කාලීන

මහා වසංගතයක පීඩනය දරා ගැනීම

 ඒ නිසාම දරුවන් හා වැඩිහිටියන්ට බලවත් චිත්තවේග ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය නිසි පරිදි පාලනය කිරීම ඔබවත්, ඔබේ ආදරණීයයන්වත්, ඔබේ සමාජයත් වඩාත් ශක්තිමත් කරනවා.

පුද්ගලයන් ලෙස ගත්විට අප එකෙනෙකා පීඩාකාරී වාතාවරණයන්ට මුහුණදෙන ආකාරය වෙනස්. ඔබ මේ වසංගතයේ පැතිරීම ගැන දක්වන ප්‍රතිචාරය ඔබේ පසුබිම මත, ඔබව සමාජයේ අන් අයගෙන් වෙන්කොට දක්වන යම් සාධක මත, ඔබ ජීවත් වන සමාජය මත තීන්දු වෙනවා.

අර්බුදයකදී ඇතිවෙන මානසික ආතතියෙන් වැඩිම බලපෑමක් එල්ල වන පුද්ගලයන් වන්නේ:

  • COVID-19 ආසාදනයට ලක්වීමේ වැඩි අවදානමක් සහිත අය වන වයෝවෘද පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ය
  • දරුවන් සහ යෞවනයන්
  • COVID-19 මැඩපැවැත්වීමට දායක වන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට
  • මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඇතුළු මානසික ගැටලුවලින් පෙළෙන පුද්ගලයන්

වසංගතය ව්‍යාප්ත වන අතරතුර ඇතිවන මානසික ආතතියේ ලක්ෂණ

  • තමාගේ සෞඛ්‍යය ගැනත්, තම ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැනත් නිරතුරුවම බියකින්, චකිතයකින් පසුවීම
  • නිදාගැනීමේ සහ ආහාරගැනීමේ රටා වෙනස්වීම.
  • නිදාගැනීම සහ අවදානය යොමුකිරීම දුෂ්කර වීම
  • නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වීම
  • ඇල්කොහොල්, දුම්කොළ හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම

දැනටමත් කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන් කලට වේලාවට ඖෂධ ලබාගැනීමත්, අලුතෙන් රෝග ලක්ෂණ පහලවීම හෝ පවතින රෝග ලක්ෂණ උග්‍ර වීම ගැන දැනුවත්ව සිටීමත් ඉතා වැදගත්. මේ ගැන වැඩිදුර තොරතුරු මත්ද්‍රව්‍ය නිවාරණය සහ මානසික සුවතාව පිළිබඳ ජාතික අධිකාරියේ (Substance Abuse and Mental Health Services Administration (SAMHSA) ) වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

තමන්වත්, පවුලේ අය සහ මිතුරන්වත් රැකබලාගැනීම මානසික ආතතිය සමනය කරගන්න උපකාරී වෙනවා. අන් අයට මානසික ආතතිය සමනය කරගන්න උපකාර කිරීමෙන් ඔබේ ප්‍රජාව වඩාත් ශක්තිමත් වෙනවා.

ඔබට, ඔබේම යහපත වෙනුවෙන් මේ දේවල් කරන්න පුළුවන්

  • සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය හරහා නවතම ප්‍රවෘති කියවීම, නැරඹීම හෝ සවන්දීම මදකට නවත්වන්න. මේ වසංගතය ගැන නිරතුරුවම අසන්නට ලැබීමත් පීඩාකාරී වෙන්න පුළුවන්.
  • ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. හොඳින් හුස්ම ගන්න, ව්‍යායාම කරන්න, නැතිනම් භාවනා කරන්න. හැමවිටම සෞඛ්‍ය සම්පන්න, සමබල ආහාර වේලක් ගන්න. නිරතුරුවම ව්‍යායාම කරන්න. ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙන්න.
  • විවේකයෙන්, සැහැල්ලුවෙන් ගතකිරීම සඳහ කාලය වෙන් කරගන්න. ඔබට සතුට ගෙන එන ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
  • අන්‍යන් සමග සම්බන්ධ වෙන්න. ඔබේ හැඟීම්, ගැටලු, ඔබේ විශ්වාසනීයයන් සමග බෙදා හදගන්න.

ඔබේ එදිනෙදා කටයුතුවලට අවහිරයක් වෙන අන්දමට ඔඅබ නොකඩවා දින කිහිපයක්ම මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් සෞඛ්‍ය සේවා සපයන්නන්  සමග සම්බන්ධ වෙන්න.

ඔබගේත්, අන් අයගේත් මානසික පීඩාව අවම කරගන්නා ආකාරය

COVID-19 ආසාදනය ගැන නිවැරදි තොරතුරු බෙදාහදාගැනීමත්, ඔබත් ඔබේ හිතවතුනුත් මුහුණ දී සිටින සැබෑ අවදානම ගැන දැනුවත් වීමත් මේ රෝග ව්‍යාප්තිය නිසා ඇතිවන ආතතිය අවම කරගැනීමට උපකාරී වෙනවා.

