‘අගමැතිවරයා විසින් නව යුගයක්, නව අළුයමක් ලෙස වර්ණනා කළද දැන් ඇරඹෙන්නේ ඉංග්‍රීසි ඕඩය දිගේ වෙසෙන අසල්වැසියන් සමග අසීරුවෙන් කේවල් කළ යුතු මාස ගණනකි…‘‘

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

4 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

4 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago