එසැණ පුවත්

බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

එක්සත් රාජධානිය තුළ පරිවර්තන චිකිත්සා (කන්වර්ෂන් තෙරපි), නැතහොත් ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ‘නිවැරදි’ කිරීම නම් සාවද්‍ය මනෝචිකිත්සක ක්‍රමවේදය තහනම් කිරීම පිළිබඳ කතිකාව කරලිය උණුසුම් කිරීමට සමත්ව තිබේ.

මීට ප්‍රධානතම හේතුව නම් වත්මන් බ්‍රිතාන්‍ය රජය 2018 වර්ෂයේ බලයට පත්වන විට මෙම හානිකර ව්‍යාජ මනෝචිකිත්සක ක්‍රමය තහනම් කරන බවට ප්‍රතිඥා ලබාදී මේ වන විට දින දහසක් ගතව තිබීමයි.

බ්‍රිතාන්‍ය රජයේ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මේ එල්ජීබීටී ප්‍රජාවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ කොටස යටතේ මෙසේ පරිවර්තන චිකිත්සා තහනම් කරන බවට ප්‍රකාශ කර ඇත.

එහෙත් අදටත් බ්‍රිතාන්‍යය තුළ එවන් තහනමක් පනවා නොමැත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිශ්චිත වශයෙන්ම බ්‍රිතාන්‍යය තුළ පරිවර්තන චිකිත්සා තහනම් කරන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, වරක අවධාරණය කර තිබුණේ එවන් තහනමක් පැනවීමට ප්‍රථම ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවයි.

කෙසේවෙතත්, මෑත දිනකදී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා තිබේ. එම ප්‍රතිචාරයේ සඳහන් වන්නේ මෙවැන්නකි.

“මා ඔබට නැවත සහතික කළ යුතුයි, භාෂනයේ නිදහස සහ ආගමික නිදහස මා බොහෝ බැරෑරුම් සෙයින් සලකනු ලබනවා. 2018 වර්ෂයේදී රජය විසින් පරිවර්තන චිකිත්සා අවසාන කරන බවට පළමු වරට පැහැදිලි ස්ථාවරයක් ලබා දුන් විට අප පවසා සිටියේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ගවේෂණය කරමින් සිටින වැඩිහිටියන් හට පල්ලි තුළ අවශ්‍ය නිසි පාස්ටර් සහාය (යාඥාකිරීම ඇතුළුව) සහ වෙනත් ආගමික කටයුතු සිදු කිරීමට අවසර ලබා දෙන බවයි. ඔබට වගේම, සාමාන්‍ය බලහත්කාරකමකින් තොර ක්‍රියාදාමයන් හට පල්ලියේ සාමාජිකයන් අපරාධකරුවන් වනු දැකීමට මා හට අවශ්‍යතාවයක් නැහැ.”

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ එක්සත් රාජධානිය පුරා ක්‍රිස්තියානි පල්ලි 3,500 නියෝජනය කරන එවැන්ජලිකල් අලයන්ස් නම් සිවිල් එකමුතුව විසින් නිකුත් කළ ලිපියකට ප්‍රතිචාර වශයෙනි.

මෙම ලිපිය යොමු කළ එවැන්ජලිකල් අලයන්ස් එකමුතුවේ අධ්‍යක්ෂ පීටර් ලයිනාස් මහතා ආගම නිසා එල්ජීබීටී ප්‍රජාව හට වෙනස්කොට සැලකීම් සහ කොන්කොට සැලකීම් සිදුව ඇති බවට පිළිගෙන ඇති අතර, විදුලි සැර ඇල්ලීම, බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කිරීම වැනි අන්තවාදී පරිවර්තන චිකිත්සා ක්‍රම වැරදි බව ද පිළිගෙන තිබේ.

කෙසේවෙතත්, සම්පූර්ණයෙන්ම පරිවර්තන චිකිත්සා තහනම් කිරීම ප්‍රශ්න සහගත බවත්, එමඟින් පල්ලියේ දෛනික කටයුතු පවා සාපරාදී වරද යටතට වැටෙනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනුව, ලිංගික දිශානතිය අරඹයා පුද්ගලයකු හට තම ජීවිතය තෝරා ගැනීමේ අයිතියක් ඇති බවත්, ඔහු එහිදී වෙනතකට යොමුවීමට ආගමික සහාය පතන්නේ නම් ඊට බාධා නොකළ යුතු බවත් තම ලිපිය හරහා පීටර් ලයිනාස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේවෙතත්, පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව සාමාන්‍ය ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක තත්ත්ව මත පුරෝකථනය වන පසුබිමක පරිවර්තන චිකිත්සාව නම් සංකල්පය පවා මුළුමනින්ම බැහැර කළ යුතු බවයි මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මනෝවෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශය මේ වන විටත් බ්‍රිතාන්‍යය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ පරිවර්තන චිකිත්සා බ්‍රිතාන්‍ය නීතිය තුළ තවමන් නීත්‍යානුකූල ව තිබෙන පසුබිමක මෙවන් ලිහිල්භාවයක් පෙන්වීම තුළින් එල්ජීබීටී ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම්, හිංසනයන් සහ කොන්කොට සැලකීම් වල ඉහළයාමක් මිස පහළ යාමක් සිදුනොවන බවයි.

Share

Recent Posts

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

5 hours ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

6 hours ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

1 day ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

2 days ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

2 days ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

2 days ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

2 days ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

2 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

2 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

3 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

3 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

4 days ago