COVID-19 පිළිබඳ නිවැරදි තොරතුරු බෙදාහදාගැනීමෙන් ඔබට අන් අයට ඔවුනගේ ආතතිය දුරු කරගන්න සහය වෙන්නත්, ඔවුන් සමග යහපත් සම්බන්ධතා ගොඩනගාගන්නත් අවස්ථාව හිමිවෙනවා.

ඔබේ මානසික සෞඛ්‍ය රැකගන්න ආකාරය ගැන තවදුරටත් දැනුවත් වෙන්න.

දෙමාපියන්ට උපදෙස්

කුඩා දරුවන් සහ නව යෞවනයන් ප්‍රතිචාර දක්වන එක් අංගයක් ලෙස ඔවුන් අවට සිටින වැඩිහිටියන් කරන කියන දේවල් නැතිනම් ඔවුන් වැඩිහිටියන් තුළින්  නිරීක්ෂණය කරන හැසිරීම දැක්විය හැකියි. ඉතින් දෙමව්පියන් COVID-19 අර්බුදයට සන්සුන්ව මුහුණ දෙනවා නම්, ඒ තමයි දරුවන්ට සහයෝගය දක්වන්න, ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳම ක්‍රමය. දෙමව්පියන් මේ ගැන දැනුවත් නම්, ඔවුන්ට අන් අය තුළ (විශේෂයෙන්ම දරුවන් තුළ) විශ්වාසය ගොඩනගන්න පුළුවන්.

කුඩා දරුවන් සහ යෞවනයන් සියලුදෙනාම් මානසික ආතතියට ප්‍රතිචාර දක්වන්නේ එකම ආකාරයට නොවේ. මේ පොදුවේ නිරීක්ෂණය කළ හැකි හැසිරීම් කිහිපයක්.

    • කුඩා දරුවන් අධික ලෙස හැඬීම හෝ නොරුස්සන ස්වභාවයෙන්(අසහනයෙන්) පසුවීම
    • (ඇඳ තෙමීම, ඉබේටම මළ මුත්‍ර පහවීම වැනි) කාලයකට පෙර මගහරවාගත් වයසට වඩා ළදරු හැසිරීම් නැවතත් පළකිරීම
    • අධික බියකින් හෝ සාංකාවකින් පසුවීම
    • ආහාර ගැනීමේ හෝ නිදාගැනීමේ සෞඛය සම්පන්න නොවන චර්යාවන්
    • යෞවනයන්ගේ අසහනකාරී සහ ‘හදිසියේ දැඩිව ආවේග පිටකිරීම’  වනි හැසිරීම්රටා
    • පාසල් වැඩකටයුතුවල ප්‍රගතිය අඩාලවීම හෝ පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම
    • අවධානය යොමුකිරීමට අසීරු වීම
    • වෙනදා කැමැත්තෙන් නිරතවුණු ක්‍රියාකාරකම්වලින් ඈත්වීම
    • හේතුවක් රහිත හිසරද, ශාරීරික වේදනා
    • මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය භාවිතය

ඔබේ දරුවන්ට සහය වෙන්න ඔබට කළ හැකි දේවල් බොහොමයි

  • COVID-19වසංගතය ගැන දරුවා සමග කතාබස් කරන්න. ඔබේ දරුවන්ට වටහාගත හැකි ආකාරයෙන්, සරලව පැහැදිලි කරන්න.
  • ඔබේ දරුවා සුරක්ෂිත බව ඔවුන්ට පහදා දෙන්න. ඔවුන් කනස්සල්ලෙන් පසුවීම ගැන වරදකාරී හැඟීමක් ඇති කර ගත යුතු නැති බව පෙන්වාදෙන්න. ඔබ මානසික ආතතිය සමනය කරගන්නා ආකාරය ඔවුන්ට පැහැදිලි කරන්න. ඔවුන් ආතතිය පාලනය කරගන්න හැටි ඔබෙන් ඉගෙනගනීවි.
  • විපත්තිය ගැන මාධ්‍යයෙන් විකාශය වෙන ප්‍රවෘත්ති පවුලේ අයට නිතර බලන්න සලස්වන්න එපා. දරුවන් ඔවුන්ට ඇසෙන දේ වරදවා වටහාගන්නත්, ඔවුන්ට නොතේරෙන දේ ගැන අනවශ්‍ය බියක් ඇතිකරගන්නත් පුළුවන්.
  • සාමාන්‍ය දින චරියාව පවත්වාගෙන යන්න උත්සහ කරන්න. පාසල් වසා ඇත්නම් අධ්‍යයන කටයුතුවලටත්, විනෝද ක්‍රියාකාරකම්වලටත් කාලසටහනක් සකසාගන්න.
  • දරුවන්ට යහපත් ආදර්ශයක් වෙන්න. විවේකය, නින්ද, ව්‍යායාම, ආහාර ප්‍රමාණවත් තරමින් ලබාගන්න. පවුලේ සාමජිකයන් සහ මිතුරන් සමග සම්බන්ධවන්න.

දරුවන්ට ආතතිය සමනය කරගන්න සහය වෙන ආකාරය ගැන තවදුරටත් දැනුවත්වෙන්න.

සහය දක්වන්නන්ට උපදෙස් (For responders)

COVID-19 අර්බුදයට මුහුණදුන් අයට අතහිත දෙන ඔබටත් ඒ කාර්යය චිත්තවේගීව පීඩාකාරී වෙන්න පුළුවන්. ඔබට ද්විතීක කම්පන ආතතිය (secondary traumatic stress- STS) අවම කරගන්න ක්‍රම කිහිපයක් තිබෙනවා.

    • පීඩාකාරී සිදුවීමකට මුහුණදුන් පවුලකට උපකාරී වෙන අයටත් STS ඇතිවෙන්න පුළුවන් බව හිතට ගන්න
    • STS තත්වයකදී ඇතිවිය හැකි කායික (තෙහෙට්ටුව, රෝගීබව) සහ මානසික (බිය, හුදෙකලා වීමට තැත් කිරීම, වරදකාරී හැඟීම් ඇතිවීම) ලක්ෂණ ගැන දැනුවත් වෙන්න.
    • වසංගතයට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව හිත එකලස් කරගන්න, තිතට විවේකය ගන්න ඔබටත්, ඔබේ පවුලේ අයටත් ඉඩක් ලබාදෙන්න.
  • මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමග කාලය ගතකිරීම, ව්‍යායාම කිරීම, පොතපත කියවීම වැනි ඔබ ප්‍රියකරන කටයුතු සඳහා කාලය වෙන් කරගන්න.
  • COVID-19 ගැන මාධ්‍ය ප්‍රචාරවලින් මදකට ඈත් වෙන්න.
  • COVID-19 හේතුවෙන් ඔබ අසහනයට පත්වී සිටිනවා නම්, එමෙන්ම වසංතයට පෙර කළ මට්ටමින් ඔබේ පවුලේ අය සහ රෝගීන් රැකබලාගැනීම තවදුරටත් අසීරු බවක් දැනෙනවා නම් නොපැකිලිව උපකාර ඉල්ලන්න.

අතහිත දෙන ඔබ වෙනුවෙන් වැඩිදුරටත් උපදෙස් දැනගන්න

නිරෝධායනයට ලක්වී නිදහස්වූවන් සඳහා

ඔබ රෝගයට ගොදුරු නොවුණත්, රෝගකාරකයට නිරාවරණය වී ඇතැයි වෛද්‍යවරු සැකකිරීම නිසා අන් අයගෙන් වෙන් වීමට සිදුවීම පීඩාකාරී අත්දැකීමක් බව ඇත්තයි. නිරෝධායනයෙන් පසුව අප එකිනෙකාට ඇතිවෙන හැඟීම් තරමක් වෙනස්.  ඒ අතරින් කිහිපයක් මේ:

  • නිරෝධායනයෙන් පසුව යම් සහනයක් දැනීම ඇතුළුව එකිනෙකට පරස්පර හැඟීම් ඇතිවෙන්න පුළුවන්.
  • (නිරෝධායනයට පසුව) ඔබේ සෞඛ්‍ය සහ ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැන පවතින බිය
  • COVID-19 රෝග ලක්ෂණ හඳුනාගැනීම සඳහා ස්වයං පරීක්ෂාව හෝ අන් අය විසින් පරීක්ෂාවට ලක්වීම නිසා ඇතිවන අසහනය
  • ඔබට රෝගය වැළඳී නැති බව තහවුරු වුණත් මිතුරන් සහ ආදරණීයයන් ඔබ කෙරෙන් රෝගය බෝ වේ යැයි දක්වන අනියත බිය නිසා ඇතිවන දුක, කෝපය සහ කලකිරීම
  • නිරෝධායනයට ලක්වූ කාලසීමාව තුළ එදිනෙදා වැඩකටයුතුවල නිරත වීමට සහ දරුවන් රැකබලාගැනීමට නොහැකි වූ නිසා ඇතිවන වරදකාරී හැඟීම.
  • වෙනත් චිත්තවේගීය හෝ මානසික වෙනස්කම්.

ඔවුන් හෝ ඔවුන්ගේ ආදරනීයයෙකු නිරෝධායනයට ලක්වී නිදහස් වුණා නම් දරුවන්ටත් අසහනය, තදබල චිත්තවේග දැනෙන්න පුළුවන්. ඔබේ දරුවාට සවියක් වෙන්න ඔබට පුළුවන්…

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ කෙන්ද්‍රයන්(Centers for Disease Control and Prevention) වෙබ් අඩවියේ Manage Anxiety and Stress: Stress and Coping නම් ලිපිය ඇසුරෙන් සකස් කළෙ තතු හි අරුන්දි ජයසේකර.

– Thathu.com

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

7 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

10 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

11 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

1 day ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 day ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 day ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 day ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago